Tuesday, July 19, 2011

Ccleaner

අද මම කතාකරන්නේ බොහොම ප්‍රසිද්ධ මෘදුකාංගයක් වන CCleaner ගැන. මේ මෘදුකාංගය නිපදවන‍්නේ Piriform නැමති සමාගමයි. මෙහි 3.8 වන සංස්කරනය ඔබට මොවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලයේ භාගත කර හැකියි. නැතිනම් මෙහි දායකත්ව සංස්කරණයක් වුවද මිලයට ගත හැකියි.



මෙය භාගත කල පසු මේ අයුරින් දිස් වේවි.


දැන් මෙහි Setup වැඩසටහන ධාවනය කිරීමෙන් ඔබට මෙම සංවාද කොටුව දැකිය හැකිවේ. ඔබ භාවිතා කරන භාෂාව තෝරා OK මත ක්ලික් කිරීමෙන් ඉදිරියට යන්න.


මීලගට ඔබ දැනට යම් මෘදුකාංගයක් භාවිතා කරන්නේ නම් තාවකාලිකව එය වසා දමන ලෙස මෙම මෘදුකාංගය ඉල්ල සිටිනවා. එය අත්‍යාවශ්‍ය නොවූවත් එය සිදුකිරීමෙන් යම් අවධානමක් ලහව යනවා. මන්ද සමහර මෘදුකාංග මෙම Installation ක්‍රියාවලියට අවහිර විය හැකියි. මෙහි ඇති Next බොත්තම ක්ලික් කිරීම මගින් මීලග අවස්ථාවට යා හැකියි.


මෙය මොවුන්ගේ Licence Agreement එකයි. මෙය අවධානයෙන් කියවා එයට එකග නම් පමණක් I Agree යන බොත්තම මත ක්ලික් කරන්න. එවිට මෙම රූපයේ දැක්වෙන සංවාද කොටුව දැකගත හැකියි.


මෙහි දැක්වෙන්නේ මෙම මෘදුකාංගයට අවශ්‍ය මූලික සැකසුම් කීපයක්. මෙහි පළමු, දෙවන, තෙවන හා සිව්වන විධාන සක්‍රියව තැබීම සුදුසුයි. තමාට අන්තර්ජාල සබදතාවක් තිබේ නම් හා මෙම මෘදුකාංගය යාවත්කාලීන (Update) සිදුකිරීම අවශ්‍ය නම් අවසන් විධානය සක්‍රීයව තැබිය හැකියි. එනමුත් මට මෙම මෘදුකාංගය යාවත්කාලීන කිරීම අවශ්‍ය නොවන නිසා මම එම විධානය අක්‍රීයව තබනවා. ඉන් පසු මෙහි ඇති Install යන බොත්තම ක්ලික් කිරීම මගින් අපට මෙම මෘදුකාංගය පරිගණකයේ පිහිටවා ගත හැකියි.

අවසාන‍යේ මෙම තිරය අපට දර්ශණය‍ වේවි. එය Finish යන්න මගින් අවසන් කරන්න.


එවිට CCleaner මෘදුකාංගය අපට මේ අයුරින් දිස් වේවි.


මෙහි මුලින්ම දක්නට ලැබෙන්නේ Temp File වැනි පරිගණකයට අනවශ්‍ය ගොනු මකා දැමිය හැකි අවස්ථාවක්.
එය මේ අකාරයෙන් දිස් වෙනවා.


එහි ඇති Analyze යන බොත්තම ක්ලික් කිරීම මගින් අපට අයගේ පරිගණකයේ රැදී ඇති අනවශ්‍ය ගොනු සෙවිය හැකියි. එය මේ අයුරින් දිස් වේවි.


දැන් මෙහි ඇති Run cleaner විධානය මගින් අපට එම ගොනු ඉවත් කල හැකියි. මෙහිදී අලට දන්වනවා මෙම ගොනු ඉවත්ව යන බව. එය OK කිරීම මගින් අපට කරදරයක් වී ඇති ගොනු ඉවත්ව යනවා.

මෙහි දෙවනුව ඇති විධානය මගින් අපගේ Registry යේ ඇති දෝශ නිරාකරනය කල හැකියි. පළමුව Scan for Issuse විධානය ලබා දෙන්න. එවිට අපගේ Registry හි ඇති හදුනාගත හැකි දෝශ පෙන්වනු ඇත. මීලගට Fix selected issue... යන විධානය මගින් එම දෝශ නිරාකරනය කල හැකියි. මෙහිදී මෙම කොටසේ Backup එකක් තබාගැනීමටද පහසුකම් ලබාදී තිබෙනවා.


මෙහි මීලගට ඇති Tools නම් විධානය මගින් අපට පහසුකම් රැසක් ලබාදීමට මෙම මෘදුකාංග නිර්මාණකරුවන් කටයුතු යොදා තිබෙනවා. මෙහි ඇති Uninstall යන කොටසේ පෙන්වන මෘදුකාංග අපගේ පරිගණකයෙන් ඉවත් කල හැකියි. එමෙන්ම සමහර මෘදුකාංග ඉවත් කල පසුද විවිධ දෝශ නිසා මෙහි පෙන්වනවා විය හැකියි. එය Delete entry යන විධානයෙන් ඉවත් කල හැකියි.
මීලගට ඇති Startup යන විධානය නම් බොහොමයක් දෙනාට සැනසිල්ලක් වනු ඇත. මන්ද එම විධානය මගින් අපගේ පරිගණකයේ ආරම්භය සමග ආරම්භ වෙන මෘදුකාංග එසේ ආරම්භ වීම නැවැත්විය හැකියි. නමුත් මෙහි සමහර විධාන නැවැත්වීම යම් යම් ක්‍රියාවලීන්ට අවහිරයක් විය හැකියි. උදාහරණ ලෙස ඔබ භාවිතා කරන්නේ Windows Xp නම් හා පරිගණකයට සිංහල සහය ස්ථාපනය කර තිබෙනවානම් Cftmon.exe නම් විධානය අක්‍රීය කිරීම මගින් සිංහල සහය ආරම්භ නොවී තිබීමට පුළුවනි. එම නිසා මනා අවධානයකින් මෙම විධාන භාවිතා කරන්න.





මෙහි අවසානයේ දක්වා ඇත්තේ මෙම මෘදුකාංගයට අදාල සැකසුම් වේ. මෙම මෘදුකාංගය ධාවනය කල යුතු ආකාරය, මෙහි ඉවත් නොකර තබාගත යුතු Cookies වැනි සැකසුම් මෙහිදී සැකසිය හැකියි. මෙහි ඇති සැකසුම් ඔබට අවශ්‍ය පරිදි සැකසිය හැකියි.

ඉතින් මන්දගාමී ඔබේ පරිගණකය මෙම මෘදුකාංගය හරහා වේගවත් කරගන්න තවත් ප්‍රමාද වන්න එපා.

(සැ.යු-මෙහි ඇති යම් කිසි ක්‍රියාකාරකමක් අනවබෝධයෙන් ක්‍රියාකරවීමෙන් ඔබගේ උපකරනවලට හෝ මෘදුකාංග වලට යම් හානියක් වුවහොත් රචකයා වගනොකියන බව සැලකුව මනාය)

Categories:

0 දෙනෙක් මොනවා හරි කියලා:

Post a Comment

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑