Thursday, July 28, 2011

මුළු විශ්වයම එකම තැනින් Extract කර ගන්න.

අද මම කියන මේ මෘදුකාංගය බොහෝ දෙනාට අතිශයින්ම ප්‍රයෝජනවත් මෘදුකාංගයක් වනවාට කිසිදු සැකයක් නැහැ. මේකේ නම Universal Extractor. මෙම මෘදුකාංග නිපදවලා තියෙන්නේ Jared Breland කියන පුද්ගලයා. යොදාගෙන තියෙන්නේ AutoIT කියන පරිගණක භාෂාව. මේ මෘදුකාංගය මට නම් ඉතාමත් වැදගත් මෘදුකාංගයක්. මෙය කියවලා මෙම මෘදුකාංගය ගැන දන්නා අයෙකු වීමට ඔබටත් පුළුවන්.



මම මේ උදාහරණයට භාවිත කරන්නේ 1.6 වන සංස්කරණය. දැන් මීට වඩා අළුත් සංස්කරණයක් ඔබට මෙම සමාගමේ වෙබ් අඩවියෙන් භාගත කරන්න පුළුවන්.

මේ තියෙන්නේ මගේ භාගත කල වැඩසටහන. දැන් මෙය දෙවරක් ක්ලික් කරන්න. එවිට මෙම කොටුව දිස්වේවි.

මෙහිදී විවෘතව ඇති මෘදුකාංග සියල්ල වසා දමන ලෙසින් ඉල්ලීමක් සිදුකරනවා. එය සිදුකර මෙහි ඇති Next බොත්තම මත ක්ලික් කරන්න.

දැන් මෙය ස්ථාපනය විය යුතු ස්ථානය ගැන විමසීමක් සිදුකරනවා. මෙහි දක්වා ඇති ස්ථානයට වඩා වෙනස් ස්ථානයකට මෙය ස්ථාපන විය යුතු නම් Browse බොත්තම ක්ලික් කිරීමෙන් එය තෝරා දිය හැකියි. ඉන්පසු Next බොත්තම ක්ලික් කරන්න.

එවිට මෙම කොටස විවෘත වී සහය දැක්විය යුතු ෆයිල් වර්ග ගැන විමසීමක් කරනවා. සම්මත අයුරින්ම එය මෙසේ තිබීම උචිතයි. එවිට මෙමගින් වැඩි කාර්යක්ෂම තාවයකින් වැඩකටයුතු සිදුකල හැකියි. මීලගට Next බොත්තම මත ක්ලික් කරන්න.

දැන් ලැබෙන කොටසේ සැකසුම් ඒ අයුරින්ම තබා Next යන බොත්තම මත ක්ලික් කරන්න.

මේ කොටසේ දක්නට ඇත්තේ මෘදුකාංගය සම්භන්ධ සැකසුම්. මෙහි ඇති සියල්ලත් එලෙසම තැබීම සුදුසුයි. පසුව මෙම මෘදුකාංගය හරහා මෙම සැකසුම් නැවත සැකසිය හැකියි.

දැන් විවෘත වන කොටුවේත් ඇත්තේ මෘදුකාංගය හා සම්භන්ධ සැකසුම්. ඒවාත් එම අයුරින්ම තබා Next යන බොත්තම මත ක්ලික් කරන්න.

දැන් විවෘත වූ මෙම කොටුව ඔබගේ සැකසුම් පෙන්වනු ලබනවා. ඒවා සියල්ල නිවරදි නම් Install යන්න මත ක්ලික් කරන්න.

දැන් ස්ථාපනය අවසන් වූ පසු Finish යන්න මත ක්ලික් කරන්න.

දැන් මෙම මෘදුකාංගය ස්ථාපනය කර අවසන්.

මම මේ උදාහරණය සදහා උපයොගී කරගන්නේ  Ubuntu Wine වැඩසටහනට අදාල *.deb යන ෆයිල් එකක්. නමුත් මතක තබාගන්න මෙයින් බොහෝ ෆයිල් වර්ග Extract කල හැකියි. අදාල Extract කල යුතු ෆයිලය මත රයිට් ක්ලික් කරන්න. එවිට ලැබන මෙනුවෙන් UniExtract Files... යන්න මත ක්ලික් කර මෙම කොටුව ලබා ගන්න.

එහි ඇති OK යන්න ක්ලික් කිරීමෙන් මෙම ෆයිලය පිහිටි ස්ථානයේම Extract කර ගත හැකියි. එසේත් නොමැති නම් Destination Directory යන්න මගින් අවශ්‍ය ස්ථානයක් තෝරා දිය හැකියි.

එවිට මෙසේ එම ෆයිලය Extract වෙනු දැකිය හැකියි.

(සැ.යු-මෙහි ඇති උපදෙස් අනවබෝධයෙන් ක්‍රියා කරවීම නිසා ඔබගේ මෘදුකාංග හෝ දෘඩාංග වලට යම් හානියක් සිදුවුවහොත් රචකයා වග නොකියන බව සැලකුව මනාය)

Categories:

4 comments:

  1. winrar වලයි මේකෙයි ලොකු වෙනසක් නැහැ නේද .....

    ReplyDelete
  2. @පන්සල් හන්දිය
    නෑ තියෙනවා වින් රාර් වලින් මේ තරම් ෆයිල් වර්ග ගොඩක් Extract කරන්න බෑ

    ReplyDelete
  3. thanks............

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑