Wednesday, July 27, 2011

Facebook වලදී Username එකක් තමාගේ ප්‍රොෆයිල් එකට ලබාගන්න

මේක මම මුලින්ම උදාහරණයකින්ම පටන් ගන්නම්. මගේ FB ප්‍රොෆයිල් එකේ පරිශිලක නාමය http://www.facebook.com/sdglhm මේක සාමාන්‍යයෙන් තියෙන්නේ අමුතුම අංක ගොඩක් තියන වෙබ් ලිපිනයක් වගේ නමුත් තමාගේ ප්‍රොෆයිල් එකටත් මේ වගේ නාමයක් නැත්නම් මේන්න මේ ක්‍රමයට එකක් හදාගන්න පුළුවන්.

මුලින්ම හිතට ගන්න ඕන මේක ගොඩක් අවදානමින් කරන්න ඕන වැඩක් කියලා. මොකද දන්නවාද, එක පාරක් පරශිලක නාමයක් ලබාගත්තට පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. ඒක නිසා මුලින්ම මොකක්ද තමාගේ පරිශිලක නාමය වෙන්න උවමනා කියලා තීරණය කරන්න. දැන් මුලින්ම මේක සම්පූර්ණයෙන්ම කියවන්න.

මුලින්ම ෆේස්බුක් ගිනුමට ඇතුල් වෙන්න. දැන් මෙන්න මේ ලින්ක් එක මගින් Facebook පරිශිලක නාම පිටුවට යන්න. එහි උඩින්ම තියෙන User Name කියන තැනින් තමන්ට අවශ්‍ය User Name එකක් හෝ ෆේස්බුක් විසින් තෝරාදෙනු ලබන User name එකක‍් තෝරා Check Availability කියන තැනින් එම නාමය භාවිතා කිරීමට ඇති හැකියාව සලකා බලන්න. මෙම නාමය භාවිතා කල නොහැකි යයි පැවසේනම් වෙනත් නාමයක් තෝරා දෙන්න. ඉන් පසු Facebook විසින් ස්වංයක්‍රීයව මෙම නාමය ඔවුන්ගේ දත්ත අතරට එකතු කරනු ඇති.

තමන්ගේ Page එකට පරිශීලක නාමයක් යොදා ගැනීම අසීරු වන්නේ එයට Fan's සංඛ්‍යාව 25 ක අවමයක් විය යුතු නිසාය.
http://www.facebook.com/pages/Creations-inc/203395226358322

Categories:

1 comment:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑