Saturday, July 23, 2011

Jet Audio

අද මම කියන්නේ කොහොමද Jet Audio කියන මෘදුකාංගය භාවිත කරලා *.mp3 කියන ෆයිල් එකකට Tag එකක් ඇතුලත් කරගන්නේ කියලා. මේකට මම පාවිච්චි කරන්නේ ජෙට් ඕඩියෝ වුනත් තවත් මේ වගේ Tags එකතු කරන්න පුළුවන් මෘදුකාංග MP3 tag makers වගේ සෙවුමක් පාවිච්චි කරලා ගූගල් වලින් හොයාගන්න පුළුවන්. හැබැයි මේ වැඩේ එක කොන්දේසියක් නම් තියනවා. ඒක තමයි මේකට අපි පාවිච්චි කරන සිංදුව Mp3,WMA  කියන ෆයිල් එකක් වෙන්න ඕනි. මේක ලොකු ප්‍රශ්ණයක්නම් වෙන එකක් නෑ. මොකද අපි ගාව තියන ගොඩක් සින්දු තියෙන්නේ මේ ෆයිල් ෆෝමැට් එකෙන්.





හරි මුලින්ම Jet Audio පරිගණකයට ඇතුලත් (Install) කරගන්න ඕනේ. මම ඒක මේ බ්ලොග් එකේ ලියන්නේ නෑ. මොකද මම හිතනවා ඔය හැම දෙනාටම ඒක පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වන සිංදුවේ Lyrics හා Tags හොයාගන්න ඕනේ. මම මේකට පාවිච්චි කරන්නේ Justine Biber ගේ Never say never ගීතය. මම මේකේ Lyrics දැනට Notepad එකෙන් ටෙක්ස්ට් ෆයිල් එකක් විදිහට සුරැකුම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ English Lyrics අන්තර්ජාලය හරහා හොයාගන්න පුළුවනි. ඒ වගේම සිංදුවේ තවත් විස්තර ටිකකුත් මම හොයා ගත්තා.

දැන් තමා වැඩේ පටන් ගන්නේ. මුලින්ම අවශ්‍ය MP3 ෆයිල් එක මත Right Click කරන්න. දැන් Right Click context menu එකේ සටහන්ව තියෙන Jet Audio කියන තැනින් Edit Tag කියන විධානය තෝරන්න. එවිට මේ ආකාරයේ කුඩා මෘදුකාංගයක් විවෘත වේවි.

දැන් මේ මෘදුකාංගයේ පෙන්වලා තියන තැන්වලට මට අවශ්‍ය දේවල් ඇතුලත් කරගන්නවා.
Title:- ගීතයේ නම (උදා-Never Say Never)
Artist:- ගීතයේ ගායකයා (උදා-Justine Biber)
Album:- ගීතය අඩංගු ඇල්බමය  (උදා-My Worlds Acoustic)
Year:- ගීතය නිදහස් කල වසර (උදා-2011)
Track:- ගීතය මෙම ඇල්බමයේ කීවන ගීතයද යන වග
Comment:- ගීතය සම්භන්ධ වෙනත් විස්තර (උදා-www.beemp3.com)
Genre:- ගීතයට අදාල ප්‍රභේදය (උදා-Pop)





මෙම විස්තර ඇතුලත් කල පසු මම මීළගට තවත් සංකීර්ණ අවස්ථාවක් වන Lyric කියන Tab එක සක්‍රීය කරනවා. එවිට එය මේ අයුරින් දිස් වේවි.

දැන් මම සුරැකුම් කර තබා තිබූ Lyrics මෙහි ඇති කොටසට පිටපත් කරනවා.

දැන් අපිට තවත් වැඩක් කරන්න පුළුවන්. මේක පොඩි ඇඩ් එකක්. මෙහි තියන Run Lyric Maker කියන බොත්තම මගින් Lyric Maker සක්‍රීය කර ගන්න

එවිට එය මේ අකාරයෙන් දිස් වේවි.

දැන් නම් ඉතින් නියෙන්නේ මැනුවල් වැඩක්. සිංදුව මෙතනට පිටපත් කර ගන්න. ඊට පස්සේ සිංදුවේ වාක්‍ය අතරට හිස් පේලියක් බැගින් එකතු කරන්න. තේරුනේ නෑ නේද. ඒක කරන්නේ මේ විදියට.

දැන් මේ කන්ට්‍රෝල් වලින් සිංදුව play කරන්න. එත් එක්කම සිංදුවේ යන කොටසට අදාල වාක්‍ය තියෙන Line එක වෙනස් වෙනවානම් F9 ඔබලා Time Code එකක් ඇතුලත් කරගන්න.

මේක ටිකක් පුරුදුවෙන්න උවමනා වැඩක්. ටික දවසකින් හුරු වෙයි සිංදුව පටන් ගන්නකොටම Time Code එක ඇතුලත් කරන්න.

හරි. මේක අවසන් වුනාම සේව් කරගන්න.

දැන් ආපහු ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලා Tag Edit එකට එන්න. ඊට පස්සේ අවසන් Tab එක වන Picture ටැබ් එකට යන්න. දැන් කොහෙන් හරි ගායකයාගේ හරි සිංදුවේ හරි රූපයක් හොයලා දෙන්න. අත්‍යාවශ්‍යම නෑ හැබැයි අපේ ෆයිනල් අවුට් එකට හොදයි.

දැන් මේක Apply කරලා Save කර ගන්න.

දැන් සිංදුව Jet Audio එකෙන් Play කරලා බලන්නකේ. මේ විදියට තියෙයි.

නියමයි නේද. සිංදුව අනුව Tag එක පෙන්නනවා.

Categories:

0 දෙනෙක් මොනවා හරි කියලා:

Post a Comment

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑