Wednesday, July 27, 2011

තමන්ට කැමති මෘදුකාංගයක් Windows Run විධානයක් කරගන්නා අයුරු

මේ උදාහරණය සදහා මම භාවිතා කරන්නේ Ccleaner කියන මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය පිහිටුවා ගැනීමේදී Run විධානය හෝ Command prompt මගින් භාවිතා කිරීමේ හැකියාව ලබා දෙන්නේ නෑ. නමුත් මෙම සරල ක්‍රමය මගින් මෙම මෘදුකාංගය ධාවනය කිරීමටත්, මෙහි ඇති විවිධ යෙදුම් භාවිතයටත් අවස්ථාව සැලසෙනවා.



මුලින්ම මෙම මෘදුකාංගය පරිගණකයේ තිබෙන ස්ථානය සොයාගත යුතු වෙනවා. එයට එහි අයිකන් එක මත රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් වල ඇති ෆයින්ඩ් ටාර්ගට් යන්න මත ක්ලික් කරන්න.

 එවිට මෙම මෘදුකාංගය ඇති තැන විවරවේවි.එසේත් නොමැතිනම් මෙහි දක්වා ඇති Start In යන විධානයේ බොහෝ විට සදහන්ව ඇත්තේ අපගේ මෘදුකාංගය ඇති තැනයි. දැන් මේ ස්ථානය "" සංකේත නොමැතිව  පිටපත් (Copy) කර ගන්න.











දැන් ඇත්තේ ඉතා අවධානයෙන් කල යුතු වැඩ කොටසයි.My Computer අයිකනය මත රයිට් ක්ලික් කරන්න. එයින් Properties තොරන්න.

 ඉන්පසු එහි ඇති Advanced යන ටැබය මත ක්ලික් කරන්න. ඉන් පසු එහි පහලින්ම ඇති Environment Variable යන කොටස මත ක්ලික් කරන්න.

එවිට මතුවන කොටුවේ ඇති System variables යන ස්ථානය ස්ක්‍රෝල් කර Path යන්න සොයා ක්ලික් කරන්න.

එමගින් පහත දැක්වෙන සංවාද කොටුව ලැබෙනු ඇති. මෙහි Variable value යන්න අවසානයේ කර්සරය තබා ; යන සලකුන දක්නට නොලැබේ නම් එයද ටයිප් කර ඉන්පසු අපගේ මෘදුකාංගය තිබෙන ස්ථානය එහි අලවන්න (paste) (කවුරු මේ වචන හදනවාද දන්නේ නෑ)ඉන්පසු නැවතත් ; සංකේතයක් ඇතුලත් කර එය OK කරන්න.

ඉන් පසු නැවත OK කරන්න. මීලගට නැවත OK කරන්න.

දැන් පරිගණකය නැවත පනගන්වන්න.


Start>Run යන්න ක්ලික් කරන්න.



දැන් ඔබේ මෘදුකාංගයේ නම ටයිප් කරන්න. ඉන් පසු OK කරන්න. බොහෝවිට මෘදුකාංගය විවෘත වේවි. මතක තබාගන්න අප ටයිප් කල යුත්තේ අදාල EXE එකේ නමයි. සමහර අවස්ථාවලදී තාක්ෂණික බාදාවන් නිසා මෙය ක්‍රියාත්මක නොවන්නට ඉඩ තියනවා. මෙහිදී ක්‍රියාත්මක වෙනවානම අනිවාර්යයෙන්ම Command prompt හීදී ද ක්‍රියත්මක වනවා.

(සැ.යු-අනවබෝධයෙන් මෙම උපදෙස් භාවිතා කිරීමෙන් ඔබගේ මෘදුකාංග හෝ දෘඩාංග වලට හානියක් වුනහොත් රචකයා වග නොකියන බව සැලකුව මනාය)

Categories:

2 comments:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑