Sunday, August 28, 2011

ඔබේ ඇස් සුරැකීම දැන් එතරම් අපහසු නැත.


කලින් මගේ මෘදුකාංග පැකේජය ඉදිරිපත් කරන වේලාවේදී මම කිව්වානේ ඒකේ අන්තර්ගත මෘදුකාංග පිලිබද විසතර එකින් එක කියනවා කියලා. ඔන්න අද ඉතින් මම කියන්න යන්නේ ඒ මෘදුකාංග පැකේජයේ තියෙන බොහොම වටිනා මෘදුකංගයක් ගැන. ඒක තමයි Save My I හෙවත් මම නම් කරලා තියෙන විදියට SMI. ඉතින් මේ මෘදුකාංග හරහා ඔබේ ඇස් සුරකින හැටි තමයි මම අද කියන්න යන්නේ.



මුලින්ම මේක පරිගණකයට ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඉන්ස්ටෝල් කරන හැටි දැනගන්න ඕනේ නම් මගේ මෙන්න මේ ලිපිය කියවන්න.
http://119sinhala.blogspot.com/2011/08/software.html
ඒක කියවලා තියෙනවානේ. දැන් මේ මෘදුකාංග පැකේජය පරිගණකයට ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නේ පරිගණකය නැවත පණගන්වන්න ඕනේ. එතකොට පෙනෙයි පොඩ් මෘදුකාංගයක් Task Bar එකේ රන් වෙනවා පෙන්නනවා මෙන්න මේ වගේ.

ඉතින් මේක පරිගණකය ආරම්භ කරපු වේලාවේම ධාවනය වෙනවා ඔයාලට දකින්න පුළුවන් වෙන්න ඇති. ඒ තමයි මේ මෘදුකාංගය ප්‍රවේශනය වෙනවා (Load) . ඉතින් මේ මෘදුකාංගය කොහොමද ඔබගේ ඇස් ප්‍රවෙශම් කරන්නේ කියලා මම කියන්නම්.

මේක පරිගණකයේ ධාවණය වෙද්දි එයා බලනවා කොපමන වේලාවක් ඔබ ඒකට සක්‍රීය වෙන්න ලබා දීලා තියෙනවාද කියලා. ඊට පස්සේ ආරම්භ වුන වේලාවේ ඉදන් ඔබ වැඩකරන වේලාවේ එම සක්‍රීයන වේලාව පැමිණි වියස ඔබට අවවාදාත්මක පණිවුඩයක් ලබා දෙනවා ඔබ ඔබේ ඇස් වෙහෙසුවා වැඩියි. දැන් ස්වල්ප වේලාවක් විවේක ගන්න කියලා. ඊට පස්සේ මෘදුකාංගය ඔබ ලබා දුන් වේලාවක් එම පණිවුඩය පෙන්වලා නැවතත් නොපෙනී යනවා. මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක්.

ඉතින් මම කියන්නම් කොහෙමද මේකේ සැකසුම් කරන්නේ කියලා. මුලින්ම මේ මෘදුකාංගය ධාවනය කරන්න ඕනේ. ඊට පස්සේ ඒ අයිකන් එක රයිට් ක්ලික් කරලා Settings කියන තැන මත ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහේ වින්ඩෝවක් දිස්වේවි.

මේකේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. අංක එකේ සිට පහ දක්වා මේ රූපයේ අංකනය කරලා තියෙන්නේ ඒවා තමයි. මම අංක පිලිවෙලට මේවායින් කරන්න පුළුවන් සැකසුම් කියන්නම්,

1)මේකේ තියෙන්නේ WakeUp time කියලා. ‍දැනට මූලික සැකසුම් අවස්ථාවේදී මේකේ අගය විනාඩි 20ක් විදියට තමයි සකස් කරලා තියෙන්නේ. මේකෙන් වෙන්නේ මෙම මෘදුකාංගය කොපමන කාලයකින් තමාට අවවාදාත්මක පණිවුඩය පෙන්වන්න ඕනේද කියලා සැකසුම් කරන එක. දැනට තියෙන අගයට විනාඩි ±10ක් වීම ගැටලුවක් නොවුනත් ඊට වඩා කාලයක් තැබීමේදී සැලකිලිමත් වෙන්න වෙනවා.

2) මේකේ සටහන් කරලා තියෙන්නේ TTL(Time to live message) කියලා. දැනට තියෙන අගය තත්පර 20. මේකෙන් වෙන්නේ මෙම මෘදුකාංගය පෙන්වන පණිවුඩය කොපමන කාලයක් පෙන්වන්න උවමනාද කියලා තීරණය කරන එකයි. එය තමන්ගේ කැමැත්ත මත තත්පර 10කට වැඩි කාලයක් යොදාගත හැකියි.

3)මෙහි සදහන්ව ඇත්තේ Warning message to show යන වැකියක්. මේකේ දැනට කිසිම අගයක් සටහන්ව නැහැ. ඔබට පුළුවන් මෘදුකාංගයේ තිබෙන පණිවුඩය වෙනුවට ඔබ කැමති පණිවුඩයක් අවවාදාත්මක පණිවුඩය ලෙසින් පෙන්වන්න.

4)මෙම කොටසේ ඔබට ලබා දී ඇති පහසුකම තමයි තමන්ට කැමති රූපයක් මෙම මෘදුකාංගයේ පසුබිමට යොදාගන්න පුළුවන් කම. දැනට තිබෙන රූපය හොද නැතිනම් කැමති රූපයක් මෙතන තියෙන Browse කියන බොත්තම මගින් තෝරාගන්න පුළුවන්.

5)මෙම කොටසේ ඉතාමත් හොද පහසුකමක් ඔබට ලබා දී තිබෙනවා. එය තමයි ඔබට කැමති භාෂාවකින් මෙය ක්‍රියාත්මක කරවී‍මේ හැකියාව. දැනට මෙහි ඇති භාෂාවන් වන්නේ English හා සිංහල යන භාෂා දෙක. ඉදිරියේදී චීන හා ජර්මන් යන භාෂාවන්ද මෙයට මම ඇතුලත් කිරීමට සූදානමින් සිටිනවා.

අවසානයේ සියළුම සැකසුම් සැකසීමෙන් පසු මෙම මෘදුකාංගය නැවත ධාවනය මගින් එම සැකසුම් Apply කර ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙනවා.

දැන් තමා මම දන්න හැටියට වෙන කිසිම මෙවැනි මෘදුකංගයක නොමැති අතිවිශේෂ පහසුකම තිබෙන්නේ. එය තමයි Gamer's mode එක. මෙවැනි මෘදුකාංග භාවිතය ගොඩක් දෙනා අකමැති එය පරිගණක ක්‍රීඩාවක් වැනි වැඩසටහනක් ධාවනය වන අවස්ථාවන්ගේද ධාවනය වීම හිරිහැරයක් වීම. මෙහිදී මෙම පහසුකම සක්‍රීය කිරීම මගින් මෙම මෘදුකාංගය Gamer's තත්වයට පත්වන අතර නැවත එය අක්‍රීය කරන තෙක් හො මෘදුකංගය නැවත ධාවනය කරන තෙක් මෙම අවවාදාත්මක පණිවුඩය පෙන්වීම සිදුවන්නේ නැහැ. කොතරම් පහසුවක් එමගින් ඔබට සිදුවෙනවාදැයි එය භාවිතා කිරීමෙන්ම ඔබට දැනගත හැකියි.

ඉතින් ඔබත් ඔබේ ඇස් දෙක සුරකීමට මෙම මෘදුකාංගය භාවිතා කර බලන්න.
මේ තියෙන්නේ එහි යම් යම් අවස්ථාවන්ගේ රූප කිහිපයක්.

Categories:

8 comments:

  1. එලකිරි පොස්ට් එකක්!!
    :)

    ReplyDelete
  2. එල.. පොඩි ට්‍රික් එකක් කොල්ලා දාලා තියෙන්නේ.. හරියට එලාම් එකක් සෙට් කලා වගේ.. කපටියා..

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑