Monday, August 29, 2011

අදින් ඇරඹෙන විෂුවල් බේසික් පාඩම් මාලාව


ඉතින් ඔන්න අද මම ගෙනාවේ විෂුවල් බේසික් වලින් ක්ලෝස් කරන්න යද්දී ප්‍රශ්ණයක් අහන විදියේ ප්‍රෝග්‍රෑම් එකක් හදන හැටි. කලින් මමයි තරිදුයි හදපු උබුන්ටු ඉන්ස්ටෝල් කරන හැටි තියෙන වීඩියෝ එක බලපු අය කියලා තිබුනා නිකන් කියන්නේ නැතිව වීඩියෝ වලින් පෙන්නනවානම් ගොඩක් ලේසි වෙයි කියලා. ඒක නිසා මම මේක වීඩියෝ එකක් විදියට හැදුවා. බලල කරලා කොමන්ට් එකකුත් දාලාම යන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා



මෙන්න අවශ්‍ය කරන කෝඩ් කොටස. හදන්න පුළුවන් සරලම ක්‍රමේකට තමා මම මේ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ. මීට වඩා සංකීර්ණ ක්‍රම තියෙනවා. හැබැයි ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තමා මේ ක්‍රමය. ඉතින් දැන් වීඩියෝ එකක බලලාම ඉන්නකෝ. මගේ කලින් වීඩියෝ සේරමත් බලන්න පුළුවන් මගේ යූ ටියුබ් චැනල් එකෙන්. ඒකට යන්න ඔය උඩ තියෙන හෙඩර් එකේ තියෙන වීඩියෝ කියන එක උඩ ක්ලික් කරන්න.

'Codes written by lahiru himash http://www.facebook.com/sdglhm  
Dim x As Integer
        x = MsgBox("Are you sure want to continue?", MsgBoxStyle.Question + MsgBoxStyle.YesNo, "Quit")
        If x = vbYes Then
            Me.Close()
        Else
            'do nothing
        End If


http://www.youtube.com/watch?v=n-kgrUj4VNM

Categories:

8 comments:

  1. ලහිරැ කවදාවත් මේ සොෆ්ට් එක පරිහරණය කෙනෙක්ට ඔයා මේ අයුරින් ශබ්ධය නැතුව පෙන්විමෙන් ලොකු අසාධාරණයක් වෙනවා.. මේ ගැන දන්න කෙනෙක්ට ප්‍රශ්නයක් නැති වෙන්න පුලුවන්.. මේ ගැන සිතන්න .. ස්තුතියි

    ReplyDelete
  2. ඇත්තටම ඒ ගැන හිතුවාට ස්තූතියි Anonymous. ඒත් මටත් පොඩ් ප්‍රශ්ණයක් තියෙනවා. මට හරියටම හිතාගන්න බෑ මම මොන භාෂාවෙන්ද මේක කරන්න ඕනේ කියලා. මොකද මේක තියෙන්නේ මගේ යූ ටියුබ් එකේනේ. මම හැබැයි හිතන් ඉන්නේ සිංහලෙන් කරන්න තමා. කොමන්ට් එකට ස්තූතියි.

    ReplyDelete
  3. ගොඩක් හොදයි...මාත් ගොඩක් කැමති. විශේෂයෙන් විඩියෝ 1ක් දාල පෙන්න එක ගැන බොහොම ස්තුතියි..මාත් දිගටම බලනවා..

    ReplyDelete
  4. මමත් බැළුව ගොඩක් හොද වැඩක් දිගටම කරගෙන යන්න.
    මල්ලී මේ ඔයා කියන්නේ vb.net ගැන නේද? මේ cord vb 6 වලට ගැලපෙන්නේ නෑ නේද?

    ReplyDelete
  5. VB.net නම් නෙවේ ධනුෂ්ක අයියා. මේ VB 2008' දැනට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් එක

    ReplyDelete
  6. ‍ඇත්තටම ගොඩාක් වටින පාඩම් මාලාවක් දිගටම ලියන්න ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.‍කොමන්ටු මදි නිසා මම දැන් මේක නවත්තලා ඉන්නේ

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑