Monday, August 1, 2011

Blogger වලට වෙනස්කල හෙඩර් එකක් භාවිතය

මේකට උදාහරණය මගේ බ්ලොග් එකම තමා. පොඩ්ඩක් උඩ බලන්න. මං කිව්වේ මගේ සයිට් එකේ. නිකං රූපයක් වගේ නේද? පොඩ්ඩක් මවුස් එක ගෙනියලා බලන්න තියෙන ටයිල්ස් වලට. ආ... ඒව වැඩ කරනවා. ඔව් ඇත්තටම මේ ෆෑලෑෂ් හෙඩර් එකක්. දැන් මම කියලා දෙන්න යන්නේ කොහොමද මේවගේ දෙයක් කරගන්නේ කියලා.

මුලින්ම මේකට ඔයාගේ නිර්මාණශිලීකම යොදලා ෆෑලෑෂ් හෙඩර් එකක් නිර්මාණය කරගන්න. මම කලේ මුලින්ම ෆොටෝෂොප් වලින් රූපයක් හදලා ඒක ෆ්ලෑෂ් වලදී හදා ගත්ත එක. මේක මම හදන්න යොදාගත්තේ වින්ඩෝස් අටේ ඩෙක්ස්යටොප් එකේ අනුරුවක්. ‍ෆ්ලෑෂ් වර්ෂන් එක Flash 8 . ෆොටෝෂොප් වර්ශන් එක සී එස් ත්‍රී. මේකට ‍මම හදපු ඉමේජ් එක තමා මේ. කාට වුනත් කැමතිනම් මේක වුනත් භාවිත කලාට මගේ කිසි අකමැත්තක් නෑ. හැබැයි නම නම් වෙනස් කරන්න.
ඉතින් මේක හදලා ඉවර වුනාට පස්සේ ‍ෆ්ලෑෂ් ෆයිල් එක පබිලිස් කොරන්ට එපායෑ. ඉතින් ඒකට මමනම් ගූගල් මාමාගේ කැබිනට් එකක් පාව්ච්චි කලේ. කොහොම හරි මේකේ URL එක තමා වුවමනා. ඊට පස්සේ Blogger ගේ ඩිසයින් වලින් එඩිට් එච්ටී එම් එල් කියන එක විවෘත කරලා ඒකේ තියෙන මෙන්න මේ කොටස හොයලා රතු කොටස මකන්න. ඒකරලා සේව් කරන්න.

<div id='header-wrapper'>
<b:section class='header' id='header' maxwidgets='1' showaddelement='no'>
<b:widget id='Header1' locked='true' title='බ්ලොග් ටයිටල්' type='Header'/>
</b:section>
</div>

එතකොට බ්ලොගර් කියනවා මෙක ස්ථිර කරන්න කියලා. දැන් කොන්ෆර්ම් කරන්න. මීලගට තමන්ගේ ෆ්ලෑෂ් ෆයිල් එක තියෙන URL එකත් ඇරගෙන ආපහු Design වලට යන්න. දැන් පේනවා ඇති ඉස්සර තිබ්බ හෙඩර් එක නෑ කියලා. මීලගට බ්ලොග් එකට විජට් එකක් ඇතුලත් කරන තැනින් HTML/Java එකක් ඇරගෙන මෙන්න මේ විදියට රතු පැහැ කොටස මකලා ඔයාගේ ‍ෆ්ලෑෂ් ෆයිල් එකේ Direct link එක දාන්න. මීලගට ඒක සේව් කරලා අවශ්‍ය තැනින් තියාගෙන Save කර ගන්න. 

<embed src="https://sites.google.com/site/crworkscom/cabinet/head.swf" loop="false" height="140" width="690" align="left"></embed>

දැන් බලන්න බ්ලොග් එක මොන වගේද කියලා.


Categories:

8 comments:

  1. නියමයි යාළුවා අදමයි මේ පැත්තේ අවේ ...

    ReplyDelete
  2. මරු..බොහොම ස්තුතියි මේවා කියල දෙනවට

    ReplyDelete
  3. Thanx very much
    Ishcricket.blogspot.com

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑