Monday, September 5, 2011

මොබයිල් ෆෝන් එකෙන් යන සයිට් pc එකින් සර්ෆ් කරමු.

ඔන්න අද මම කියන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකින් විතරක් යන්න පුළුවන් වෙබ් අඩවි පරිගණකය හරහා බලන්නේ කියලා. ඒකට අපිට පොඩි බ්‍රව්සර් එකක් උවමනා වෙනවා. ඒක තමයි අපි හැමෝම දන්න සෆාරි කියන බ්‍රව්සර් එක. තියෙන්නේ බොහොම පොඩි සෙට්අප් එකක්. ඒක මෙතනින්

ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කර ගන්න.

‍මේ තියෙන්නේ සාමාන්‍ය විදියට සෆාරි බ්‍රව්සර් එකින් පේන ගූගල් වෙබ් අඩවිය.‍

ඊට පස්සේ සෆාරි බෙව් බ්‍රව්සර් එකේ Preference කියන කොටසට යන්න. අළුත්ම සංස්කරණයේ පැත්තකින් තියෙන ‍පොඩි අයිකන් එකෙන් තෝරලා යන්නත් පුළුවන්. නැත්නම් Ctrl+, වලිනුත් ලබා ගන්න පුළුවන්.

ඊට පස්සේ එහි තිබෙන Advanced කියන කොටසට යන්න

මේ රූපේ පෙන්නුම් කරන විදියට එහි යටින්ම තියෙන Show develop menu in menubar කියන විධානය සක්‍රීය කරන්න. ඊට පස්සේ ඒක Close කරන්න. එතකොට පෙනෙයි තමන්ගේ මෙනු බාර් එකේ තියෙනවා අළුතින් මෙනු අයිටම් එකක් Develop කියලා. දැන් ඒකට යන්න.

ඒකේ තියෙන Use agent කියන තැනින් Safari iOs 4.X.X -iPhone කියන එක තෝරා ගන්න.

දැන් පෙනෙයි තමන් ගිහින් තිබුන වෙබ් අඩවිය නැවතත් ලෝඩ් වෙලා එහි මොබයිල් සංස්කරණය එනවා. ඊට පස්සේ බ්‍රව්සර් එකේ සයිස් එක පොඩ්ඩක් වෙනස් කරලා අළුත් ඇපල් අයි‍ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ ප්‍රමාණය වගේ වෙන්න හදාගන්න. එතකොට මේ වගේ පෙනෙයි.

මේ තියෙන්නේ ඒ විදියට සමහර වෙබ් අඩවි කිහිපයක මොබයිල් සංස්කරණ

Categories: ,

6 comments:

  1. කොමන්ට් එකට ස්තූතියි සන්ජය

    ReplyDelete
  2. මම ලගත් තියෙනවා ඔහොම එකක්. http://www.winwap.com/downloads/downloads හොයලා හොයලත් හමබුනේ මේක විතරයි. ඔයාගේ එක මීට වඩා හොදයි කියලා හිතෙනවා. ස්තුතිය මේ ගැන ලිව්වට

    ReplyDelete
  3. ۞۞۞۞۞۞۞۞۞۞۞۞ THANX ۞۞۞۞۞۞۞۞۞۞۞

    ReplyDelete
  4. @Nadun
    බොහොම ස්තූතියි නදුන් කොමන්ට් එකට
    අපිට මෙකෙන් තියෙන තවත් වාසි ගොඩක් තියෙනවා. එකක් තමා අපිට මොබයිල් ෆෝන් එකෙන් යන සයිට් එකට වගේම තවත් යූසර් ඒජන්ට් පාවිච්චි කරන්න පුළුවන්

    ReplyDelete
  5. @Anonymous
    බොහොම ස්තූතියි කොමන්ට් එකට

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑