Saturday, September 17, 2011

ත්‍රිමාණය තේරුම් ගනිමු - Understanding 3D


හොදයි. අද මම කථාකරන්නේ අපේ ගොඩක් දෙනා කැමති, ඒත් වැඩිය දන්නේ නැති සබ්ජෙක්ට් එකක් වන 3D technology හෙවත් ත්‍රිමාණ තාක්ෂනය.ටිකක් දිග ලිපියක්, මේක රැල්ලක් විදියට ලංකාවේ ප්‍රසිද්ධ වුනේ ඇවටර් චිත්‍රපටියේ ත්‍රිමාණ සංස්කරණය නිසා. මේ තියෙන්නේ ඒ සංස්කරණයේ දර්ශනයක රූපයක්


ඇයි මේ රූප බොදවෙලා දෙපැත්තේ සෙවනැලි දෙකක් වගේ පේන්න තියෙන්නේ. ඒකට උත්තරය තමා මම මේ කියලා දෙන්න යන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ ත්‍රිමාණය අපිට අළුත් දෙයක් වුනාට ඉතාම පරණ දෙයක්. ඇත්තටම කියනවානම් මුලින්ම ත්‍රිමාන චිත්‍රපටි ආවේ කළු සුදු විදියට. මුල්ම චිත්‍රපටය The power of love. මේ ඉතිහාසය සම්භන්ධ වැඩි විස්තර විකිපීඩියාවෙන් සොයාගත හැකියි.

ඇත්තෙන්ම කියනවානම් අපි සාමාන්‍යයෙන් දකින ඕනෑම දෙයක් දකින්නේ ත්‍රිමාණවයි. ඒ කියන්නේ මේ ඔබ ඉදිරියේ ඇති පරිගණකය නැමති වස්තුව අපිට මානයන් තුනක් ඔස්සේ දර්ශනය වෙනවා. ඒවා තමයි උස, පළල හා ගැඹුර . අපි මේක හදුන්වන්නේ සාමාන්‍යයෙන් X,Y,Z axis කියලා. X හා Y මගින් දිග පළලත් , Z මගින් ගැඹුරත් නිරූපණය වෙනවා. අපි දකින සාමාන්‍ය කාටූන් රූපයකට ඇත්තේ X,Y යන අක්ෂ දෙක පමණයි. එමෙන්ම ඔබ සිතා සිටියද ඔබගේ ඇසටත් දිස්වන්නේ මෙම අක්ෂ දෙක පමණයි. පුදුමයක්ද? නෑ ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්. ත්‍රිමාණ වස්තූන් අපේ ඇසට පෙනෙන්නේ ද්විමාණ වස්තුවක් විදියට. ඒත් අපිට ඇස් දෙකක් තිබෙනවා. ඒක නිසා අපිට මෙම ද්විමාණ ඡායාරූප දෙකක් පෙනෙනවා. එමෙන්ම අපේ ඇස් පිහිටා ඇත්තේ යම් තරමකට එකිනෙකට ඈතින්. එම නිසා පෙනෙන රූප දෙක වෙනස් රූප දෙකක්.

මොකක්? ඔව්. අපි‍ට පේන්නේ වෙනස් රූප දෙකක්. ඒ වෙනස් රූප ඇස එක් රූපයක් සේ හදුනාගැනීමට ගන්නා ක්‍රියාවලියකින් පසුව තමා අපිට ගැඹුරක් ඇති රූප දිස්වන‍්නේ. එය සිදුවන්නේ වෙනස් කෝණ මගින් පෙනෙන රූපයන් දෙක ඇස එක් රූපයක් ලෙසින් හදුනාගැනීමට උත්සහා කරනවා. එය සිදුවන්නේ සාපේක්ෂව අපිට පෙර පැවති වස්තූන් හා සැසදීමකින්. එය වෙනත් මාතෘකාවක් නිසා මම මෙතන එය කථා කිරීමට උත්සහ කරන්නේ නෑ. ඇත්තෙන්ම එම උත්සහයේදී එම පෙනෙන රූප දෙක එකමත එක තැබීමකට සමාන ක්‍රියාවලියක් වැනි යමක් සිදුවෙනවා. එමගින් අපිට මානයන් තුනක් පෙනෙන රූපයක් නිර්මාණය වෙනවා.

හොදයි. මේ තමා ත්‍රිමාණ .තාක්ෂණයට පසුබිම් වූ සිද්ධාන්තය. මෙම ක්‍රමය චිත්‍රපට සදහා ආදේශ කරගැනීම මගින් තමා අපිට ත්‍රිමාණ චිත්‍රපට දක්නට ලැබෙන්නේ. එහිදීත් පෙර පැවති සිද්ධාන්තයම නැවතත් ආදේශයක් සිදුකරනවා. ඒ කියන්නේ අපිට යම් රාමුවක රූප දෙකක් යම් ගැඹුරක් ඇතිව දර්ශනය කරවනවා. එවි‍ට ඇස මගින් නැවතත් අපිට යම් ගැඹුරක් ඇති රූපයක් නිර්මාණය කර දෙනවා.
මේ විදියට චිත්‍රපටි වල භාවිතා කරන ක්‍රම මගින් අපිට ත්‍රිමාණ දර්ශන නැරඹිය හැකියාව ලැබෙනවා. ඒවා නිර්මාණය කරන අයුරු මම පසුවට කියා දෙන්නම්. මේවා නැරඹීමට විශේෂ කණ්නාඩි භාවිතා කල යුතුබව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ විදියට භාවිතා කරන කණ්නාඩි වර්ග තුනක් තියෙනවා.

1)    Shutter glass
2)    Polarized
3)    Stereoscopic


ශටර් ග්ලාස් කියන්නේ සුලභව භාවිතා වන ක්‍රමයක්. එහිදී භාවිත වන්නේ කැල්කියුලේටර් වල ඇති LCD ආකාරයේ තිරයක්. එනම් එවැනි තිර කොටස් දෙකක් මෙහි යොදාගන්නා කණ්නාඩියේ තිබෙනවා. එය විශේෂ Electronic උපකරණ මගින් නියමිත කාල ප්‍රාන්තරයකදී Black>Transparence යන අවස්ථා දෙකට පත්කරනවා. එනම් මෙහිදී උදාහරණයක් ලෙස එක් තත්පරයක් ඇතුලතදී එක් කණ්නාඩියක් කළු පැහැයටත් අනෙක විනිවිද භාවයටත්, මීලග අවස්ථාවේ මුල් කණ්නාඩිය විනිවිද භාවයටත් අනෙක කළු පැහැයටත් හැරෙනවා. එවිට අපිට දැනෙන්නේ මාරුවෙන් මාරුවට ඇස් එකින් එක පියාගන්නා බවක්. නමුත් මෙම ක්‍රියාවලිය තත්පරයෙන් කුඩා කොටසක් තුල සිදුවන්නක්. එම නිසා එවැනි හැගීමක් ජනිත වන්නේ නෑ. එමෙන්ම මෙම ආකාරයේ චිත්‍රපටයක් එක් තත්පරයක් පෙන්වන්නේ වම් ඇසට පෙනිය යුතු රූපය. එවිට කණ්නාඩිය මගින් වම් ඇසට අදාල LCD කොටස විවර කරනවා (Transparence)  . එවිට අපේ වම් ඇසට පමණක් වම් ඇසට පෙනිය යුතු රූපය දිස්වෙනවා. මන්ද යත් දකුණු ඇස ශටරය මගින් වැසී ඇති නිසා. මීලගට චිත්‍රපටයේ දිස්වන්නේ දකුණු ඇසට පෙනිය යුතු රූපයයි. එවිට ශටරය දකුණු ඇස විවෘත කර එම රූපය දකුණු ඇසට පමණක් ලබා දෙනවා. එමගින් අපට මාරුවෙන් මාරුවට ඇස් දෙකට රූපයන් ලැබීම මගින් මොළය එම රූපයන් එක රූපයක් කොට සැකසීමේ ක්‍රියාවලිය නිසා ත්‍රිමාණ රූපයක් දිස් වෙනවා.

මෙම ක්‍රමයේ අවාසි කීපයක්ම තිබෙනවා. එකක් තමා ඇස අධික ලෙස වෙහෙසට පත්වීම. තවත් එකක් තමා මෙම කණ්නාඩි සාපේක්ෂව බර වැඩි වීම. එමෙන්ම මෙම කණ්නාඩි වලට බැටරි දැමිය යුතු වෙනවා. එනම් ක්‍රියාත්මක වීමට විදුලිය අවශ්‍යයි. එම නිසා මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක් කියන්නට බැහැ. එනමුත් මෙය සිනමාහල් වලද භාවිතා වනු දැකිය හැකියි. (ලංකාවේ නම් නෑ මම හිතන්නේ)


මීලග ක්‍රමය Polarized ක්‍රමයයි. මෙහිදී යෙදා ගන්නේ වර්ථනය නැමති සිද්ධාන්තය. එනම් විශේෂ අවස්ථා යටතේ මෙම ආකාරයේ චිත්‍රපට රූගත කරන්නේ වෙනස් වර්ථන කෝණයන් ඇති කාච යෙදූ කැමරා මගින්. එහිදී මෙම කොටස් දෙක වෙන වෙනම ප්‍රොජෙක්ටර් දෙකක් මගින්( මෙහි තිබෙන්නේත් කලින්ට සමාන වර්ථන කෝණයන් ඇති කාච දෙකක්) පෙන්වනවා. එනම් මෙම ක්‍රමයට ප්‍රොජෙක්ටර් දෙකක් අවශ්‍යයි. එමෙන්ම මෙහිදී භාවිතා වන කණ්නාඩි වල ඇත්තේත් වර්ථන කෝණ දෙකක් වන කාචයන්. එමනිසා එයට අදාල වර්ථන කෝණය හැර වෙනත් කෝණ වලින් පැමිණෙන ආලෝක කිරණ ලබා ගන්නේ නෑ. මෙම කණ්නාඩියකින් සාමාන්‍ය පරිසරය දෙස බැලූ විට එක් කණ්නාඩියක් අදුරුවත් අනික විනිවිදවත් පෙනෙනවා. වෙනස් කෝණයකින් බැලූ විට මෙය වෙනස් වනවා. එනම් ඇස් දෙකට ලැබෙන්නේ වෙනස් රූප දෙකක්. එවිටත් නැවත මෙම රූපයන් දෙක මොළයෙදී සැකසීම මගින් නැවතත් පෙර පරිදිම රූපය ත්‍රිමාණව පෙනීමක් සිදුවෙනවා.

මෙහි ඇති අවාසියක් වන්නේ විකාශනය සදහා යන් අධික වියදම. එමෙන්ම යොදා ගන්නා ප්‍රොජෙක්ටර් තිරය 98% කටත් වැඩියෙන් ආලෝකය පරාවර්ථනය කල යුතු වෙනවා.


මීලග ක්‍රමය තමා ඉතාමත් සුලභව භාවිත වන Stereoscopic ක්‍රමය. පෙර පැවතී ඇවටර් චිත්‍රපටයේ දසුන සාදා ඇත්තේ මෙම ක්‍රමය භාවිතා කිරීමෙන්. මෙහිදී සුලබතම වර්ණ දෙක තමා Blue & Red කියන වර්ණ. එනම් රතු හා නිල්. භාවිතා වන කණ්නාඩියටත් යොදා තිබෙන්නේ රතු හා නිල් වීදුරු දෙකක්. මෙහිදී වන්නේ කැමරා දෙකක් හෝ එකම කැමරාවේ කොටස් දෙකකට යොදා ඇති කාචයන් දෙකක් මගින් වෙන වෙනම ඇසේ කෝණයට සමාන කෝණයන් දෙකක් මගින් රූප දෙකක් ලබා ගන්නවා. එනම් ඇස රූප දෙකක් දැකීම මෙන්ම දෙයක් තමා සිදුවන්නේ. මීලගට විශේෂ මෘදුකාංග මගින් එක වීඩියෝ කොටස් දෙක එකමත ඇලවීමක් සිදු කරනවා. එවිට යොදා ගන්නා වර්ණ තීරණය වන්නේ චිත්‍රපටය අනුව. නමුත් බහුලව යොදා ගන්නේ රතු හා නිල් යන වර්ණයන් දෙක. මුල් කාලයෙදීනම් ෆිල්ටර් යොදාගත් ප්‍රොජෙක්ටර් දෙකක් මගින් මෙම රූපයන් විකාශය කරනු ලැබුවා. නමුත් දැන් යොදාගන්නේ අදාල කෝණයෙන් පෙර සැකසූ චිත්‍රපටයක් එක් ප්‍රොජෙක්ටරයකින් විකාශය කිරීමයි. දැන් අපේ ඇසට පෙනෙන රූපයේ කොටස් දෙකක් තිබෙනවා. එය ආලෝක කිරණ ලෙස අපේ ඇසට පැමිනෙනවා. මෙහිදී නිල් කණ්නාඩිය මගින් සියළුම නිල් වර්ණ උරාගෙන නිල් පැහැය නොමැති රූපයක් පමණක් පෙන්වනවා. රතු ෆිල්ට‍රය මගින් රතු වර්ණ නොමැති රූපයක් පමණක් පෙන්වනවා. එවිටත් පෙනෙන්නේ ඇස් දෙකට වෙන වෙනම රූපයන් දෙකක්. නැවතත් මොළය‍ මෙම රූප දෙක සැකසීමේදී අපට ත්‍රිමාණ රූපයක් දිසු වෙනවා.

මෙම ක්‍රමයේ ඇති අවාසියක් තමා නිවරදිම උපකරණ යොදා නොගෙන උපරිම ත්‍රිමාණය අතුදැකීමට නොහැකි වීම. නමුත් මෙහි විකාශණයට කිසිම විශේෂ උපකරණ අවශ්‍ය නෑ. සාමාන්‍ය ප්‍රොජෙක්ටරයකින් වූවත් විකාශය කල හැකියි. එමෙන්ම මෙම කණ්නාඩි ඉතාමත් මිලෙන් අඩුයි. රුපියල් 500කට ආසන්න මුදලකට නුවර ප්‍රදේශයේ මෙම කණ්නාඩි මිලදී ගත හැකියි. ඉතින් අපට ත්‍රිමාණය අත්දැකීමට ඇති හොදම ක්‍රමය තමා මේ. තමන්ගේ මොනිටරය පැතලි තිර එකක් නම් හා තමා සතුව ත්‍රිමාණ චිත්‍රපටයක්, කණ්නාඩි ඇත්නම් තමන්ටත් මෙම රසවින්දනය ලබා ගත හැකියි. එමෙන්ම රූපවාහිනී විකාශයකින් වූවද මෙම රූප විකාශය කල හැකියි. ඉතාම සරල ක්‍රමයක් තමා මේ.
ඉතින් මම හිතනවා ඔබටත් ත්‍රිමාණය පිළිබද යම් හෝ අදහසක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් මොනවා හරි කියලා කොමන්ට් එකක් දාල යන්න.

මෙය කිසිම අඩවියකින් උපුටාගත් ලිපියක් නොවන අතර අදාල රූපයන් පමණක විකීපිඩියාවෙන් උපුටාගෙන ඇත. පරිවර්ථනයක්ද නොවේ. උපුටාගැනීමට අවශ්‍යනම් http://www.facebook.com/sdglhm සම්භන්ධ කරගන්න.

Categories:

Location: Kandy, Sri Lanka

17 comments:

  1. avatar තමයි Projector දෙකක් යොදාගෙන ප්‍රදර්ශනය කරපු ලෝකයේ පළමු චිත්‍රපටිය.

    ReplyDelete
  2. හොද ලිපියක් සහෝ. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. කණ්නාඩියක් කොලඹින් ගන්න ඕන.

    ReplyDelete
  3. ඊට වඩා අඩුවට මෙතනින් ගන්න පුළුවන්. 3D ෆිල්ම්ස් තියනවා
    http://electronic-srilanka.blogspot.com/

    ReplyDelete
  4. හොඳ ලිපියක්. දිගටම ඔහොම යමු. අපි බලනවා.

    ReplyDelete
  5. @Ano:-
    මම හිතන්නේ ඔයා ඔය කියනවා ඇත්තේ ලංකාවේ වෙන්න ඇති. මොකද ඊට කලින් ගොඩක් චිත්‍රපටි ප්‍රොජෙක්ටර් දෙකක් යොදාගෙන පෙන්නලා තියෙනවා

    කොමන්ට් එකට ස්තූතියි

    ReplyDelete
  6. රාජ්-
    හොදයි ඉතින් එතකොට හෝම් 3D කියන්න බැරිය
    :-)
    කොමන්ට් එකට ස්තූතියි

    ReplyDelete
  7. @සාලිය-
    රුපියල් 300නේද. ෂා ගණන් අඩුයි නොවෑ
    කොමන්ට් එකට ස්තූතියි

    ReplyDelete
  8. @දුගියා-
    ස්තූතියි. මට ඔයාල හැම දෙනාම ලොකු ශක්තියක්

    ReplyDelete
  9. Replies
    1. උඹේ නමට මොකද බන් වුනේ?

      Delete
    2. මේක තමා මගේ නම!!!

      Delete
  10. හොඳ ලිපියක් ස්තුතියි

    ReplyDelete
  11. පට්ටම වටිනා ලිපියක්. මොකක් හරි කරල ටීවී/ලැප් එකේ 3D බලන්න ක්‍රමයක් හොයාගන්න ඕනෙ. (Polarizing Glass වලින්)

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑