Friday, October 14, 2011

එහෙම කොහොමද සර් දෙපැත්ත බලද්දී පේනවානේ නෑ කියලා

ඔන්න ඉතින් ටෙක් බ්ලොග් ලිය ලිය ඉදලා හිතුනා ටිකක් හිනාවෙන්න මොනවාහරි ලියන්න ඕනේ කියලා. ඉතින් මම මේ ලිව්වේ මගේ යාළුවෙක්ට වෙච්චි වැඩක්. නම? ආයෙ නම මොකටද. කමක් නෑ අපි කියන්නේ පොඩි සීසර් කියලා. ඔව් ඔව් අර කථාවේ හිටියේ සෙන්පති අඩවිය,
හරි ඔය කථා වලින් වැඩක් නෑ දැන් ඔය කියන කථාව කියන්නම්. මේක වුනේ ජීව විද්‍යා කාලච්ඡේදයේ. ඔව් ඔව් බයෝ පීරියඩ් එකේ තමයි. දැන් සර් ඇවිල්ලා පාඩම කරගෙන යන ගමන් පොඩ්ඩක් ඩයිනෝසර් කියන සත්ව කොට්ටාසය පැත්තට ගියා. දැන් සර් මෙහෙම කියනවා
"ළමයි ඩයිනෝසරයන් හිටියේ අපිට වඩා පරිණාමිකව ගොඩක් පහල මට්ටමක. උන්ගේ ස්නායු අපේ ස්නායු තරම් දියුණු නෑ. ඒක නිසා ආවේග යන්නේ හෙමින්. මේක තවත් බරපතල වෙන්නේ උන්ගේ දිග නිසා. දිග ඩයිනෝසරයෙක්ගේ නැට්ට කැඩුනා කියලා හිතමු. එතකොට මුගේ මොලේට මේ සංවේගය යන්න සතියක් විතර යනවා. ඒ කියන්නේ ඌ නැට්ට නෑ කියලා දැනගන්නේ සතියකට පස්සේ"

දැන් අපේ මිත්‍රයාට පොඩි ප්‍රශ්ණයක්. හෙමීට අත උස්සනවා. ඒකරලා නැගිටලා අහනවා

"සර්, සතියක් යන්නේ කොහොමද දැනගන්න, ඌ දෙපැත්ත බලද්දී පේනවානේ නැට්ට නෑ කියලා"


ප.ලි-
මේක වුනේ අපේ ඉස්කෝලේ නෙමෙයි හොදේ

Categories:

9 comments:

  1. හහ් හහ් හහ් ...සර්ට මළ පනින්න ඇති නේද.......

    ReplyDelete
  2. @Ano:-
    ස්තූතියි ඇනෝ කොමන්ට් එකට

    ReplyDelete
  3. @ඔබ නොදුටු ලොවක්-
    මළ පැනලා කියන්නේ එදා ඉදන් මේ පන්තියට සතියකට සර්ට ලියන්න White board marker එකක් ගේන්න ඕනේ‍ කියලා යාළුවා මට කිව්වා

    ReplyDelete
  4. පට්ට නැට්ටක් තමයි... - vasantha -

    ReplyDelete
  5. ඒක නම් සිරා කතාව.. කාලෙකින් ආවේ..

    ජය ශ්‍රී..

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑