Saturday, November 26, 2011

පොලීසියේ මලක් කැඩුවෙමි...


ඔන්න අදනම් තියෙන කාර්ඩ් සේරම කුඩු වෙන පෝස්ට් එකක් දානවා. මේක කියවලා ඊලඟට මාව හිරේ යවයිද දන්නෙත් නෑ. හැබැයි ඉතින් හිරේ වුනත් නරක නෑ pc එකයි internet කනෙක්ශන් එකයි දෙනවානම්.
සමහර විට ඔය කට්ටිය දන්නවා ඇතිනේ මම මුලින්ම ගියේ මිශ්‍ර පාසලකට කියලා. ඔව් ඔව්... ගෑනු ළමයිනුත් හිටියා. හරි, ඔන්න ඉතින් අපේ පාසලේ තිබුනා Road Safety Unit එකක්. තේරුනේ නෑ නේද. අර පාරේ ඉදන් වාහන වලට බෝඩ් ලෑලි අල්ලන්නේ. එන්න ඒකක්. ඉතින් මමත් ඕකේ හිටියා කියමුකෝ නේ.

ඔන්න ඉතින් සුපුරුදු විදියට ඉස්කෝලෙට ඇවිල්ලා පැන්නා පාරට. නෑ නෑ මම නෙමෙයි බෝඩ් ලෑලි අල්ලන්නේ.

හරි කොහොමෙන් කොහොම හරි නූලෙන් අනතුරු ටිකකුත් නවත්තලා බරටම සෙට් එකත් එක්ක කයියක් දාගෙන ඉන්නකොට මට ඇහුනා ගෑනු පරාණයක් කථා කරනවා. යකෝ මට කොහෙන්ද ගෑනු පරාණ කථා කරන්නේ කියලා මමත් අන්දුන් කුන්දුන් වුනා.

ආ... තව දෙයක් අපේ පාසල තිබුනේ පොලීසිය ආසන්නයේ. මෙහෙම කියපු ගමන් නුවර අය දන්නවා ඇතිනේ මොකක්ද ඉස්කෝලේ කියලා. හරි දැන් පොලිසීය තිබුනෙත් ඉස්කෝලෙ ලඟම කියමුකෝ. දැන් ආපහු ඇහෙනවා අර ගෑණු පරානේ කථා කරනවා. මටත් දැන් මාර පුරස්නේ කවුද මේ කථා කරන්නේ කියලා.

ආපහු ටිකක් හයියෙන් ඇහුනා. ‍"මේ... පොඩ්ඩක් බලන්නකෝ !!!"

හරි මට උඩින් තමා සද්දේ එන්නේ. මම උඩ බැළුවා. බැලින්නම් අපේ පන්තියේ ගෑනු ළමයෙක්. :-)
"මේ අනේ හරි වැඩේනේ වෙලා තියෙන්නේ"

මටත් නිකන් කොයිල් වගේ මොකාටද යකෝ මේ එන්නේ කියලා.

"අනේ බලන්නකෝ අද තමයි මල් පූජාව. මල් නෑ අනේ"

හරි. එතකොට තමයි මටත් සිද්දිය මීටර් වුනේ. හැමදාම එක පන්තියකට මල් පූජාවක් තියෙනවා බුදු මැදුරට. අද තියෙන්නේ අපේ පන්තියට. එකත් එකටම මුන් මල් ගෙනල්ලා නෑ.

"ඉතින් මට මොකද කරන්න කියන්නේ"

මම ඇහුවා. "අනේ ඔයාලා එලියෙනෙ ඉන්නේ මල් ටිකක් හොයලා දෙන්නකෝ" දැන් නම් මට හොදටම තද වෙලා ඉන්නේ. ඒත් කමක් නෑ කියලා සාරංගයි මායි බැළුවා ටිකක් වට පිටි. බොලේ මේන්න පොලෝසියේ වත්තේ සුපිපී ඇත අරලිය මල්. ඔන්න ඔය ‍වෙලාවේ තමයි ඕනෑම පිස්සුවකට අපිට‍ එන ගණ දෙවි නුවන පහල වුනේ. ලඟ තාප්පයක් තියෙනවානේ. අපි කෙමෙන් කෙමෙන් ඒ වෙත කිට්ටු වී ඒ මත නැග මල් කැඩීමු. හරි

ඉතින් දැන් මල් කඩලා ඉවරයි කියමුකෝ. මෙන්න බොලේ පොලෝසියේ සෑර් කෙනෙක් එලියට එනවා. අපි දෙන්නත් පැන්නේ නැතිද බිමට නිකන් සුපර් මෑන් වගේ. ඊට පස්සේ වීරයෝ වගේ මල් ටික ගිහිල්ලා අර ගෑණු ලමයාට දුන්නා.

"අනේ තෑන්ක්ස් මෙයා !!!"

Categories:

22 comments:

  1. හිරේ වුනත් නරක නෑ pc එකයි internet කනෙක්ශන් එකයි දෙනවානම්.

    මමත් කැමති මෙහෙම වෙනවා නම්..........හික්ස්......මරු කතාව....

    ReplyDelete
  2. පොලිස් වත්තේ මල් කැඩූ පමණින් පොලිසියෙන් සිරභාරයට ගන්නේ නැත :))

    මේ ලඟදී අපි අපේ සෙන්ට් ජෝන් ඇම්බියුලන්ස් යුනිට් එකෙන් කඨින පෙරහැරක ප්‍රථමාධාර සේවයට ගිහින් වතුර බෝතල් ටික පුරව ගත්තෙත් පොලිසියේ ටැප් එකෙන්.

    කෝකටත් කියලා අපි හිස් ප්ලාස්ටික් බෝතල් තියෙනවාද කියලා අහපුවාම පොලිස් බුවා කිව්වා "අපේ එවුන් අරක්කු බොන්න ගත්තු බෝතල් තියෙන්නේ මල්ලී. ඔක්කොමගෙම අරක්කු ගඳයි" කියලා. ලංකාවේ පොලිසිය හරි හොඳයි.

    මගෙත් පොලිස් කතාවක් තියෙනවා තවම ලියන්න වුණේ නැති :))

    ReplyDelete
  3. හික්ස්. ස්තූතියි සනෝජ්. මම බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඉක්මනින්ම වැටුනු කොමන්ට් එක තමා මේ

    ReplyDelete
  4. ලියමු ලියමු හසිත මගේ ගාවත් ලියන්න කථා නම් තියෙනවා. දන්න කියන එවුන් කියෙව්වාට පස්සේ පාරෙ බැහැල යන්න බැරි වෙන එකයි සීන් එක. අද නම් කොමන්ට් එනවා ඉක්මනින්ම

    ReplyDelete
  5. පොලිසියේ හැමෝම නරක නැහැ මල්ලි.මාත් ඇවිල්ල පැන්ෂන් ගිය පොලිස් කාරයෙක්

    ReplyDelete
  6. කවුද අනේ නරකයි කිව්වේ. එහෙමනම් අපි අර මල් කඩනවා දැකලා මොනවත් නොකියා ඉදියිද. කොහොමද වත්තකට හොරෙන් පැනලා මල් කැඩුවා නම්. ඉවරයි නේ.

    ReplyDelete
  7. :D piliciyee mal! hmmm ubalage scl 1 mix 1kda? mmmmm ??

    ReplyDelete
  8. ඔව් මාධව. ඉස්සර ගිය ඉස්කෝලේ Mix එකක්. O/L කාලේ වෙච්ච වැඩක් තමා මේ

    ReplyDelete
  9. සෑහෙන පිනක්,, ලබන ආත්මෙ උපන් දා ඉදන් මල් කඩන්න චාන්ස් එකක් හම්බවෙන්න පුළුවන්,,,

    ReplyDelete
  10. හෙහෙ සිරාවට ම ආපයේ උනත් කමක් න. ඉන්ටෙනෙට් තියෙනවනම්

    ReplyDelete
  11. හප්පේ ගෑනු පරානයක් කිව්වොත් ඉතිං ඒ කාලේ හඳට හරි යන්න රෙඩීනෙව......

    ReplyDelete
  12. ade ube sarasavi uyane neda? passe giye mona iskooletada?

    ReplyDelete
  13. @දූපත් වැසියා:-
    දැනුත් ඉතින් කොරන්නේ ඒ ටිකම තමා. හැබැයි ඉතින් ලබන ආත්මේ ඔහොම වුනොත් නම් ගොඩේ ගොඩ

    ReplyDelete
  14. @Ano:-
    හික්ස්. කථාව ඇත්ත

    ReplyDelete
  15. @ඔබ නොදුටු ලොවක්:-
    අනිවා. දැනුත් එහෙම තමයි නේ :-D

    ReplyDelete
  16. @Dasun:-
    අඩේ උඹට වොන්ඩර්බාර් එකක් දෙන්න වටිනවා බන්. කොහොමද හරියටම කිව්වේ. දැන් යන්නේ Kingswood බන්

    ReplyDelete
  17. අද තමා මේ පැත්තට පළවෙනියට ගොඩ වුනේ මේක තමා කියවපු පළවෙනි ලිපිය.
    මේක තමා ආසම කැල්ල
    හිරේ වුනත් නරක නෑ ප්ච් එකයි ඉන්ටෙර්නෙට් කනෙක්ශන් එකයි දෙනවානම්.

    මමත් කැමති මෙහෙම වෙනවා නම්..........හික්ස්......මරු කතාව..
    :D :D :D
    හොදට ලියන්න යාළු සුභ පැතුම්

    ReplyDelete
  18. බොහොම ස්තූතියි මහේෂ්

    ReplyDelete
  19. ඒ උඹටත් මගේ නමේ කෑල්ලකුත් තියෙනවානේ බං. මම ඉස්සර හෙන ඔලුවෙන් හිටියේ මට විතරයි ඔය නම තියෙන්නේ කියලා. ඒත් තව ඉන්නවානේ බං. ලොල්ය සහෝ!

    Good Luck! අනිවා ඕනේ ලෝකෙක ලැප් එකයි broadband connection එකයි තියෙනවානම්

    ReplyDelete
  20. මොන නමේ කෑල්ලද බන්. මටත් දැන ගන්න ඕනේ ඒක

    ReplyDelete
  21. ආව් ආව්.... මෙයා පොලෝසියෙන් ගෑල්ලමයින්ත මලුත් කඩල ඩීල... අප්පොච්ච ඩැක්කනම් ටමා මලු... ඉන්නෝ මම කියන්නම්...

    අග්නි ධාරා..

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑