Sunday, November 27, 2011

නංගි කාටද කැමති ?

ඔන්න ඉතින් කලින් දාපු Funny Post එකට හොද ප්‍රතිචාර තිබුන නිසා මම අපේ O/L කාලේ වෙච්ච තවත් සිදුවීමක් ලියන්න හිතුවා. "මෙහෙම ගිහින් Tech Blog නවත්තයිද දන්නේ නෑ". අපෝ නෑ. ටෙක් බ්ලොග් ටිකකුත් ලියාගෙන, හිනා වෙන්න කථාවකුත් ලියාගෙන ඉන්න තමා මගේ අදහස.



ඔන්න එහෙනම් දාල තියෙන රූපයෙන්ම පේනවානේ මේක Love Triangle එකක් කියලා. හැබැයි මේක ටිකක් වෙනස් කථාවක්.

හොදයි අපේ කථා නායකයා තමයි... ආ නෑ මේකට කථා නායකයො දෙන්නෙක් ඉන්නවා. මොකද Love Triangle නේ :-D.

එක්කෙනෙක්ට තිබ්බා කාඩ් එක තමා "කක්කුට්ටා" (තව එකක් තිබ්බා. බ්ලොග් එක වාරණය වීමට ඉඩකඩ ඇති නිසා නොලියමි) . අනිත් කෙනා තමා "කිකිළි". කිකිළි කිව්වාට කොල්ලෙක් හොදේ.

දැන් මේකයි සිද්ධිය. මේ දෙන්නාම හොදම යාළුවෝ.  ඉතින් දැන් දෙන්නාම කෙල්ලොන්ට බැල්මවල් දානවා. කාලයක් යද්දී තමා තේරුනේ දෙන්නාම ට්‍රයි කොරන්නේ එක ගෑණු ළමයෙක්ට කියාලා. ට්‍රයි නම් කමක් නෑ කියමුකෝ.

පුරස්නේ කියන්නේ මේ ගෑණු ළමයා දෙන්නාටම කැමැත්ත දීලා තියෙනවා. ඒකනේ සීන් එක :-D. හරි.

දැන් දෙන්නාටම වැඩේ නෝට්. මොකද කරන්නේ. හොදම යාළුවෝ දෙන්නානේ. තරහ වෙලත් බෑ. ඒක නිසා දෙන්නා අපේ අනුදැනුම මත ඒක මතික තීරණයකට ආවා.

ඒක තමයි මේකට සාධාරණ කොටෙක් ගාවගන්න එක.

ඉතින් දැන් එන්න සාධාරණ කොටාත් පෙරටු කොරගෙන දෙන්නා ගියා අර කියපු ගෑණු ළමයා ගාවට. ගිහින් දැම්මා අර අසරණ සාධාරණ කොටාව ඉස්සරහට. දාල අහන්ට කිව්වා

"නංගි දැන් මෙතන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඔයා මේ දෙන්නාටම කැමැත්ත දීලා තියෙනවා. නංගි ඇත්තටම ඔයා කාටද කැමති?"

දැන් අර ගෑණු ළමයා කක්කුට්ටා දිහාත් බැළුවා. කිකිළි දිහාත් බැළුවා. සාධාරණ කොටා දිහාත් බැළුවා. බලලා සාධාරණ කොටා දිහාට ඇඟිල්ල දික් කරලා,

"ඔයාට.............................."

Categories:

Location: Kandy, Sri Lanka

24 comments:

  1. යකො ඒක තනිකර සිව්කොන් සීන් එකක් නෙ.......

    ReplyDelete
  2. මාර කෙල්ලෙක්නේ බෝල එකී ලොල්

    ReplyDelete
  3. පට්ට කෙල්ලෙක් නේ, සිව්කොන බේරන්න මට යන්න හිතයි!

    ReplyDelete
  4. @Ashen:-
    ඔව් පටන් ගන්නේ තුන් කොන් ඉවර වෙන්නේ සිව් කොන්

    ReplyDelete
  5. @Dilshan:-
    අනිවා මේක ලොල් සහගත අවාසනාවට එක් සත්‍ය කථාවක්

    ReplyDelete
  6. ලහිරු:-
    බේරන්න දෙයක් නෑ බන්. නංගි කොටාටම දීල අරුන් දෙන්නා වෙන අතක් බලා ගත්තා

    ReplyDelete
  7. @ඔබ නොදුටු ලොවක්:-
    අනිවා කොටා ගොඩේ ගොඩ

    ReplyDelete
  8. මට පස්කොන් වෙලා එන්න හිතයි..

    මුලින්ම මුන්දෙනා නා...ගෙන.... දෙන්නම දන්නවනං දෙන්නටම කැමතියි කියල අහවල් එකටෙයි සාදාරන කොටෙක් පටලෝගත්තෙ..... දෙන්න කතා වෙලා ටයිං ටේබොල් එකක් දාගෙන.... වැඩේ කොරං යන්න තිබ්බනෙ ඉටි කිරිස් වගේ......අද.. මම.... හෙට උඹ....හොහ්..හොහ්....

    X-Porter

    ReplyDelete
  9. ඒයි මෙයා... අර උඩ.. දකුනු පැත්තෙ කො‍ටුව යටිං ඇතුල් කොරන්න කියල තෙයෙන්නෙ මොක..?

    X-Porter

    ReplyDelete
  10. @X-Porter:-
    නෑ බන්. මුන් දෙන්නා ට්‍රයි කලේ වැඩේ ගොඩින් ගොඩ දාගන්නනේ. නැත්නම් ඉතින් බහු පුරුෂ විවාහ තමයි.
    ඔය ඇතුළු කොරනතැනට ඊ මේල් එක විතරක් ඇතුල් කොරන්ට හොදේ :-)

    ReplyDelete
  11. පිස්සු කෙල්ලෙක්

    ReplyDelete
  12. මමත් මෙහෙම සාමුහිකව අහලා යවපු පෙම් හසුනක් ගැන ලිවුවා.. ඒ කෙල්ලත් කැමති උනේ වෙන කෙනෙක්ට...

    ReplyDelete
  13. සාධාරණ කොටා වීමේ වාසිය

    ReplyDelete
  14. @නිසූපා-
    :-D

    @Dush-
    පිස්සුද කියලත් අහලා...

    @Dinesh-
    දැන් මේ වගේ සිද්ධි වැහි වැහැලා වගේ

    @මහේෂ්-
    වාසියද අවාසියද කියලා මම නම් දන්නේ නෑ ඕං...

    ReplyDelete
  15. යා‍කෝ මාර කෙල්ලෙක් නේ. අනිවා බැච් එකකට ඔහොම කෙල්ලෙක් ඉන්නවම තමයි

    ReplyDelete
  16. කරුමේ කියන්නේ මේ කෙල්ල අපේ වයසත් නෙමෙයි. අවුරුද්දක් හරි දෙකක් හරි බාලයි මට මතක විදියට

    ReplyDelete
  17. අද.. මම.... හෙට උඹ.. :P

    ReplyDelete
    Replies
    1. චික් ඊයා. සමූපකාර ක්‍රමේ නේද?

      Delete
  18. තව එකෙක් ආව දාට සාධාරන කොටාටත් සොරි තමා

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති වෙනවා උෟට එතකොට

      Delete
  19. සාධාරණ කොටා වෙමි... :3

    ReplyDelete
  20. ලංකාවේ කෙල්ලොන්ට කොල්ලොන්ට fitness ගැන දැනගන්න, කියවන්න මෙන්න අලුත්ම බ්ලොග් පිටුව projectfitnesslife.blogspot.com
    තමන්ට කැමති විදියට ඇග හදාගන්න, bodybuilding ගැන ඔබ නොදත් දේ, yoga තුලින් මානසික හා කායික සුවය ලබා ගන්න ආකාරය, සතුටින් සිටීමට උපදෙස්, motivation, ලස්සන picures, how to loose weight , කෙට්ටු වීම තව දුරටත් ප්‍රශ්නයක් නෙවෙයි, ශරීරයට හිතකර ආහාර සහ ආහාර රටා, supplements, ගැන දිනපතා ඔබගේ දැනුම වැඩි දියුණු කරගන්න. පිවිසෙන්න. අප හා රැදෙන්න.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑