Monday, December 5, 2011

ටොරන්ට් කියන්නේ මොනවාද - 2වන කොටස

මේ ‍පෝස්ට් එක කලින් පෝස්ට් එකත් එක්ක සම්බන්ධයි. ගොඩක් දෙනෙක් ඒක බලලා දෙවනි පෝස්ට් එකත් ඉක්මනට දෙන්න කියලා කියලා තිබුනා. ඒක නිසා ඕන්න මම දෙවනි කොටසත් ගෙනාව.මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේකේ මුල් කොටස කියවපු නැති අය ඉන්නවානම් මෙතනින් ගිහින් ඒක කියවලා කොමන්ට් එකක් දාල එන්න.
ඒක කියවපු අය දැන් මේක කියවන්න පටන් ගන්න.


මම කලින් පෝස්ට් එක නවත්තපු තැනින් තමා මේ‍ පෝස්ට් එක පටන් ගන්නේ. මතකනේ කලින් පෝස්ට් එකේ කිව්වා මල ටොරන්ට් ගැන.

අපි තමයි ටොරන්ට් එකකට එහෙම ඉරණමක් අත්වීම ගැන වග කියන්න ඕනේ. ඇත්තටම ටොරන්ට් ෆයිල් එකකින් ගන්න චිත්‍රපටිය හෝ මෘදුකාංගය හෝ අදාල දේ කොහේවත් සර්වර් වර්ගයේ පරිගණකය ගබඩා වෙලා නෑ. ඒක ගබඩා වෙලා තියෙන්නේ තවත් පරිගණක ටිකක් ඇතුලේ. ඇත්තටම කියනවානම් Seeds වර්ගයේ, එහෙමත් නැත්නම් මුලින් මෙම ටොරන්ට් එක 100%ක් ඩවුන්ලෝඩ් කරලා ඉවර වුන පරිගණක වල තමා මේ ටොරන්ට් එක තියෙන්නේ.

ඒ කියන්නේ ඒ පරිගණක නැත්නම් ටොරන්ට් ගන්න බෑ කියලාද?

හරියටම හරි. අපිට මේ ටොරන්ට් එක ගන්න බැරි වෙනවා ඒ වගේ පරිගණක ජාලගතව තිබ්බේ නැතිනම්. ඒ වගේම අපිටත් යම් යුතුකමක් තියෙනවා මේ ටොරන්ට් එක භාගත කරලා ඉවර වුනාට පස්සේ අපේ පරිගණකයත් Seed පරිගණකයක් කරලා මේ ටොරන්ට් එක තවත් පිරිසකට ලබා දෙන්න. අපිට මහා ලොකු දෙයක් කරන්න නෑ. අපි පාවිච්චි කරපු ටොරන්ට් ක්ලයන්ට් වර්ගයේ මෘදුකාංගය සක්‍රීයව තියෙන එක තමයි කරන්න තියෙන්නේ.

ලොකු දෙයක් නෑනේ.

ඇත්ත අපිට තියෙන්නේ බොහොම පොඩි දෙයක් කරන්න. හැබැයි අපි මේ දන්දීමට ප්‍රතිඵලයක් ලබනවා. මේකට කියන්නේ Tit For Tat
ඒ කියන්නේ අපි ටොරන්ට් එක අප්ලෝඩ් කිරීමේ අනුපාතම මෙම ටොරන්ට් මෘදුකාංගය මගින් ගණන් බැලෙනවා. ඊට පස්සේ ඒ අනුපාතය 1.0ට සමාන වෙන්න සමාන වෙන්න අපේ අළුත් ටොරන්ට් භාගත කිරීමේ වේගය ටොරන්ට් මෘදුකාංගය මගින් වැඩි කරවනවා. ඒවගේම අපි මේ ටොරන්ට් එක භාගත කරගෙන ටොරන්ට් මෘදුකාංගයෙන් ඉවත් වීම, එහෙමත් නැතිනම් Seed වීමට ඉඩ නොතිබීම හදුන්වන්නේ Leeching කියලා. ඒ කියන්නේ කූඩැල්ලෙක් වගේ උරාබීම වගේ අදහසක්. අනිත් අයට යමක් නොදී තමන් පමණක් ලාභ ලබා ගැනීම. මේ වගේ වැඩක් කලොත් අපිට විපාකත් හම්බුවෙනවා.

ලීච් කිරීමට විපාකය වන්නේ අපේ ටොරන්ට් භාගත කිරීමේ වේගය අඩුවීම. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. හිතන්න අපි ටොරන්ට් ලීච් කරන කෙනෙක් කියලා. අපි යම් ටොරන්ට් එකක් භාගත කරමින් ඉන්නවා. තවත් හොද Seeder කෙනෙක් අපි භාගත කරන ටොරන්ට් එකම භාගත කරන්න පටන් ගන්නවා. එතකොට සර්වර් පරිගණක Seed කිරීමට ප්‍රති උපකාරයක් විදියට අර Seederට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා එම භාගත කිරීමට. අපිව ප්‍රමුඛතා මට්ටමේ පහලට ඇද දැමෙනවා.

නමුත් Seeder කෙනෙක්ට වුනත් හැමදාම මේ ටොරන්ට් එක Seed කරන්න බෑ. තමන්ගේ පරිගණකයෙන් වෙනත් මාධ්‍යක ගබඩා කරන්න වෙනවා. එවිට මේ ෆයිල් එක ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයට සොයාගැනීමට බැරි වෙනවා. මෙහෙම ඉන්න සියළුම Seeder ලා ටොරන්ට් එක අයින් කලාට පස්සේ මේ ටොරන්ට් එක ගන්න විදියක් නැති වෙනවා. ඒ කියන්නේ ටොරන්ට් එක මැරෙනවා.

ඒකයි මම කලින් පෝස්ට් එකේ කිව්වේ ටොරන්ට් එකක් තෝරාගනිද්දී වැඩි Seeder ලා ප්‍රමාණයක් ඉන්න ටොරන්ට් එකක් තෝරාගැනීම හොදයි කියලා කිව්වේ.

ඒ වගේම ටොරන්ට් එක හොද ටොරන්ට් එකක්ද කියලා දැන ගන්නත් ඕනේ.

දැන් මම හිතන්නේ ටොරන්ට් වල තාක්ෂණික පැත්ත කථා කලා ඇති කියලා. මට තවත් දේවල් මග හැරිලා ඇති. එක පාර ලියන්න මතක් වෙන්නේ නෑ. මොනවා හරි මඟ හැරිලා නම් සමාවෙන්න ඕනේ.


දැන් මම කථා කරන්න යන්නේ ටොරන්ට් සර්ච් එන්ජින් ගැන.

මොකක්ද මේ ටොරන්ට් සර්ච් එන්ජින් එකක් කියන්නේ.

ටොරන්ට් සර්ච් එනිජින් එකක් කියන්නේ (TSE) කවුරුන් විසින් හෝ අන්තර්ජාලයට එක් කරලා තියෙන ටොරන්ට් එකක් ගැන විස්තර හොයලා දෙන වෙබ් අඩවියක්. සමහර විට එම වෙබ් අඩවියේම අන්තර්ගත හෝ වෙනත් ස්ථානයක අන්තර්ගත ටොරන්ට් ගැන මේකෙන් හොයලා දෙනවා වෙන්න පුළුවන්.

අපිට මේ ටොරන්ට් එකක් භාගත කරද්දී මුහුණ පාන්න වෙන අකරතැබ්බයක් තමා ටොරන්ට් ෆයිල් එක Fake එහෙමත් නැත්නම් ව්‍යාජ එකක් වීම. මට නම් තාම එහෙම සිද්ධියකට මුහුණ පාන්න වෙලා නෑ. හැබැයි මගේ යාළුවෙක්ට තෙවරක්ම චිත්‍රපටි(700MB,1.5GB,599MB) භාගත කිරීමේදී එවැනි අත්දැකීම් වලට මුහුණ පාන්න වුනා. මොකද මේ ටොරන්ට් එකේ තියෙන චිත්‍රපටිය භාගත කරලා Play කලාම ඒ වීඩියෝ එකේ මැසේජ් එකක් වැටෙනවා "To Play the full movie you need CoralPlayer" කියලා. අපි හොයලා බැළුවා ඒ කියන ප්ලේයර් එක කොහොමද කියලා. ඇත්තටම කියනවානම් ඒක SPAM අඩවියක්. තමන්ගේ ව්‍යාජ ප්ලේයර් එක ව්‍යප්ත කර ගන්න කරන උපායක් තමයි මේ බොරු චිත්‍රපටි ටොරන්ට්.

දැන් හිතන්න පුළුවන් මේ තත්පර ගානක පණිවුඩයක් කොහොමද 1.5GB වෙන්නේ කියලා. ඇත්තටම මටත් ඔය ප්‍රශ්නේ ආවා. ඒක නිසා තමයි මමත් ඒ වීඩියෝ එක මීඩියා ඉන්ෆෝ බැළුවේ. ඇත්තටම මට ටොරන්ට් එක උඩුගත කරපු පුද්ගලයාගේ මවු පාර්ශවය සිහියට නැගුනා ඒ වෙලාවේ. ඒ වීඩියෝ එකේ Bit Rate එක 30'000 ගානක් වගේ තමා තිබ්බේ මත මතක විදියට.

හැබැයි දැන් නම් මගේ යාළුවාට කවදාවත් ආයේ ඔහොම වැඩ වෙන්නේ නැති වෙයි. මොකද මම කිව්වා ටොරන්ට් එකක් හරියට හොයාගන්න හැටි.

අෆ්ෆෝ. පෝස්ට් එක උවමනාවටත් වඩා දික් වුනා වගේ. මම හිතුවේ මේ පොස්ට් එකින් ටොරන්ට් කියන්නේ මොනවාද කියන ලිපි ඉවර කරන්න. කමක් නෑ. එහෙනම් ඊලඟ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් කොහොමද හොද ටොරන්ට් එකක් තෝරා ගන්නේ කියලා හා නිවරදිව භාගත කරන්නේ කියලා.

(එතෙක් රැදී සිටින්න අපේ ‍Facebook පිටුවෙන්, Feed Burner මගින් හා Google Friend Connect මඟින්. මීලඟ ලිපිය හැකි ඉක්මනින් ඔබ අතට පත් කිරීමයි මගේ අරමුණ)

මේකේ ගුණ දොස් කියලා කොමන්ට් එකක් දාලම යන්න. කලින් පෝස්ට් එකට හොද කොමන්ට් තිබ්බ නිසා තමයි මම මේකත් ලියන්න හිතුවේ.

අවසන් ලිපිය කියවන්න.>>

Categories:

Location: Kandy, Sri Lanka

14 comments:

  1. වැඩේ දිගටම කරගෙන යන්න. අපේ අයට හරි දේ කියලා දෙන එක වටිනවා.

    ReplyDelete
  2. නියම ලිපි මාලාවක්!!!
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම පාවිච්චි කරන්නේ utorrent එකෙත් Tit For Tat තියෙනවද?
    ඊලග පෝස්ට් එකත් ඉක්මනට දෙන්න :-D

    ReplyDelete
  3. salinda-එල එල දිගටම ලියන්න.මට පොඩි ගැටලුවක් තියෙනවා.අපිට පුලුවන්ද අපේ Tit For Tat එක බලා ගන්න..පුලුවන්නම් කොහොමද ඒ?

    ReplyDelete
  4. ගින්දර

    ReplyDelete
  5. Hodaaiiiiiii... obata subha pathanawa!

    ReplyDelete
  6. down load සහ force down load ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  7. ඉල්ලීමක් කරලා තිබුන හින්දා ඔන්න ලියනවා. හික්!
    ඔය සීඩ් කරන එකනම් පට්ට වටිනවා . මොකද සීඩ් කලහම වේගය වැඩිවෙනවා කියන එක නම් 1000% ඇත්ත. ඒක මගේ අත්දැකීමක්. මම දවසක් චිත්‍ර පටයක් ඩවුන්ලෝඩ් කළා 700 mb විතර . ඒක සීඩ් කළා රේසියෝ ඒක 1.0 වෙනකම්. අම්මට හුඩු ! ඊළඟ ටොරන්ට් ඒක දැම්මම එනවා ඒමක් බුදුවෙන්න. එත් ඉතින් අපේ කාලකන්නි නෙට් නිසා මේ සීඩ් කොරන ඒක කොරන්න බෑ. මොකද මුන් මාසික දත්ත සීමාව හදන්නේ අප්ලෝඩ් ,ඩවුන්ලෝඩ් දෙකම එකට එකතු කරලා. 700 mb ඩවුන්ලෝඩ් කරලා ඒක අප්ලෝඩ් කලහම 1.4gb ගිහින් . මට මාසෙකට තියෙන්නේ 5 gb.ඉතින් කොරහන්කෝ සීඩ්.
    යාලුවෙක් අහලා තියනවා utorrent එකෙත් Tit For Tat තියෙනවද? කියලා, Tit For Tat කියන්නේ දෙන තරමට ලැබෙන සම්ප්‍රදායට . තමුන් වැඩිපුර සීඩ් කලහම ඊළඟ ෆයිල් එක වැඩිවෙගයකින් ඩවුන්ලෝඩ් වෙනවා.
    තව යාලුවෙක් අහලා තියනවා Tit For Tat බලාගන්න පුලුවන්ද කියලා. එහෙම බෑ . නමුත් ratio එක බලාගන්න පුළුවන්. මේ ratio එක 1.000 අගයට හෝ ඊට වැඩිනම් ගොඩක් හොඳයි. මෙතන ratio එක කියන්නේ අප්ලෝඩ් ,ඩවුන්ලෝඩ් අතර අනුපාතය.
    bittorrent වලට නම් social library කියලා අතිරේක app එකක් තියනවා. ඒ මගින් පෙන්න්වනවා අප්ලෝඩ් ,ඩවුන්ලෝඩ් අතර අනුපාතය. කොළ පාට flag එකකින් පෙන්වන ටොරන්ට් ඉවත් කරන්න පුළුවන් . අනෙක්වා ඉවත් කරන්න සුදුසු නැහැ.

    ReplyDelete
  8. @Madhawa Habarakada-
    බොහොම ස්තූතියි

    @ABV-
    බොහොම ස්තූතියි. ඊලඟ ලිපියත් ඉක්මනටම දෙන්නම්

    @Anonymous1-
    හැම ටොරන්ට් ක්ලයන්ට් එකක්ම පාවිච්චි කරන්නේ TfT

    @Anonymous2-
    අර අපේ යාළුවා කියල තියෙන විදියට තමා කරන්න තියෙන්නේ. Ratio එක කියන්නේ Tit for tat බැළුවා වගේ තමයි.

    @Anonymous3-
    බොහොම ස්තූතියි

    @Anonymous4-
    බොහොම ස්තූතියි

    @indika-
    බොහොම ස්තූතියි උදව්වට යාළුවා. මම මේ දවස් ටිකේම බ්ලොගය පැත්තේ ආ‍වේ නෑ.

    @බිඟූ...!-
    බොහොම ස්තූතියි

    @Anonymous5-
    බොහොම ස්තූතියි

    ReplyDelete
  9. නියමයි එල එල එල.

    ReplyDelete
  10. Honda lipiyak. thanx

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑