Friday, December 23, 2011

කරදර වෙන්න එපා ඇන්ටි !!!


ඔන්න ටික කාලයක නිහඬතාවයකට පස්සේ ආපහු හිනා වෙන්න පෝස්ට් එකක් දානවා. මේක වුනේ මම හවස ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එන්න බස් හෝල්ට් එකේ ඉද්දී.
ඔන්න ඉතින් අපි සෙට් එක අනන් මනන් බොරු ඇදබාමින් ගජබින්නාලංකාරය නැවත ලියමින් සතුටින් බස් හෝල්ට් එකේ කාලය ගත කලා.

"මචන් උඹ දන්නවාද මම ඊයේ NFS කාබන් ගහලා ඉවර කලා බන්."

"යකෝ තෝ දැන්ද ඕක ඉවර කලේ. මම ඕක ඇවිල්ලා සතියෙන් ඉවර කලා බන්"

"පල ඩෝ යන්න බොරු කියන්නේ නැතිව"

"ඒ මචන් ඇත්තද බන් අරූ මගේ GFට සීන් කියන්නේ"

"ඌ නම් සීන් ද දන්නේ නෑ. හැබැයි මම නම් සීන්"

"#%#^G$%%&Z"

ඔන්න ඔය විදිහට අනන් මනන් කියවමින් ටික වෙලාවක් ඉද්දී අර උඩ රූපෙන් පේන විදියට අම්ම යි දුවයි (වෙන්න ඕනේ) දෙන්නෙක් ඇවිල්ලා අපිව පහු කරන් ගියා. දුව ගිය විදියෙන්ම අපිට තේරුණා ටිකක් අප්සට් චරිතයක් කියලා.

ඔය අස්සේ අපේ එකෙක් අපිට ඉඟියක් කලා කෙල්ල ගියාට පස්සේ නොබල ඉන්න කියලා.

අපි ඉතින් නොබල ඉන්නවා වගේ බලා ගෙන හිටියා. දැන් අර කෙල්ල යි අම්මයි අපිව පහුකරලා ගියා.

අම්ම යන ගමන් දෙතුන් පාරක්ම අපි දිහා හැරිලා බැළුවා අපි ඒයාගේ දූ පැටික්කිය දිහා බලාන ඉන්නවාද කියලා.

ආපහු දෙතුන් පාරක් බැළුවා.

අපේ සෙට් එකේ එකෙක්ට උපරිමේට මල පැන්නා.

"ඇන්ටි බය නොවී යන්න. අපි දුව දිහා බලන්නේ නෑ !!!!!"

Categories:

11 comments:

  1. අසික්කිත කොල්ලෝ ටිකක්.. අර ඇන්ටිට දුක හිතෙන්න ඇති දුව දිහා කොල්ලෝ බැලුවේ නෑ කියල

    ReplyDelete
  2. ලපටි කෙහෙල් වලට ආස ඇන්ටිපා...කෙනෙක් වගේ... එයා බලල තියෙන්නෙ උඹල එයාදිහා බලනවද කියල.....

    X-Porter

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. @Ano:-
    මම ඒ කොමන්ට් දෙකම අයින් කලේ ඔයා මට බැන බැන පාවිච්චි කරල තිබ්බ භාෂාව පොඩි ළමයෙකුට තියා අපිටවත් කියවන්න බැරි නිසායි. මම මේ ලිපිය මේ විදියට ලිව්වේ එදා වෙච්චි හරි සිදුවීමම කියන්න. ඒ වුන ආකාරයටම. නැතුව සිංහල භාෂාව වට්ටන්න නෙමෙයි.

    ReplyDelete
  6. @ජීනියස්-
    නෑ මේකනේ.සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් අමුතු විදියට ‍පාරේ යද්දී අපිට ඉබේම ඒ දිහා බැලවෙනවානේ. කැත හිතක‍ට නෙමෙයි.

    ReplyDelete
  7. @හඟුරා-
    බොහොම ස්තූතියි කොමන්ට් එකට. කථාවේ ටිකක් අතිනුත් දැමිලා තියෙනවා. :-D

    ReplyDelete
  8. @X-porter-
    එහෙම කියන එකත් එච්චර හරි නෑනේද බන්. එදා අපේ එකාටත් තරහ ගිහිල්ලා කිව්වාට ඌටත් පස්සේ දුක හිතුනා.

    ReplyDelete
  9. ෂිට් කැත නෝන්ඩිය

    ReplyDelete
    Replies
    1. අනිව. කරන්න දෙයක් නෑ බන්.

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑