Friday, December 30, 2011

උබුන්ටු අයින් කලත් තාමත් OS Selector පෙන්වනවාද?


අදත් පොඩි වැඩ කෑල්ලක් තමා කියල දෙන්න යන්නේ. මම දැන් ටිකකට කලින් උබුන්ටු පරණ වර්ශන් එකක් ඉන්ස්ටෝල් කලා. හැබැයි Re-start කලාම හරියට Installation එක වැඩ කරන්නේ නෑ. මොකද කියන්න නම් දන්නේ නෑ. හැබැයි පරණ වර්ශන් එකක් නිසා කියල තමයි මට හිතුනේ. ඊට පස්සේ ආපහු Boot කරලා WinXP වලට ඇවිත් Ubuntu අයින් කලා. ඒ Un-installer එකෙත් පොඩි අවුලක් තියෙනවා. ඒක නිසා උබුන්ටු අයින් කලාට පස්සෙත් OS Selector එක පෙන්නනවා.



මට හිතුනා මේක අපේ යාළුවන්ටත් සමහර විට ප්‍රශ්ණයක් වෙලා ඇති කියල. ඒක නිසා ඔන්න දැන් කියල දෙන්න යන්නේ කොහොමද ඒක අයින් කරගන්නේ කියලා.

මුලින්ම My Computer මත Right Click කරලා ඒකේ එන Properties කියන Menu Item එක මත Click කරන්න.

ඒතකොට System Properties කියන Dialog Box එක ලැබේවි. එතනින් Advanced කියන Tab එකේ තියෙන Startup and Recovery කියන Group Box එකින් Settings කියන Button එක Click කරන්න.

එවිට ලැබෙන Startup and Recovery කියන ‍සංවාද කොටුවෙන් සිස්ටම් ස්ටාර්ට් අප් කියන තැන තියෙන එඩිට් (Edit) කියන බොත්තම ක්ලික් කරන්න.

එවිට තමන්ගේ ඩිෆෝල්ට් ටෙක්ස්ට් එඩිටර් එක විවෘත වෙයි නව ගොනුවක් සමඟ.

දැන් තියෙන්නේ ඉතාමත් පරිස්සමින් කරන්න ඕනේ වැඩක්. බලන්න මෙතන තමන්ගේ හාඩ් ඩ්‍රයිව් අකුරක් සමඟ Ubuntu කියල වචනයක් තියෙනවාද කියලා.

මේ රූපයේ පෙනෙනවා ඇති C:\wubildr.mbr = "Ubuntu" කියල කොටසක් තියෙනවා. ඒක නිසා තමයි මගේ පද්ධති ආරම්භයේදී උබුන්ටු තොරාගන්න අවස්ථාවක් තියෙන්නේ. දැන් ඒක මේ විදියට මකල ඉවත් කරන්න.

දැන් මේ ෆයිල් එක සුරැකුම් කරන්න. (Save)


දැන් නැවත පණගැන්වීමක් කරල බලන්න. කරදරකාරී ඒ වින්ඩෝව නැතිව ගොස් ඇති බව පෙනේවී.

Categories:

4 comments:

  1. niyamae machan ... wade ok mamath karala baluwa

    ReplyDelete
  2. @ANO-
    බොහොම ස්තූතියි කොමන්ට් එකට. මම හිතුවේ කොමන්ට් නැත්තේ වෙන කාටවත් මේ අවුල නැති නිසාද කියලා.

    ReplyDelete
  3. @මේසන් බාස්-
    අනිවා වැඩේ ගොඩයනවා

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑