Monday, January 2, 2012

ශීට් කෑලි ඩෝං ඩෝං


අවවාදයයි. මෙම කථාව කියවා අත්හදා බැලීමට යාමෙන් දරුණු ප්‍රතිවිපාක ලැබිය හැක.



උපුටා ගැනීම අන්තර්ජාලය
කට්ටිය දන්නවා ඇතිනේ Fibro Cement Roofing ගැන.

දැන්නේ නැද්ද. අර වහලෙට වහන ශීට් කියලා ජාතියක් තියෙන්නේ. අන්න ඒවා තමයි Fibro Cement Roofing කියන්නේ.

ඔන්න ඉතින් මම 11 වසරේ ඉන්න කාලේ. නෑ. 10 වසරේ වගේ තමයි මතක. දවසක් අපේ ඉස්කෝලේ පිටි පස්සේ කුණු වගයක් පුච්චනවා. මමයි අබයි වලක් බැහැලා හිටියේ. දන්නවානේ වල. 
චැහ්. කුණු පුච්චනවා කියන එක එච්චර හරි නෑ වගේ. ලියමු කුණු ප්‍රතිචක්‍රීකරණය කියලා.

ඔන්න ඉතින් අපි ඉස්කෝලේ වටේ රවුමක් ගහලා එද්දී නිකමට මේ පැත්තෙත් යැවුනා. අප්පේ මෙන්න පොඩි එවුන් සෙට් එකක්. (පොඩි කිව්වාට 9 හෝ 10. අපි 11 නම් උන් ටික 10 වෙන්න ඕනේ. ) දාගෙන අර කුණු ප්‍රතිචක්‍රීකරණයට උදව් දෙනවා. ඒ කියන්නේ පන්ති වල තියෙන කුණු ගෙනත් දානවා අර ගිණි ගොඩට.

ඔය අතරේ වට පිට බලද්දී මගේ නෙත ගැටුනා පරණ ශීට් කෑලි ටිකක්. ඕව් ඔව් අරවම තමා.

ඉන් පස්සේ මේක තමයි මමයි අබායි අතර ඇති වෙච්ච දෙබස.

මම- මචන් උඹ දන්නවාද බන් අර ශීට් කෑලි ගින්දරට දාපුවාම පුපුරණවා කියලා ?

අබා- නෑ බන්. බොරු කියන්න එපා.

මම- බොරු නෙමේ බන්. බොරු නම් කෑල්ලක් දාපන්කෝ ගින්දරට.

අබා- පොඩ්ඩක් ඉදහන් බලන්න.

අබා මෙහෙම කියලා අර කෑල්ලක් අරන් දැම්මා ගින්දරට. ම්හු නෝ සද්ද. මම කරවෙයිද.

අප්පේ වෙලාවට මාව බේරලා අර ශීට් කැල්ල පිපිරුවා. අඩේ අබාටත් මාර හැපි. මූ තව කෑලි දෙක තැනක්ම දැම්මා ගින්දරට. ඒවත් පුපුරපි අර සද්දේටම. 

කොහොමෙන් කොහොම හරි ඔය වැඩේ ඉවර කොරලා අපි එන්න පිටත් වුනා විතරයි තවත් කෑලි ටිකක් පුපුරණවා ඇහුණි නැති වෙන්නම. අබ සරණයි. මෙන්න අර පොඩි එවුන් සෙට් එකත් දානවා අරවා ගින්දරට. උන්ටත් ආතල්.

අපි ඉතින් උන්ගේ ආතල් එකට භාදා නොකරම එන්න එද්දී මෙන්න සර් කෙනෙක් ඇවිත් අර සෙට් එකට බනිනවා. මොකක්ද මේ පුපුරන්නේ කියලා.

අපිට ලාවට වගේ ඇහුණා කවුරු හරි කියනවා අර අයියාලා තමයි මුලින්ම දැම්මේ කියලා.

මදෑ මාරුවෙන්න ගියා. සර්ගේ අතටම නෝන්ඩි. මොකෑ කොරන්නටද කියලා අපි කටවහගෙන හිටියා.

දැන් සර් අපිට බනිනවා. "මොනවාද මේ පොඩි ළමයිට කියලා දෙන දේවලා. කාට හරි තුවාල වුනොත් එහෙම" (බලධරයා විසින් කපා හරින ලදී)

මෙහෙ එනවා කියලා අපි දෙන්නාව ඇදන් ගියා අර කුණු ගොඩ ගාවට. ගිහිල්ලා කියපි අරවා සුද්ධ කරන්න කියලා. ඒකරලා සර් ගියා.

ඔන්න ඔය වෙලාවට තමයි මගේ සාක්කුවේ හැංගිලා තියෙන ප්‍රිෆෙක්ට් බැජ් එක එලියට ආවේ. ඕක ගහගෙන පොඩි එවුන් දෙතුන් දෙනෙක්ට වැඩේ බාර දීල අපි එතනින් හෙමීට මාරු වුනා. 

අපි සුද්ධ කොරයි කුණු ගොඩවල් කිව්වාලු.



Categories:

10 comments:

  1. අනේ අනේ, තො‍ෆිලද මිනිස්සු?

    ReplyDelete
  2. අපේ ඔපීසියෙදි මාත් ඔය වැඩේ කලා.

    ReplyDelete
  3. හප්පා දැකපු ගමන් හිතුනේ ෂිට් කෑලි කියලා.....(shit)

    ReplyDelete
  4. @පැතුම්-
    අනිවා බන්. අපි වගේ වෙන්න එපෑය

    @රාජ්-
    මක්කෙයි ඊට පස්සේ උනේ?

    @නොදුටු ලොවක්-
    ඒ ගැනත් පෝස්ට් එකක් කමින් සූන් තමා. බලාගෙන ඉන්නකෝ :-)

    ReplyDelete
  5. ෂිට් ඔහොම පුපුරනවා නම් මාත් අපේ ගෙදර බිත්තියට හේත්තු කරලා තියෙන සීට් කෑල්ල පුච්චනවා.

    ReplyDelete
  6. @මධුරංග-
    කරලා බලහන්කෝ. හැබැයි ඈත්වෙලා කරන මඟුලක් කරහන්

    ReplyDelete
  7. අපේ ගෙදර වහලත් ශීට්. ගිනි තියල බලන්න ඕන.

    ReplyDelete
  8. @Cheena-
    මල කෙලියයි. මූ ගේ ගිනි තියලා මට හිරේ යන්න වෙයිද දන්නේ නෑ. ඕන් මම නෙමෙයි මේක ලිව්වේ ඈ...

    ReplyDelete
  9. Replies
    1. ට්‍රයි. අවවාදයයි. මෙම පෝස්ටුව ලීවේ මම නෙමෙයි ඈ

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑