Monday, January 9, 2012

මේ තියෙන්නේ බොල අත්සන...

අනේ තොපිත් කරන වැඩ කියලා කට්ටියට මේක කියෙව්වාම හිතෙයි.
දන්නවානේ අළුත් අවුරුද්දකට සීසන් ගන්න ගියාම ඩිපොවලින් ලෙඩ කෝටියයි කියලා. අරව කියයි, මේවා කියයි. එපා‍ වෙනවානේ. අපි නම් ඉතින් දිවි පුදා CTB නොවෑ. ඒක නිසා ඊලඟ දවසේ ගෙදර යන්න හරි CTBයක් එනකන් ඉන්නවා.

ඉතින් අළුත් අවුරුද්දකට සීසන් ගද්දී ඉස්කෝලෙන් දෙන ලියුමක් අරන් ගියාම වැඩි කරදරයක් නැතිව සීසන් එකක් ගත හැකි. මම නම් ඔය කරුමේ කලින්ම ලියුමක් ලියලා ඉවර කර ගත්තා. ඒත් ඉතින් අපේ ජැක් කාලිස්ටයි GKKටයි සීසන් ලියුම ගන්න බැරිවෙලා.

මලා... එදාම පන්තිභාර ගුරුතුමිය (:-)) ඇවිල්ලත් නෑ. මොකද කරන්නේ. මුරා ගෙන් (අංශ ප්‍රධාන) ගෙන් අත්සන ගන්නත් පන්තිභාර ටීචර් ගේ අත්සන ඕනේ නොවෑ.

අපිට ඉතින් හොර අත්සන් කියන්නේ මහ දෙයක්ය. ගැහුවා අර ෆෝම් දෙකටම හොර අත්සනක්. අරගෙන ගියා. ඔය යද්දී අපිට වඩා ඉහලින් තිබ්බ පන්තියක හිටපු අයියා කෙනෙකුත් ඕකට මුරාගෙන් අත්සන ගන්න ඇවිත් තිබ්බා.

මෙයත් ගහගෙන ඇවිල්ලා තිබ්බේ හොර අත්සනක් තමා.

"කාලිස්- ඒක්ස්කියුස්මී සර්, මේ සීසන් ෆෝම් එකට අස්සන්...."

"මුරා- කෝ දෙන්න. (කියලා අත්සන් කලා)"

"අර අයියා- සර්,"

"මුරා- කාගෙද අයිසේ මේ අත්සන ???"

"අයියා- සර් , චිත්‍රටීචර්ගේ"

"මුරා- අයිසේ මම දන්නේ නැද්ද චිත්‍ර ටීචගේ අත්සන. බොරු කරන්නේ නැතිව ගිහින් අත්සන අරන් එනවා"

"GKK- සර් මගේ ෆෝම් එක !!! (ඩිග් ඩිග් ඩිග් ඩිග්...)

"මුරා- (අර අයියා අමතා) අයිසේ මේ තියෙන්නේ චිත්‍ර ටීචගේ අත්සන. එනව මෙතන බොරු කියන්න"

කථාවේ හොදම හරිය.

අපේ එකාත් ගහගෙන ගියේ බොරු අත්සනක්. 

Categories:

11 comments:

  1. හික් හික් හික් මාර ගැන්සියක්නේ...දෙවනි එකත් හොර අස්සනක් නේ.....

    ReplyDelete
  2. හික් හික් සිම්පලේ ගේම් අපි ගොඩ ගියෙත් ඔහොම තමා

    ReplyDelete
  3. මං දවසක් ඩිපෝවටත් අහු උනා වැරදි අස්සන ගහන් ගියෑම..

    ReplyDelete
  4. මුරාත් ෆට්ට පොරක්.. පොඩි හොරැන්ට සපෝට් :)

    සිරා කතාව බොල ලහිරැවෝ..

    ReplyDelete
  5. @ ඔබ-
    අපි නොගහපු හොර අත්සන් කිව්වාලු

    @ඇනෝ-
    අන්න මචන් නියමයි

    @අමිල-
    අපි නම් සීලුත් හදාගෙන ගහගෙන යනවා

    @සෑම්-
    සිරාවට ඌ හොද පොර. (මේක බලනවානම්.)

    ReplyDelete
  6. ටිකක් බය වෙලාද මන්දා.. ෂේප් වෙන්න හොද කියන්නේ...

    ReplyDelete
  7. මොකක්ද ඒ කථාව. ටියුබ් ලයිට් වගේ

    ReplyDelete
  8. ඔයාගේ බ්ලොග් එකට ඔයා කැමති .com .net .org .info වගේ top level paid domain එකක් දිනාගන්න
    අලුතින් වෙබ් එකක් හදන්න paid domain name එකක් සහ paid hosting දිනාගන්න
    දැන්ම එකතුවන්න
    තවත් අලුත් දේවල් ගොඩාක් රසවිදින්න. ශ්‍රී ලාංකීය තාක්ෂණික හා අධපණික විවෘත කේත ව්‍යාපෘතිය
    http://www.sinlix.org/info/free_domain_hosting.html

    ReplyDelete
  9. හොර අත්සන් ගහලා මාට්ටු වෙලානම් නැතෝ

    ReplyDelete
  10. අනේ තොපිත් කරන වැඩ

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑