Thursday, January 12, 2012

ඒ බලපන් බන් මේකා මගේ කෙල්ලට කරලා තියෙන වැඩේ

කලින් වගේ හිනාවෙන්න පෝස්ටුවක් කියලා හිතුවත් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.

ඔන්න ඉතින් වෙනව්‍දා වගේම ඉස්කෝලේ ඉවරවෙච්චි ගමන් බස් හෝල්ට් එකට දුවගෙන ආවා. අපෝ නැත්නම් කොහොමද මෆහැලිගම බස් එක මිස් වෙනවානේ. අපේ සෙට් එක එන්නේ ඒ බස් එකේනේ.

අපේ සෙට් එක හිටියේ එක එක පාසල් වල. ඒත අපි හැමෝම හිටියේ බුදු ෆිට් එකින්.

ඉතින් දන්නේ නැද්ද ඕවා අතර ‍පොඩි පොඩි මල් කැඩිලිත් යනවානේ. ඒ වගේම Pure Love කට්ටියත් හිටියා. අපිට නම් ඉතින් මොන පියෝ ලව් ද. මල ඉලව් තමා ඒ කාලේ. පිස්සු කෙලිනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නෑ.

වෙනද වගේම සුපුරුදු විදියට අපි සෙට් එක දොරේ ආතල් එකේ ගියා. ඇතුලේ කලින් කිව්වා වගේ සෙට් දෙක තුනක් මල් කඩනවා. ඔය අතරේ අපිත් එක්ක හිටපු එකෙක්ගේ ගෑණු ළමයා (කෑල්ල කියන නම මම ඒ නංගිට පාවිච්චි කරන්නේ නෑ. එයා ඇත්තටම ආදරේ කරපු කෙනෙක්) කෑ ගැහුවා.

සෙට් එකම එතනට බැස්සා. මාර වැඩේ (ඒ කියන්නේ වෙල්මා මොකක් හරි හොයාගෙනද?) කෙල්ල අඬනවා. හෝ ගාල (සද්දේ හරි නැත්නම් කොමන්ට් එකක් දාලා යන්න)

අපේ එකා මොකද වුනේ කියලා අහන්න යනවා. කෙල්ල තවත් හයියෙන් අඬනවා. යකෝ මටත් මාර මල. ඇයි බොල වෙච්චි මඟුලක් කියලා එපෑය අඬන්න. මොන මඟුලක් වුනාද කියලා අපි කොහොමද දන්නේ.

කොහොම හරි ටික වෙලාවකට පස්සේ කෙල්ල අපේ මෑන්ගේ කණට කරලා මොකක්ද කිව්වා. මළා. මෙන්න මූ රතුවෙන්න පටන් ගත්තා. මූ ඇවිල්ලා අපේ කනට කරලා විස්තරේ කිව්වා.

නාකි ජැක් කාලිස් කෙනෙක් වැඩේ ගොඩක් දුර දිග අරන් ගිහිල්ලා. අර ගෑණු ළමයාගේ ගවුම යටින් අත...

ඉතිරි ටික කියන්න මට නිකම් මොකක්ද වගේ.

ඇයි බොල අපේ එකෙක්ගේ ගෑණු ළමයාට මෙහෙම දෙයක් වුනාම අපි බලාගෙන ඉදියිය. සෙට් එක වටවුනා අරූ ළඟට.

"නැගිටපන් ඩෝ..."

"ඇයි ### තොට අම්මලා නංගිලා දුවලා නෑනලා *********** නැද්ද යකෝ. මෙහෙම ප$ වැඩ කරන්නේ"

"යකෝ තොගේ දුව වගේ නේද මේ කෙල්ල"

අරූ සද්ද නෑ. ඇදලා අරගෙන නෙළුවා නැති වෙන්නම. ඒත් කථා නෑ. මූ ගොළුවෙක්ද?

කොහොම හරි මුළු බස් එකම මූට අවලාද නඟනවා. ඒත් මූ නෙමෙයි සැළුනේ.

කොහොම හරි අපි අර කෙල්ලවත් සනසාගෙන අඬන එක නවත්තලා ආවා.

ඒත් මූ නෙමෙයිනේ අර ලැජ්ජාවට කියලාවත් බස් එකෙන් බැස්සේ.

Categories:

29 comments:

  1. අංකල්ලා තමා බොල ඔය සීන් කොරන්නේ,

    අපිත් එක පාරක් උඩ දාගෙන නෙලුවා ආයෙත් චාන්ස් එන්නේ නැහැනේ

    ReplyDelete
  2. මෙහෙ ආවොත් චාන්ස් එකක් අරන් දෙන්නම් තව එකෙකුට නෙලන්න. තව ජැක් කාලිස් කථාවක් තියෙනවා. ඒකත් ඉක්මනටම දාන්නම්

    ReplyDelete
  3. මන්තුමා ජැක්සන් කෙනෙක් ට නෙලන්න අසාවෙන් පසුවන්නෙමි ...............

    ReplyDelete
    Replies
    1. අනේ උඹලටත් තියෙන ආසවල්

      Delete
    2. ඔව් බන් ඔය මයිකල් ජැක්සන් කෙනෙක් මට සෙට් වෙලා ම නැහැ නේ .............අසවේ බෑ

      Delete
    3. නුවර පැත්තේ වරෙන් බන්. අල්ලලා‍ දෙන්නම් එකෙක්

      Delete
  4. ඔය වගේ එවුන්ට නෙලන්න ඕනේ රිම්පට් වෙන්න...කබරයෝ වගේ ඩයල් ඉන්නවා කොච්චර ගැහුවත් වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනිවා. මූටත් ගැහුවට පොඩ්ඩක්වත් ලැජ්ජාවක් ආවේ නෑනේ

      Delete
    2. නිකන් දීල මදි බන් දෙන අක දෙන්න ඕනේ ලොකු ඉස්සන්ගෙන්

      Delete
    3. ගැහුවා බන් මූට නැති වෙන්නම. ඒත් වැඩක් නෑ. ඔබ කිව්ව විදියට කබරයෙක්ම තමා

      Delete
  5. නියමයි මලයා....අරූට නස්තාර් වෙන්න සොට් එක දෙන්න තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. ගැහුවා තමා ඌට නැති වෙන්නම

      Delete
  6. Replies
    1. අයිස් අක්කා මෙන්න මට හොඳ කියලා. දැක්කද පහල එකෙක් බැනලා ගිහිල්ලා

      Delete
  7. යකෝ උබල නිකන් හිටියද, හත් අට දෙනෙක් හරි එකතුවෙලා බොකු බඩවැල් එළියට එනකන් අනින්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරානම් ඌ මැරිලා යයි. එතකොට ඌ පාඩමක් ඉගෙනගන්නේ නෑනේ. දැන් ඉතින් වටේ පිටේ ඉන්න මිනිස්සුත් ඌ ගැන දන්නවානේ

      Delete
  8. jak akak gahala nathi ponnayo tikak commet karala..

    ubala harima ස්ත්‍රි වාදින් නේ.. තුහ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. අපේ අම්මත් ස්ත්‍රියක් තමා

      Delete
    2. තව දෙයක් ඔය ඇනෝ ගිහින් අම්මාට ජැකක් තියන්න. එතකොට තේරෙයි ස්ත්‍රී වාදීත්වය

      Delete
  9. .....මේ ඇනෝ උබ ඔය ආතල් කියල හිතන ජැක ....උබේ අම්මට..නැත්නම් නංගි කෙනෙකුට වැඩිය ඕනෙනැහැ උබේ කෙල්ලට ..උබත් එක්ක බස් එකක යනකොට ගැහුවනම්...උබ දැන් ඔය කමෙන්ට් දැම්ම වගේ ආතල් එකේ ඒකත් බලාගෙන ඉඳල අර ජැක් ගහන එකාට මෛත්‍රි කරනවද?....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකමයි මාත් කියන්නේ. (y)

      Delete
  10. ai ubala uuuuwa bus eken pyn gahala eliyata demme naththe

    ReplyDelete
  11. oya wage ewunta nelana ekanam patta athal wadak thama. Kagenwat benum ahannet nathuwa. Hamogenma honda ahagena, ape athe paye hiri yawaganna puluwan. Apitath oya wage seen 2k 3kma set una nelanna.

    ReplyDelete
  12. KMPlayer ඒක භාවිතා කරනවනං මෙන්න මේ සොෆ්ට්වෙයා ඒකත් පාවිච්චි කරන්න, මේකෙන් පුලුවන් KMPlayer ඒකේ තියෙන අැඩ් සම්පූර්ණයෙන්ම අයින් කරන්න..
    Size : 145Kb
    screenshot : goo.gl/RSCEtz
    Download link : goo.gl/YWltcD

    Thank you

    ReplyDelete
    Replies
    1. Firewall එකෙන් block karama lesine

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑