Tuesday, January 17, 2012

ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි. ඔන්න ඉතින්....

කථා බහක් නැතිව හිටිය මාතෘකාවක් ගැන තමා අද මම බහින්න හිතුවේ. නිකන් හිනාවෙන පෝස්ට් නම් දාත හැකි දෙසීය තුන්සීය. හැබැයි මේ වගේ දෙයක් ගැන මම කථා නොකලොත් මේ පොඩි එකාගෙන වැඩක් නැති නිසා මමත් හිතුවා PMC ගැන පොඩි විවරණයක් ලියන්න.

අපෝ බය වෙන්න එපා විවරණ ලියන්න මටත් ටිකක් විතර පුළුවන්. (OL සිංහල A / ලිට් ලාවට එස් එකක්. මං හිතන්නේ දුකට වෙන්න ඇති.) ඔන්න ඔය හේතුව නිසා විවරණ ලියන්න ටිකක් විතර පුළුවන්. සිල්වා හිටියානම් දෙයි ඇට්ටි හැලෙන්න. කොහෙද මූ බ්ලොග් එකක් කරන්නේ නෑ නෙව.


බ්ලොග් කෙරුවාවේ ඉන්න ගොඩක් බ්ලොග් කරුවන්ගේ පෞද්ගලිකව අදුනන යාළුවොන්ටත් බ්ලොග් එකක් තියෙනවා. ඒකට අපේ එවුන්. තුහ් නොදකින් මුන් වගේ එවුන්. අර එකෙක් බ්ලොග් එකක් පටන් ගත්තා. පටන් ගත්තත් හරි එක පෝස්ට් එකක්වත් දාලා නෑ. (චික් ඊයා මේ වගේ එවුන්)

තව එකෙක්ට මම කීවා
"මචන් ඔය උඹ ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ බ්ලොග් කෑල්ලක් ලියහන් කියලා"

එතකොට මූ කියපි
"ඔව් බන් අපේ අම්මත් කිව්වා තෝ විභාගේ ෆේල් වුනොත් තෝව බ්ලොක් ගල් කපන්න තමා යවන්නේ කියලා"
(ලෝන්ග් ටයිම් එගෝ ආ...)
මෑන්ස්ලාගේ ගෙවල් ගාව බ්ලොග් ගල් පැට්ටේරියක්ම තියෙනවා නොවෑ.

ඔන්න බ්ලොග් ගල් ගැන දන්නේ නැති අය ඉන්නවානම් හිතාගන්න ගඩොල් වගේ ජාතියක් කියලා. (මේඩ් ඔප් සිමෙන්ට් කිව්වාළු නේද?)

මොනවා නැතත් වනයානම් බටේට වීඩියෝ අප් කරනවා නැති වෙන්න. ඒ චැනල් එක බලන්න ඕනේ කස්ටිය මෙන්න මෙතනින් ලින්ක් එක හොයාගන්න. මේ නිදිමතේ මට ඕක හොයන්න වෙලාවක් නෑ . ( www.youtube.com\lahirucom )


අනේ මන්දා මොනවා ලියලාද කියලා. ලියන්න ආපු දේ නෙමෙයි ලියවෙලා තියෙන්නේ.

කබල්ලෑ කියමුකෝ. ඔන්න ආපහු සබ්ජෙක්ට් එකට බහිනවා.

හිත නාඹර තාලෙට වෙල් දෙණිවල නෙමෙයි කී බෝඩ් එක උඩ තමා නටන්නේ. මොනවා වෙලාද දන්නේ නෑ. ලියන්න ආපු එක ලියවෙන්නේ නෑ නොවෑ.

හිත හදාගන්න බැරි මේ ලස්සන කී බෝඩ් එකේ අකුරු මැකිලා තියෙන්නේ. ඒක නිසාද මන්ද?

දුරං ගමං ඒක චරං ද මොකක්ද කියලා තියෙනවානේද හිතට. දන්න ඈයෙක් නිවරදි කොරත්වා. අන්න ඒ ව‍ගේ තමා මගේ හිතත් දැන්.

හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා.

(මං දහම්පාසල් අවසානේ ලිව්වේ නෑ ඕං)

ඔන්න දැන්නම් ඇත්තටම සබ්ජෙක්ට් එකට බහිනවා. කොහෙද කියලා තියෙන්නේ අනං මනං වැල් වටාරං නොවෑ. කවුද ඉතින් ඔය කාපු බීපු වෙලාවට කියන ලියන දේවල් ගණන් ගන්නේ නේද?

දැන් ඉතින් ලංකාවේ ප්‍රයිවට මෙඩිකල් ෆැකල්ටි දෙකක් වැඩ යස අපූරුවට කරගෙන යනවා කියලා කට්ටිය දන්නවා ඇතිනේ. මාලඹේ එකයි, තව හන්තානේ එකයි.

මොකද මේ තැන්වලම තෝරාගත්තේ?

මේකයි සිද්ධිය මේ කැම්පස් වලින් දෙන ඩිග්රියේ ගම ගහලා තියෙන්නේ ආසන්නතම නගරය. දැන් උදාහරණයක් විදියට ගත්තොත් හන්තානේ කැම්පස් එකින් දෙන ඩිග්රිය දෙන්නේ මෙඩිකල් ෆැකල්ටි - පේරාදෙණිය කියාල. ආයෙ මොකද දුරවල් එක්ක බලද්දී ඕවත් දුරවල්ද නේද?

ලෝකේ ඕනෑම තැනකට ගියාම ලංකාවේ ඩිග්රි හෝල්ඩර් කෙනෙක් කිව්වාම, විශේෂයෙන්ම මෙඩිකල් ස්ටුඩන්ට් කිව්වාම මුලින්ම අහන්නේ නුවරද කියලා. පේරා ෆැකල්ටියේ ඩිග්රියට මාර පිලිගැනීමක් තියෙන්නේ.

දැන් මේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියේ තියෙන්නෙත් පේරාදෙණිය කියලානේ. ඒකනිසා හදිසියෙන් නිරීක්‍ෂණයකදී හිතන්න පුළුවන් පේරා ෆැකල්ටියෙන් ආපු මෙඩි ස්ටුඩන්ට් කෙනෙක් කියලා. ඒත් පේරා වල තියෙන පහසුකම් එකක්වත් මේ හන්තානේ කැම්පස් එකේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ඒ කැම්පස් එකින් අවුට් වෙන කට්ටිය ‍පේරා කට්ටිය‍ගේ ඩිග්රියේ සපත්තු හරියේ.

අනික මේ උපාධිය ගැන වෛද්‍ය සභාව ඉන්නෙත් දෙගිඩියාවෙන්. ඒක නිසා මේකට පිලිගැනීමක් නොලැබුනොත් මේ උපාධියත් රුසියානු උපාධියක් වගේ වෙනවා. දන්නවා ඇතිනේ රුසියාවේ උපාධි වලට එච්චර පිලිගැනීමක් නෑ කියලා.

අන්න ඒ තත්වයට අපේ උපා‍ධියත් පත් වුනොත් කාට කියන්නද. කටේ පස් තමා නේද?

පෝස්ට් එක අනං මනං ලියලාම දිග වැඩි වුනා. ආයෙත් වෙලාවක් තිබ්බොත් මේ ගැන ලියන්නම්. දැන් නම් මට නිදිමතයි වගේ දැනෙනවා. නිදිමත දැනී දැනෙනවා ආ......

හ්ම් ඈනුමකුත් ගියා. දැන් වෙලාව ආයේ මම කියන්නේ මොකටද. යට තියෙන්නේ. 10.40යි. එච්චර රෑ වෙලානම් නෑ. හැබැයි පස්ටෙට නිදිමතක් ආවා. හෙට වැඩ ගොඩාක් තියෙනවා. ඒක නිසා අදට මේ ඇති. ලියන්න ආපු දේවල් වලින් භාගයක් තියා කාලක්වත් ලියවිලා නෑ අප්පා... කමක් නෑ. ඉතිරි ටිකත් ඔන්න ඔහෙ පස්සේ ලියලා දානවා.

(තව දෙයක්. මේ චුට්ට ලිව්වා කියලා සුදු වෑන් නොඒවා කියලා මම ප්‍රාර්ථනා කරනවා)

Categories:

7 comments:

  1. මටත් තියෙන ලොකුම ගැටළුව ඒක තමයි. සල්ලි තියෙන එවුන් උපාධි කලාට අපිට කසනවයැ. ඒත් උන් බාගෙට ඉගෙනගෙන ඇවිත් අපේ ලෙඩ වැඩිකරනවානම් ඒක අපිට ගැටළුවක්....

    ReplyDelete
    Replies
    1. අයියා ඔයාගේ කතාවනම් හරියටම හරි....අපිට තියෙන ප්‍රශ්නෙත් ඕක තමා.....

      Delete
    2. ඔව්. අනිත් එවුන් ඉගෙන ගන්න එකට මමත් කැමතියි. හැබැයි මෙහෙම නෙමෙයි

      Delete
  2. ඇත්තට ලංකාවේ ඩිග්‍රියට තියෙන තැන නැතිවෙයි නේද ඔය කියන ප්‍රයිවට් කේස් එකෙන්..

    ReplyDelete
    Replies
    1. අනිවා. මෙහෙම ගියොත් වැලේ වැල් නෑම තමා. සොරි.ඒල් කේ වෙන්නේ

      Delete
  3. යකා කියනතරම් කළුත් නැහැ.හැබැයි සුදුත් නැහැ.දෙපැත්තක් තියෙනවා හැමදෙයකම.

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑