Monday, January 23, 2012

ෆේස්බුක් චැට් කිරීමේ නවතම කලාව

ඔබටත් ෆේස්බුක් ගිණුමක් හිමිද ? එසේනම් ඔබ මෙය අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියකි.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්
සාමාන්‍යයෙන් අපේ යාළුවෝ බොහෝ දෙනෙක්ට ෆේස්බුක් ගිණුමක් තියෙනවා. ඒ ගිණුමෙන් අපිට ලැබෙන එක් ප්‍රතිලාභයක් තමයි චැට් පහසුකම.

හැබැයි ඉතින් මේ චැට් කරද්දී හැමදාම අපි පාවිච්චි කලේ එකම චැට් ස්මයිලීස් නමින් හදුන්වන අයිකන්. වෙන වචනයකින් කියනවානම් ඉමොටිකොන්ස්.

ඒත් එක්කම හැමදාම පාවිච්චි කලේ ටෙක්ස්ට් විදිහේ අකුරු. ඒත් එක්කම මේ ලඟදී අළුතින් ප්‍රවණතාවයක් ආවා අළුත් විදියේ ඉමොටිකොන්ස් පාවිච්චි කරන. මේ ක්‍රමේ ගැන මගේ හොඳම යාළුවෙක් වෙනස් විදියට හිතුවා. ඇයි අපිට බැරි මේ ක්‍ර‍මේට ටෙක්ස්ට් යවන්න.

ඔව් හිතුවොත් මොනවාද කරන්න බැරි. හැදුවා මෘදුකාංගයක් මේ වෙනුවෙන්.


මේ තියෙන්නේ ඒ මෘදුකාංගය. මේ කටයුත්තට මටත් දායක වෙන්න හැකිවුනා බීටා ඩිවලපර් කෙනෙක් විදියට. ඒත් එක්කම හර්ශ මගෙන් පොඩි ඉල්ලීමක් කලා මේ ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්න කියලා. ඒක නිසා මම මේක ඉන්ස්ටෝල් කරන තැන ඉඳලා වැඩ ගන්න හැටි වෙනකන්ම මේ පෝස්ට් එකින් කියලා දෙන්න තමා යන්නේ.

මුලින්ම මේක භාගත කරගන්න ඕනේ. මේක ලැබෙන්නේ *.zip එකක් විදියට. පොඩි ෆයිල් එකක් තමා තියෙන්නේ. හරියටම කියනවානම් මෙගාබයිට් 3ක් විතර.

දැන් ඒ .zip ෆයිල් එක Extract කර ගන්න. 

එතකොට මේ වගේ ෆයිල් එකක් ‍දක්නට ලැබෙයි.

දැන් මේ ෆයිල් එක ධාවණය කරන්න. එවිට මෙම මෘදුකාංගයේ Installation ක්‍රියාවලිය ආරම්භ කප හැකියි.


දැන් මෙහි ඇති OK නම් බොත්තම ක්ලික් කිරීමෙන් මීලඟ අවස්ථාවට යා හැකියි. මෙම වෙබ් පිටුවට ඔබගේ ප්‍රවේශණ පහසුව සලකා එම රූපය ඇතුලත් කිරීමෙන් මා වැලකී සිටිනවා. එහි ඇති NEXT විධානය මඟින් මීලඟ අවස්ථාවට යා හැකියි.


මෙමගින් මෙම මෘදුකාංගය Install විය යුතු තැන පෙන්වනවා. මෙම ස්ථානයම හෝ ඔබට කැමති ස්ථානයක් ඒ සඳහා භාවිතා කල හැකියි. එවිට මෙම ස්ථානය නොපවතීනම් එම ෆයිල් සෑදීම සඳහා විමසීමක් මෙම මෘදුකාංගය මඟින් සිදුකරනවා. එය OK කිරීම මඟින් මීලඟ අවස්ථාවට යා හැකියි.




එවිට ලැබෙන මෙම ස්ථාන සියල්ලම Next කිරීම මඟින් මීලඟ අවස්ථා ‍කරා යොමු විය හැකියි.

ඉන්පසු ලැබෙන මෙම වින්ඩෝවෙන් Install යන්න මත ක්ලික් කරන්න.


එවිට මෙම මෘදුකාංගය පරිගණකය ඇතුලත් වේවි.


ඉන්පසු ලැබෙන මෙම වින්ඩෝවේ ඇති Finish බොත්තම මඟින් මෙම ක්‍රියාවලිය අවසන් වෙනවා. මෙහි පෙන්වා ඇති Launch Harsh.......... කොටස සක්‍රීයව තැබීමෙන් මෙම මෘදුකාංගය කෙලින්ම ධාවණය කල හැකියි.


මෙම මෘදුකාංගය ධාවනය වන අවස්ථාවේ පරිගණකයේ System Tray හී මෙවැනි අයිකනයක් දිස් වෙනවා. එමෙන්ම මෙම මෘදුකාංගය ධාවනය කරන ලද අවස්ථා ගණනත් මෙයින් නිරූපණය වෙනවා. ඔබට මෙහි අත්හදාබැලීමේ සංස්කරණය භාවිතා කල හැක්කේ අවස්ථා 99ක් පමණයි. ඉන්පසු මෙයට අදාල Key එකක් ලබා ගැනීමට සිදුවෙනවා.


ඔබ කිසිසේත්ම මේ ගැන කරදර විය යුතු නැහැ. මෙම Key එකක් ලබාගැනීම ඉතාමත් පහසුයි. කිසිදු මුදලක් වැය වන්නේ නැහැ. එයට කල යුත්තේ හර්ශට ෆේස්බුක් හී Friend Request එකක් යවා ඉන්පසු එයට අදාල Key ෆයිල් එකක් ඉල්ලා ගැනීම පමණයි.


මේ තිබෙන්නේ Register නොකල මෘදුකාංගයේ තිර පිටපතක්.

මෙහි Key ෆයිල් එකක් ලබාගත් පසු ඔබ කලයුතු වන්නේ මෙහි ඇති Register යන්න මත ක්ලික් කිරීම පමණයි.


එවිට ලැබෙන මේ වින්ඩෝවේ හර්ශ විසින් ලබාදුන් Key ෆයිල් එකේ අඩංගු විස්තර මේ අයුරින් ඇතුලත් කරන්න.


ඉන්පසු Register යන්න ක්ලික් කරන්න.


එවිට මෙය ඔබට සදාකාලයටම නොමිලේ භාවිතා කල හැකියි. මෙහි Design View හී පහලින් ඇති ටෙක්ස්ට් බොක්ස් හී ඔබට කැමති දෙයක් ටයිප් කල හැකියි.එවිට ඉහලින් ඇති Preview හී එය පෙන්වාවි. ඉන්පසු Enter මඟින් ඔබට මෙය කොපි කරගත හැකියි. ඉන්පසු ෆේස්බුක් චැට් බොක්ස් එකෙහි එය පේස්ට් කරන්න. පෙන්වන්නේ අංක කිහිපයක් පමණයි. කලබල වෙන්න එපා. යාළුවාට එය යවන්න. නිසි අයුරින් පෙන්වාවි.



හිතුවාද මොනවාහරි අමතක වුනා කියලා. නෑ මොනවත් අමතක වුනේ නෑ. මෙන්න මෙතනින් මේ මෘදුකාංගය බා ගන්න.

http://www.mediafire.com/?9ls22k8o86g8fk2

ප.ලි- මට හර්ශගේ ෆේස්බුක් ලිපිනය දෙන්න අමතක වෙලා තිබ්බා කියලා බැනුම් අහන්න වුනා. ඔන්න තියෙනවා ලිපිනය

https://www.facebook.com/HarshaSoft

තව දෙයක් මේක රෙජිස්ටර් කරන්න සල්ලි ගන්නේ නෑ. පොඩි ෆන් වැඩක් විදියට තමා මේ රෙජිස්ට්‍රේෂන් එක හදලා තියෙන්නේ.

Categories:

12 comments:

  1. Replies
    1. බලන්න බලන්න. නියමෙට වැඩ

      Delete
  2. අරමුණ මොකක් උනත් මචන් මේ වින්ඩෝ එකේ යූසර්නේම් පාස්වර්ඩ් ගහන්න තියෙනවනම්. මට මේ වැඩකරන විදිහ හොඳයි..

    මොකද ඔය සොෆ්ට්වෙයා එකේ බොහොම පොඩි කෝඩ් එකකින් (ලයින්ස් 5ක වගේ) පුළුවන් යූසර්නේම් පාස්වර්ඩ් උස්සන්න... ඒත් උත්සහය අගය කරනවා.. හොඳටම වැඩේ කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙකේ ගහන්න තියෙන්නේ ෆේස්බුක් පාස්වර්ඩ් නෙමෙයි සහෝ.

      Delete
  3. උත්සහයක් කරලා බලන්න ඕනේ..

    ReplyDelete
  4. හර්ෂගෙ FB Account Link එක දෙන්න.........

    ReplyDelete
  5. lahiruc mekata denna thiyenne fb user name and pw nemei.... api oyage name eka api dena free registration key ekai

    ReplyDelete
  6. Company Name: Harshasoft
    User Name: Harsha Kasun
    Password: ENB0-RB50-AM7M-886G

    ReplyDelete
  7. අන්තර්ජාලය හරහා නොමිලේ Phone, Tab, Pen Drive, Power Bank, Bluetooth speakers, headsets වෙබ් උපකරණ නිවසට ගෙන්න ගන්න ක්‍රමයක් තමයි .මේ ක්‍රමය
    වැඩිදුර විස්තර මගේ blog එකෙන් මෙන්න link එක http://goo.gl/kL9TXG

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑