Monday, July 30, 2012

නංගි පෙන්වා අක්කා දීමේ කලාවට එරෙහිව...

ලෝකයා වෙත,


ඔබ පහන් කටුවක්, තෙල් ටිකක්, තිරයක් අතේ තබාගෙන ගිනිපෙට්ටියක් සාක්කුවේ දමාගෙන ලොවේ ඇති ඔබ හිතන බලසම්පන්න, අනුහස් පවතින, කල නොහැක්කක් නැතැයි කියන සර්වබලධාරී දෙවියන් සිටින පල්ලියකට, කෝවිලකට, ‍දේවාලයකට හෝ පන්සලකට ඉතා භක්තියෙන් යන්න.

ඉන් පසු බලවේගය ඉදිරියේ පහන තබා, තෙල් තිරය දමා, ඔබ දන්නා ආකාරයට වඳින්න. හිතෙන ආකාරයකට පතන්න, පුළුවන් විදියට භාරවෙන්න. දන්න, හිතෙන ඕනෑම දෙයක් කර ඉදිරියේ පවතින පහන දල්වන්න යැයි ඉල්ලීමක් කරන්න. එය සිදු නොවන බව වටහා ගන්න. මෙය තේරුම් ගන්න.

නමුත් ගිනි පෙට්ටිය සාක්කුවෙන් ගෙන සරල උත්සහායකින් පහන දැල්විය හැකිය. මෙහිදී ප්‍රභල ඔබද, දෙවියෝද යන්න සිතන්න.

මෝඩයන්ට සිතෙනුයේ තමා ප්‍රභල බවයි.

මතක තබා ගන්න, ගිනිපෙට්ටියක් තිබුනේ නම් දෙවියන්ද පහන දල්වනු ඇත. එනම් මෙයින් ප්‍රභල වන්නේ හේතූන්ගෙන් ඵල හටගන්නා ධර්මතාවයයි. නැවතත් දෑස් පියාගන්න. ගිනිපෙට්ටියක් නොමැතිව තමන්ටද දැල්ල ඇති කල නොහැකි බව සිතන්න.

දැන් ඉහත බලවේගයට පුළුවන් නම් දැල්ල නිවන්න යැයි අභියෝග කරන්න. එසේ නිවෙන ස්ථානයක් ලොවේ නැත. නමුත් ඔබට සරල උපක්‍රමයක් මඟින් මෙය සිදු කල හැකිය. මෙහිදීද මෝඩයා සිතන්නේ තමා ප්‍රභල බවයි. නමුත් හේතූන් ඉවත් කල විට ඵල අතුරුදන් වන ධර්මතාවය මෙහිදීද ප්‍රභල වේ.

මෙසේ සදාතනික සත්‍ය මෙසේ පැවතුනත් මිනිසුන් මෙසේ නොසිතන්නේ ඇයි? එයද හේතූන් නිසා හටගත් ඵලයක් වේ.

(දෙවන කොටස බලාපොරොත්තු වන්න...)

Categories:

25 comments:

  1. Replies
    1. ඇත්තටම කියනවානම් මේක මට ලැබුන හෑන්ඩ්බිල් එකක්.

      Delete
  2. චුට්ටක් වෙලා ගියා මාතෘකාවයි කථාවයි අතර සම්බන්දේ හිතා ගන්න
    එල ලිපියක්

    ReplyDelete
    Replies
    1. දෙවනි කොටසත් තිබුනානම් තේරුම්ගැනීම පහසු වෙයි

      Delete
  3. කදිමයි..කදිමයි....

    ReplyDelete
    Replies
    1. එසේය. මෙය කදිම නිසාමයි මා බ්ලොගයේ පල කලේ.

      Delete
  4. කදිමයි..කදිමයි....

    ReplyDelete
  5. එකඟයි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි. මේකේ දෙවනි කොටසත් තියෙනවා.

      Delete
  6. උත්කෘශ්ටයි.

    ReplyDelete
  7. හ්ම්ම්..හිතන්න දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හිතන්න දෙයක්. අද වෙලාව තිබුනොත් ඉතිරියත් දාන්නම්

      Delete
  8. හේතුඵලවාදේ ගැනද කියන්න යන්නේ......

    ReplyDelete
    Replies
    1. කියන්නේ නම් මම නෙමෙයි

      Delete
  9. Replies
    1. හ්ම් හ්ම්. බරපතල් සෑම්

      Delete
  10. තව එකක් තියෙනවා නේ එකත කියවල බලමු.

    ReplyDelete
  11. යුෂ්මතා ඉදිරිපත් කළ කරුණු අනර්ඝයි

    ReplyDelete
    Replies
    1. මා නම් නොවේ මේවායෙහි අයිතිකරු

      Delete
  12. ඉදිරි ලිපියත් ඉක්මණින් දාන්න....

    ReplyDelete
  13. ඊලග ලිපියත් කියෙව්වාම මාතෘකාවෙයි කතාවෙයි සම්බන්ධේ තේරුම් ගැනීමට හැකි වේවි නේද?

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑