Thursday, September 6, 2012

ටොරන්ට් කියන්නේ මොනවාද? -3වන කොටස

මුල් කොටස් 2 දාලා අවුරුද්දකින් විතර තමා මේ කොටස දාන්නේ. දැන් නම් ඉතින් වැඩකුත් නැහැ දාලා. හැබැයි කමක් නැහැ. මේ තමා මේ ලිපි වල අන්තිම කොටස.
මුලින් ලිපි දෙකම කියවපු නැති අය මුලින්ම ඒ ලිපි දෙක කියවලා මෙතනට එන්න, නැතිනම් නිකන් මොකක්ද වගේ තියෙයි.

  1. ටොරන්ට් කියන්නේ මොනවාද? - 1කොටස
  2. ටොරන්ට් කියන්නේ මොනවාද? - 2කොටස
හොඳයි. කලින් ලිපි ‍දෙකෙන් අවසන් ලිපිය අවසන් කලේ ටොරන්ට් එකක් හරියට හොයාගන්න හැටි කියලා දෙනවා කියලා. ඒත් ඊට කලින් ටොරන්ට් සර්ච් එන්ජින් ටිකක් දෙන්න එපෑය. මම පාවිච්චි කරන්නේ Torrentz.eu කියන ටොරන්ට් සර්ච් එන්ජින් එක. ඇත්තටම කියනවානම් මේ සයිට් එකේ ටොරන්ට් කිසිම එකක් නැහැ. මේ සයිට් එක කරන්නේ ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් වලින් අපට අවශ්‍ය දේවල් සර්ච් කරලා ලින්ක් හොයලා දෙන එක. එතකොට එක එක සයිට් පීර පීර හොයන්න වෙන්නේ නැහැ. එකම සයිට එකෙන් පුළුවන් ඔක්කොම වැඩ ටික එකපාර කරගන්න.

මෙන්න මේ විදියට සයිට් එකට ගියාම දකින්නට ලැබෙන්නේ. ඔය Enter your search term කියන තැනට අවශ්‍ය දේ ටයිප් කරන්න. මට අවශ්‍ය වුනේ freenas ගැන පොතක්. ඒක නිසා මම freenas කියලා සර්ච් කලා. එතකොට ලැබුනේ මේ වගේ රිසාල්ට් වගයක්.
පේනවා ඇති ඇත්තටම ලොකු රිසාල්ට් ප්‍රමාණයක් තියෙනවා. මෙතනින් මම තෝරගත්තේ මුලින්ම තියෙන ලින්ක් එක. ඇත්තටම පොඩ්ඩක් කියවලා බලන්න තමන්ට අවශ්‍ය දේ මෙතන තියෙනවාද කියලා. මට අවශ්‍ය වුන පොත වෙලා තිබ්බේ ඒක. ඒක නිසා මම ඒක තෝරගත්තා. දැන් ඒක මත ක්ලික් කරන්න.
එතකොට මේ විදියේ පිටුවක් දක්නට ලැබෙනවා. එතනින් පේනවා ඇති මේක පොඩි දෙනෙක් තමා අරන් තියෙන්න‍නේ. ඒකට හේතුව මේක අළුතින් ඇඩ් කරපු ටොරන්ට් එකක්. ඒ වගේම පේනවා ඇති මේක තියෙන සයිට් විදියට සයිට් කීපයක ලින්ක් දීලා තියෙනවා. එතනින් මම තෝරගන්නේ Thepiratebay.com කියන සයිට් එක.
එතනින් පේනවා ඇති මේකට කවුරුත් කොමන්ට් දාලා නැහැ. හේතුව තමයි මේක අළුත්ම ටොරන්ට් එකක්. හැබැයි බය වෙන්න ‍තියෙන ප්‍රතිශතය අඩුයි. ඒකට හේතුව තමා මේක අප්ලෝඩ් කරපු කෙනාට Skull එකක් ලැබිලා තියෙනවා. Green Skull එකක්. ඒ කියන්නේ මෙයා ට්‍රස්ටඩ් කෙනෙක්.

එතන තියෙන Get this torrent කියන මැග්නට් ලින්ක් එක උඩ මම ක්ලික් කරනවා. මගේ බ්‍රව්සර් එක ක්‍රෝම්. මම ඉන්ස්ටෝල් කරලා තියෙන ටොරන්ට් ක්ලයන්ට් එක මයික්‍රෝ ටොරන්ට් කියන එක. එතකොට මෙහෙම ඩයලොග් එකකින් අහනවා මේක ඕපන් කරන්නද කියලා.
මම Launch Application එක මත ක්ලික් කරනවා. එතකොට මගේ ටොරන්ට් ක්ලයන්ට් එක විවෘත වෙලා අහනවා මේක භාගත කරන්නද කියලා. 
සේව් වෙන්න අවශ්‍ය තැන දීලා මම OK කියන එක මත ක්ලික් කරනවා.

එතකොට රූපයේ පෙනෙන විදියට මගේ ටොරන්ට් ක්ලයන්ට් එක මඟින් මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වුනාට පස්සේ මේක මත රයිට් ක්ලික් කරලා Open containing folder කියන විධානයෙන් මේක තියෙන තැන ඕපන් කරගන්න පුළුවන්. කෝකටත් කියලා වයිරඩ් ගාඩ් එකෙන් ස්කෑන් කරලා මේක මම පාවිච්චි කරනවා.




දැන් එහෙනම් ටොරන්ට් එකක් බාගත කරන හැටි දැනගන්න ඇති. තව දුරටත් කියනවානම් මේකෙන් අපිට චිත්‍රපට භාගත කරගන්න පුළුවන්. එතනදි භාවිතා වෙන යෙදුම් කීපයක් තමා මේ මම පැහැදිලි කරන්නේ.

Cam rip/Cam copy- චිත්‍රපටය ශාලාවේ තිරගත වන අතරතුරේදී කැමරාවක් ආධාරයෙන් වීඩියෝගත කරපු චිත්‍රපටි තමා මෙහෙම හැදින්වෙන්නේ. කොලිටිය ඉතාමත් පහලයි.

Telesync- කැම් කොපියක් වගේම වුනත් ඊට වඩා කොලිටියෙන් ඉහලයි. බොහෝවිට වෙනමම ඕඩියෝ රෙකෝඩ් කරලා තියෙන්නේ.

Workprint- මේ වගේ නමින් තියෙන්නේ අවසන් නොකල ෆිල්ම් කොටස් වලින් සමන්විත ඒවා. මේ වගේ ඒවා දකින්න අඩුයි.

DVD rip- ඉතාම හොඳ කොලිටියක් තියෙන ඒවා තමයි මේ. හොඳ චිත්‍රපටි කොපියක් විදියට හඳුන්වන්න පුළුවන්. 

BRrip- අතිශයින් ඉහල කොලිටියක් වගේම සයිස් එකෙනුත් ඉහල වෙන්න පුළුවන්. නියම තාත්වික චිත්‍රපටයක් අත්විඳින්න මේ වගේ එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් 720p හා 1080p කියලා තමයි නිදහස් වෙන්නේ. 1280x720 කියන සයිස් එක සහ 1920x1080 කියන සයිස් දෙක තමා මෙහෙම හැදින්වෙන්නේ. උපරිම කොලිටිය තියෙන්නේ 1080p එකේදී.

චිත්‍රපට ගනිද්දී මම නිර්දේශ කරන්නේ 720p එකක් ගන්න බලන්න කියලා. හැබැයි ටිකක් හොඳ පරිගණකයක් උවමනා වෙනවා මේක කරදරයකින් තොරව නරඹන්න. ඉතින් එහෙමනම් ඊලඟට හොඳ dvd rip එකක් ගන්න එක. එතනිනුත් හොඳ රසාස්වාදයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටිය කලින් ගත්ත අය දාලා තියෙන කොමන්ට් සලකලා බලන්න. thepiratebay එකේදී නම් skull එකක් තිබීම වැඩි ආරක්ෂාවක් වෙනවා.

ඒ වගේම විශ්වාසය ඇති කිහිප‍ දෙනෙක් අදුරගන්න. උදාහරණයක් විදියට axxo,yify වගේ අය. ඒ අයගේ ටොරන්ට් ඉතාමත් ගුණාත්මක භාවයෙන් ඉහලයි.

ඉතින්, මම සුභ ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම ගුණාත්මක බවින් ඉහල චිත්‍රපටයක ආශ්වාදය විඳගන්න ලැබෙන්න කියලා.

Categories:

6 comments:

  1. එහෙනං අව් රුද්දක් බලන් හිටියා තුන්වන කොටස පලවෙනකං ?? කමක් නෑ .( ඒ අතර කව් රුවත් 'ටොරන්ට්' ගැන ලිව්වේ නෑ මයේ හිතේ ) බොහොම වටිනා ලිපි ටිකක් . ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ලිපි පෙල සම්පූර්ණ කලේ නැති නිසා හිතට මොකක්ද වගේ. ඒකයි ලියව්වේ.

      Delete
  2. ayye me torrents kiyana site 1n seeds wadi piliwalata search result 1 hadanna barida?

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම තමා එන්නේ.

      Delete
  3. නියමයි හරි ඉහලයි මේක කාලීන අවශ්‍යතාවයක් ඉටු වීමක්

    ReplyDelete
  4. thankx machoo niyamai..

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑