Friday, September 7, 2012

අයියෝ... එහෙමද අයියේ ? අපරාදේ නේද?



මේ දවස් වල අර ** ටීවි එකෙන් වැඩක් යන්නේ. කෝල් කරලා ඇහුවත්, පාරෙදි මඟ තොටේදි ඇහුවත් ඔබේ එකම උත්තරය ** කියලා. එන්න ඒ වගේ වැඩකින් අපේ යාළුවො දෙන්නෙක් පොඩි ආතල් එකක් අරන් තිබ්බා ලඟදී.
මුන් ඩබල පාරේ යන ගමන් ටිකක් විතර මැදිවියේ අංකල් කෙනෙක් ඉන්නවාලු පාර අයිනට වෙලා. පොර කිව්ව විදියට නම් දුව ක්ලාස් ඇරිලා එනකන් තමා ඉඳලා තියෙන්නේ.
පොර-"මේ. සමාවෙන්න. මට පොඩ්ඩක් ඔබතුමා එක්ක කථා කරන්න පුළුවන්ද?"

අංකල්- "ඔව් පුළුවන්. මොකක්ද කාරනේ"

පොර-"මං පොඩි ප්‍රශ්ණයක් දෙකක් අහන්නම්, මේ ගෙදර කී දෙනෙක් විතර ඉන්නවාද?"

අංකල්-"මමයි, නෝනයි, දුවයි තමා ඉන්නේ"

පොර-"අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා ඇහුවොත්, උත්තරේ මොකක්ද?"

අංකල්-(හිනාවක් එහෙම මෝදු වෙලා එන ගමන්)-"හිරු FM"

අපේ පොර-"අනේ එහෙමද, අපි මේ ආවේ සිරස TV එකෙන් ජයග්‍රාහකයෙක් හොයාගෙන. අපිට හරිම කණගාටුයි", ඔහොම කියලා අපේ එකා හෙමීට මාරු වෙලා. ඒ කරලා ඇවිල්ලා අපිත් එක්ක හිනාවෙවී කියනවා දැන් මාර කාලයක් නේද මචන්. TV චැනල් මාර විදියට මිනිස්සුන්ගේ ඔළු වලට ඇටෑක් කරලා තියෙන්නේ කියලා.

(Image from-http://www.wpclipart.com/money/bag_of_money.png)

Categories:

18 comments:

  1. උදේම එල කතාවක් දාලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හික්. දවස පටන් ගත්තේ නෙස්ටමෝල්ට් එකක් බීලා නෙමෙයි. ඒක නිසා මේ කථාව දැම්මා පොඩ්ඩක් හිනාවෙන්න

      Delete
  2. අයියෝ අපරාදෙ සිරස කිව්ව නං ඉවරයි නේ....

    ReplyDelete
    Replies
    1. තරියා අබේ උත්තරේ දීලා තියෙන්නේ

      Delete
  3. සිරස කිවුවනං අපි හිරු එකෙං කියනවා නේ...
    හිකිස්..
    මාත් වැඩේ කරලා තීනවා..

    ReplyDelete
  4. සමහර අය හිරු එකට කථා කරලා සිංදු ඉල්ලගෙන, මේ වෙලාවේ සිරස අහගෙන ඉන්න හැමෝම එකතු කර ගන්නවා කියනවා

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ඉතින් එතන ඉන්න ස්වීට් අක්කා හපාගෙන මැරෙනවා

      Delete
  5. වැඩක් නෑ මේ චැනල් කරන සමාජ විනාශය.. මරු කතාව.

    ReplyDelete
  6. අපි එකෙක්ට තෑග්ග ගන්නත් එන්න කිව්වා කොටුවට

    ReplyDelete
  7. හච්චෝ හච්චෝ...............................

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ගොඩක් තැන්වල හෙම්බිරිස්සාව තමා

      Delete
  8. පව් ඒ උනාට ඒ මනුස්සයා තෑග්ගක් ගන්න කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද ඒ වෙලාවේ හික්ස්.....

    ලේසියෙන්ම $20 ක් හොයා ගන්න යන්න මේකට
    bestemoneymaking.blogspot.com

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑