Saturday, September 8, 2012

දෙයියගේ ගල o.0

ආගම්වාදී කථාවක් නෙමෙයි මම මේ කියන්න යන්නේ. ඊලඟට එන්න එපා පොලු උස්සගෙන මොකක් හරි බර වචනෙක නමක් කියාගෙන. මේක සර්වබලධාරී දෙවියන් කෙනෙක්ගේ ගල ගැනයි.

මේ ලඟදී  පොරක් පොඩි ටෝකක් දීලා පොර වෙලා හිටියා. දෙවියෝ සර්වබලධාරී කියන අයත් එක්ක වාද කරලා තමයි මේ පොර දිනුවේ.

මුලින්ම අහන්නේ "ඔයා අදහන දෙවියෝ සර්වබලධාරීද?"

එතකොට අර අන්‍යාගමිකයා කියනවා" ඔව් මගේ දෙවියෝ සර්වබලධාරී"

මුල් පුද්ගලයා "එහෙම නම් මෙහෙම හිතන්න. ඔය සර්වබලධාරී දෙවියන්ට පුළුවන්ද එයාට හොල්ලන්න බැරි ගලක් මවන්න?"

එතනදී අර පුද්ගලයා අනාථ වෙනවා. එයාට තියෙන්නේ උත්තර 2යිනේ.
1) ඔව්- එතකොට ඇයි දෙවියොන්ට අර ගල හොල්ලන්න බැරි වෙන්නේ. එයා සර්වබලධාරි නෑනේ.
2)නැහැ- ඇයි දෙවියන්ට ඒ ගල මවන්න බැරි. එයා සර්වබලධාරී නෑනේ.

ඇත්තටම මේකට හරියට කැපෙන්න දෙයක් කියන්න ඒ අන්‍යාගමිකයන්ට තියා අපිටවත් බැරි වුනා. මතක ඇතිනේ අර කලින් මම දාපු පෝස්ට් එක  මේ හෑන්ඩ් බිල් එක ලියපු සර් හොඳ උත්තරයක් දුන්නා.

මුලින්ම අහන්න කිව්වා දැන් දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා. ඒක ගල දිගටම අවසානය දක්වාම නොසෙල්වා සිටීම නම් ඒක එහෙම තියෙන්න මවයි කිව්වා, නැත්තන් හොල්ලන්න පුළුවන් විදියට මවයි කිව්වා.

අර පොරට කට උත්තරත් නැති වෙන්න මේක අහගෙන ගිහින් අපේ යාළුවෙක් වැඩේ දීල තිබ්බා. ඇත්තටම මෙහෙම අරෑට කට උත්තර නැතිවෙන්න දෙන්න ප්‍රධානම හේතුව තමා ඌ ඒක කියන ගමන් අපිටත් බයිට් එකක් දෙනවා. ඒක නිසා තමයි මේකට මෙහෙම රිටන් එක දෙන්න ප්‍රධාන හේතුව. 

ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී මෙහෙම උත්තර දීගන්න බැරි ප්‍රශ්ණ අහපුවාම මේ වගේ ක්‍රමයකින් අපිට උත්තරේ ලේසියෙන්ම දෙන්න පුළුවන් වෙයි.

හරි. දැන් ටෙක්නිකල් පැත්තට හැරෙමු. විඩියෝ ටියුටෝරියල් දෙනවා කිව්වට දුන්නේ නැහැනේ. මොකද ඒවට වැටෙන කොමන්ට් අඩු නිසා. ඒත් එක්කම යාළුවෙක්ගෙන් පොඩි ගානකට කෙල කරලා බඩු වගයක් ඕඩර් කරලා තියෙන්නේ අන්තර්ජංජාලය හරහා. ඒ ටික ආවාම ඒකෙන් පොඩි දෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ කාලිංග අයියා පොඩි උණක් බෝ කරානේ මට. 

දැන් ඉතින් ඒ උණ ‍හොඳ කරගන්න අර බඩු ටික එනකන ඉන්න වෙනවා. නුවර පැත්තේ කවුරු හරි ඉන්නවානම් මට කියන්න පුළුවන්ද පාවිච්චි කරපු 40GB වගේ හාඩ් එකක්, 128MB SD එකක් වගේම පරණ කොම්පියුටර් කෑලි යකඩ වලට වගේ විකුණන කඩයක්.(පොඩි කේසින් එකක් ගන්න) 

මේක සම්පූර්ණයෙන්ම රුපියල් 6000ට අඩු ව්‍යාපෘතියක්. හදද්දී කරන සේරම දේවල් බ්ලොග් එකේ දාන්නම්. හැබැයි ඉතින් මේවත් ඡන්ද පොරොන්දු වගේ තමා. කවදා ඉටු වෙයිද දන්නේ නැහැ. අර මං වෙනුවෙන් ඌ වියදම් කරන එකා අපේ තරිදු කොල්ලා. පොරට කියලා තමයි නෙට් එකෙන් බඩු ගෙන්න ගන්නේ. මොකද ඒ සම්බන්ධයෙන් වි‍ශයේ ප්‍රවීණයෙක් පොර. අනික ඉතින් ගානත් ගොඩක් වෙලාවට පොරම ගෙවනවා :D 

ඕං දැක්කද මුගේ කුණු කම. අරූ පව්නේ!!!

Categories:

8 comments:

  1. දෙයියගේ ගල කිවුවම මට හිතුනෙ වෙන එකක්ලු...
    හි හි..

    ReplyDelete
  2. තර්ක කරනවානම් තමන් දිනන්නම තර්ක කරන්න ඕන :) :) නැත්තම් වැඩක් නැහැ..නියමයි නියමයි :)

    ReplyDelete
  3. Replies
    1. අපිටත් පුළුවන් කැත හිත් අල්ලන්න :D

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑