Wednesday, December 12, 2012

ලෝක විනාශය වෙන්නේ කොහොමද?- 2012 How it will happened

රුව- codecanyon.net
21.12.12 ලෝක විනාශය සිදුවීම පිළිබඳ ඔබගේ මතය විමසුවා මතක ඇති. මතක නැතිනම් මේ ලින්කුවෙන් ගිහින් බලන්න. මම අද කියන්න යන්නේ කොහොමද ලෝක විනාශය සිදු වෙන්නේ කියලා.
මුලින්ම 21.12.12 කියන බය නැතිකරගන්න. මොකද එහෙම දෙයක් වෙන්නේ නැහැ. මුලින්ම මේ වගේ උන්මාදයක් කරලියට ආවේ මම Facebook එකේ දාලා තිබුන රූපේ තිබුන මායා වරුන්ගේ දින දර්ශණය නිසා. ඒකේ ඇති දින ගණන 21.12.12 කියන දිනයෙන් අවසන් නිසා ‍එදිනෙන් එහාට ‍ඔවුන් සඳහන් කරලා නැත්තේ ලෝකය එදිනෙන් මතු නොපැවතෙනවා කියලා තමයි මුලින්ම මතය ඉඳිරිපත් වුනේ.

ඊට පස්සේ එලි දැක්වුනේ චිත්‍රපටය. 2012 කියලා ආව මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිත වෙද්දී හිතේ කෙටුන එක් දෙයක් තමයි ලෝක විනාශය සිදුවේවිද කියන සැකය. මේ සැකය වඩාත් තහවුරු කරමින් විද්වතුන් ලෙසින් තමන්ව හදුන්වා ගන්නා, (හික්... ඊනියා විද්වතුන්) පුන පුනා පැවසුවා ස්ථිරවම ලෝක විනාශය සිදුවන බව.

ඉන්පසු මෙයට විරුද්ධව මත පලවුනා. විවිධ කාටූන් පවා ඇදුනා. මගේ සිත් ගත් එකක් තමා මේක.
ඉතින් ඔබත් සැබවින්ම සිතනවාද ලෝක විනාශය සිදුවන බව. සැබවින්ම නැහැ. මම තරයේම කියා සිටින්නේ එවැනි දෙයක් සිදු නොවෙන බවයි. ඒ වගේම මීලඟට මම පැහැදිලි කරන්න යන්නේ කොහොමද ලෝක විනාශය සිදුවන්නේ කියලා.

මේක හොඳින්ම පැහැදිලි කරලා තියෙන්නේ බුද්ධ දේශනා වල. බුද්ධ දේශනා වල ඇති කිසිම දෙයක් මේ වන තුරු වැරදිලා නැහැ. ඒ වගේම වැරදෙන්නෙත් නැහැ. ඒක නිසා එහි දක්වලා තියෙන කාලයන් අනුව මිනිසාගේ පරමායුෂ අවුරුදු 80.000කට වඩා වැඩි වෙන කාලයකයි එය සිදුවෙන්නේ.

දැන් අපේ සාමාන්‍ය ආයුෂ කොච්චරද? අවුරුදු 70ක් ඉඳියි. අපේ ගෙවල් ලඟ ආච්චි කෙනෙක් ඉන්නවා දැන් වයස අවුරුදු 97ක් වෙනවා. හැබැයි ඒක ඉස්සර අයත් එක්ක බලද්දී එච්චර කාලයක් නෙමෙයි නේද? අවුරුදු 120ක් ආයු තිබුණ ස්වාමීන් වහන්සේලා ගැන අපි අහලා තියෙනවා.

ඇත්තටම කියනවානම් අවුරුදු 70ක් හෝ 60ක්, මම 60ක් කියලා ගන්නම්. එතකොට අවුරුදු 30ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තරුණයෙක් කියලා ගන්න පුළුවන්. එතකොට අවුරුදු 120ක් ‍ජීවත් වෙන කෙනා තරුණයෙක් කියලා සලකන්න පුළුවන් වෙන්නේ අවුරුදු 60ක්. නිකන් පිස්සු වගේද? ඒ කාලේ අවුරුදු 60 කෙනෙක්ගේ කෙස් පැහිලා නම් අහන්නේ
"මොකද මේ තරුණ කාලේම කෙස් පැහිලා?" කියලා. හැබැයි දැන් අහන්නේ,"ඈ... මෙච්චර වයසට ගිහිනුත් තාම කොන්ඩේ කළුයි නේ"

බුද්ධ දේශනා වල සඳහන් වන පරිදි මේ විදියට ආයුෂ අඩුවීම සිදුවන්නේ අපි අතින්මයි. පන්සිල් සුරකින්නේ නැතිව විතරක් නෙමෙයි, අපිම ආයු සංස්කාරය අතහැරීමක් කරනවා.
"50ක් විතර හිටියොත් නම් හොඳටම ඇති. ඊට වඩා දුක් විඳින්න බැහැ" බොහෝ දෙනා කියනවා ඔබ අහලා ඇති මේ වගේ කථා. මේකෙන් වෙන්නෙත් පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ අඩුවීමක්.

මේ විදියට ගිහින් අවසාන කාලය වෙද්දී මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 10ක් වගේ කාලයක් වෙනවා. විශ්වාස කරන්න බැරිද?

රුව- benbest.com
මැයි මැස්සෙක් දිනයක් වගේ කාලයක් ඇතුලත තමන්ගේ වර්ගයා පවා බෝ කරලා මැරිලා යනවා. බල්ලෙක් සැලකුවොත් සාමාන්‍යයෙන් උගේ පරමායුෂ අවුරුදු 10ක් විතර. ඒත් ඌ නාහෙන් අඬන්නේ නැහැනේ මට කාලය මදි කියලා. ඉන්න කාලයේ ඌ ඉඳලා මැරිලා යනවා. යෝධ ඉදිබුවා කියන සතාගේ පරමායුෂ අවුරුදු 200ක් ඉක්මලා තිබුනාට ඌත් කාලය වැඩියි කියන්නේ නැහැනේ. ඒ වගේ තමා.

අපිට අවුරුදු 10ක් පරමායුෂ වන කාලයේ අපි අවුරුදු 5දී තමයි තරුණයෝ. ඒ කියන්නේ ළමයි හඳන කාලය. අවුරුදු 10 කියන්නේ හොඳටම වයෝවෘද්ධ අයෙක්.

ඒ කාලය එද්දී අර අපිට පොඩි කාලේ එක එක ආතල් සමහරුන්ට තිබුනා මතකද? කූඹියෙක් මරන්න, සතෙක්ට ගලක් ගහන්න. සමහර විට ඒවා කලාම කිසිම හේතුවක් නැතිව වුනත් අපිට හරිම ජොලි නේද? මේ කාලය වෙද්දී මිනිස්සු මරාගන්නෙත් ඒ විදියට. වැඩියෙන් මිනිස්සු මරපුවාම තමා ඒ අයට සතුට උපදින්නේ. නෑදෑ කම් නොදැනෙන තත්වයට මිනිසුන් පහල වැටෙනවා. බුද්ධ දේශනා වල මෙය සඳහන් කරලා තියෙන්නේ ආයුධ වරුසාවක් කියලා. මේ විදියට යම් තරමක් හෝ පින් තියෙන අය වන වදිනවා මේ කාලය වෙද්දී. ආයුධ වරුසාව අවසානයේ මේ අය එලියට එනවා.

එලියට එද්දී මිනිස්සු තැන තැන මැරිලා වැටිලා ඉන්නවා. මේ අය එතකොට තේරුම් ගන්නවා ගුණ දහම් කියන දේවල් වල අගය. නැවතත් ගුණ දහම් පුරන්න ගන්නවා. එවිට නැවතත් අවුරුදු 10යේ පරමායුෂ වැඩි වෙනවා. මේ විදියට පරමායුෂ වැඩි වෙලා වැඩි වෙලා තමයි මෛත්‍රි බුදුන් පහල වෙන්නේ. නමුත් එම බුදුන්ගේ සසුන වැඩි කලක් පවතින්නේ නැහැ. එයට හේතුව තමයි ගෞතම බුදු රජානන් ව‍හන්සේ වගේ නෙමෙයි. එතුමාට අඩු කාලයක් දුෂ්කර ක්‍රියා කරද්දී නිවන අවබෝධ වෙනවා. ඒ වගේම එතුමා ගෞතම බුදු රජානන් වහන්සේ වගේ නෙමෙයි, තමන් ලඟට එන ශ්‍රාවකයන්ට පමණක් ධර්මය දේශනා කරනවා කියලා තමයි කියැවෙන්නේ.

එවිට සීමිත පිරිසක් නිවන් අවබෝධ කරගන්නවා. මෙතුමාගේ සසුනේ කෙලවරත් එක්ක මේ භද්‍ර කල්පය අවසන් වෙනවා.

එතෙක් කිසිම ආකාරයකින් ලෝක විනාශයක් වෙන්නේ නැහැ.

23 comments:

  1. දත්ත වල‍ට අනුව දැනට මිනිසාගේ ආයු අපේක්ෂාව පිරිමි 67, ගැහැණු 70. මේක ක්‍රම ක්‍රමයෙන් වැඩැ වෙනව මිස අඩුවීමක් සිදුවෙන්නේ නැහැ සෞක්‍ය ක්‍රේෂේත්‍රයෙ දියණුවත් එක්කම.
    මම බුදු දහම ප්‍රශ්න කරනව නෙවෙයි ඔබේ නිගමනයයි ප්‍රශ්ණ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉවසලා බලමු නේද සහෝදරයා

      Delete
    2. මේ තියෙන්න ආයු අපේක්ෂාව කාලයත් එක්ක වැඩිවුන හැටි.
      http://www.infoplease.com/ipa/A0005140.html

      Delete
    3. වැරුද්දක් තියෙනවනම් නිවැරදි කරන්න

      Delete
    4. පවිත්‍ර, ඒ වගේම පේනවා ඇති අවුරුදු 60ක් වගේ ජීවත් වුන ප්‍රතිශතය වැඩිවෙලා තියෙන බව. කොහොමත් මේ කියලා තියෙන දේ වෙනවා. මොකද මේ වනතෙක් බුද්ධ දේශනාවේ කියලා තියෙන දෙයක් වැරදිලා නැහැ. සමහර විට ඔයා කියන විදියට වැඩිවෙන්න පුළුවන්. ඒත් ඒ වැඩි වෙන්න පාවිච්චි කරන ක්‍රමයකින්ම අපිව ආපහු ආයුෂ අඩු කරවන තත්වයකට එන්න පුළුවන්

      Delete
    5. ඔබ ලහිරු සමග තර්ක කරනවා වුනාට ඔබ තර්ක කරන්නේ ආගමක යමක් අල්ලගන බව ඔබට නොපෙනේ නම් ඒ ඉතාම කණගාටුවට කරුණකි.

      Delete
  2. සප්ත සූරියෝද්ගමන සූත්‍රය

    ReplyDelete
  3. thanks. it is very important article. loka winaseta bayen inna hamotama pennanna watinawa.

    ReplyDelete
    Replies
    1. ඔව්. ස්තූතියි කොමන්ටුවට

      Delete
  4. කොයි තරමක් සෞක්‍ය කේෂ්ත්‍රය දියුණු උනත්,මිනිස්සු දියුණුව තුලින් බලාපොරොත්තු වෙන පරමායුෂ ලබාගන්න බැහැ... එක ලෙඩකට බෙහෙත් හොයා ගනිද්දී, තව හොයාගන්න බැරි ලෙඩ ගොඩක් එලිබහැලා..ඒ නැත්තම් ස්වභාවික ආපදාවලින් හරි එක පාරටම ගොඩක් මැරෙනවා... ඔය කොයි විදිහකින් හරි මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙනවා...

    මිනිස්සුන්ගේ මානසික පරිහානිය දරුණු වෙද්දී, මිනිස්සුන්ගේ විනාශය වගේම,අපිත් එක්කම පවතින,අපේ ලෝකයත් විනාශ වෙනවා....

    තුන් ලොව දැක දේශනා කරපු බුදුවරුන්ගේ වචනය මමත් පිලිගන්නවා! ඉදිරියේදී ආයුධ වර්ෂාවක් හෙවත් දරුණු ගනයේ යුද්ධෙකින්, ලෝකයේ ජීවයෙන් බාගයකට වැඩිය හැදීගැවිලා යන්න, බොහොම ලොකු ඉඩක් තියෙනවා!

    හොද ලිපියක් ළහිරු!

    ReplyDelete
    Replies
    1. බුදුරදුන්ගෙ වචනය මමත් පිලිගන්නව. ඒත් මිනිසුන්ගෙ ආයු කාලය අඩුවෙනව කියල පිලිගන්න බැහැ කොහොමත්. ඒක වැරදි මතයක්

      Delete
    2. මගේ තර්කය මෙතනට අනවශ්‍යයි. ඔබේ ලිපිය ඊට වඩා ලොකු පණිවුඩක් දෙන්නෙ.

      Delete
    3. නැහැ. බුද්ධ දේශනාව කියන්නේ අනුන් කීවාට පිලි නොගෙන තමන්ගේ බුද්ධියෙන් අවබෝධ කරගන්න තියෙන දෙයක්. ඔබේ තර්කය ඉතාමත් හොඳයි

      Delete
    4. @නෙළුම්-
      භාගයක් නෙමෙයි. ඉතාම විශාල සංඛ්‍යාවක් කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි අපිට ලඟදී ඒක දකින්න වෙන්නේ නම් නැහැ

      Delete
    5. මම පිළිගන්නවා, ලෝකයේ ඉදිරි අනාගතයේදී ලොකු දියුණුවක් හැම ක්ෂේස්ත්‍රයකම ඇතිවෙයි කියල...
      නමුත් මගේ පෞද්ගලික මතය නම්,ලෝකය කොයිතරමක් දියුණු උනත්,චින්තන පරිහානිය දරුණු වේගෙන යන නිසා,මෙහි කෙලවර ලෙඩදුක් නැති,මරණය කල්දාපු මිනිසුන් ඉතුරු වෙන එක අවිනිශ්චිතයි!

      Delete
    6. සහතික ඇත්ත නෙළුම්

      Delete
  5. ඔව් මම එකඟයි ඒ කියමනට...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  6. හොඳ පෝස්ටුවක් සරලව විස්තර කරලා තියෙන විදිය අපූරුයි

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑