Thursday, December 6, 2012

ඩිජියක් ගද්දී මේවත් බලන්න...

ලඟදී ලිපියක් නොදාපු නිසා මම හිතුවා ඩිජිටල් වර්ගයේ කැමරාවක් මිලයට ගනිද්දී සලකා බලන්න ඕනේ වෙන කරුණු කීපයක් ලියන්න. මේවා ගැන මමත් හොයන්න වැඩිපුරම උනන්දු වුන කාරණය තමයි අපේ ප්‍රොඩක්ෂන් ටීම් එකට අළුතින් කැමරා වගයක් ගන්න බලන නිසා. වීඩියෝ කැමරා නොගෙන DSLR ගන්න තමා අපි හැමෝගෙම අදහස වෙලා තියෙන්නේ.
මෙන්න තියෙනවා කරුණු, කියවන්න ලේසි වෙන්න මේ පාර වෙන් කරලා දාන්නේ.


  1. පික්සල් ප්‍රමාණය
  2. පික්සල් ප්‍රමාණය කිව්වාම මම අදහස් කරන්නේ ඇත්තටම කැමරාවට භාවිතා කරන්න පුළුවන් පික්සල් ප්‍රමාණය. එහෙමත් නැතිනම් CCD හෝ CMOS සංවේදකයෙන් ලබාගන්න පුළුවන් උපරිම පික්සල් ගණන. සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක තියෙන කැමරාවක මේ අගය 2-8ත් අතර වගේ වෙනවා. (මගේ 5යි) අඩු අගයක් තිබුනොත් ඡායාරූපය අපහැදිලි වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් කැමරාවක 10 ඉඳලා ඉහලට තමා තියෙන්නේ. හැබැයි ලොකු අගයකට යන එකත් එක්තරා විදියට අවාසිදායක වෙනවා. මතකය භා‍විතා කිරීම පිළිබඳ ප්‍රශ්ණ වගේම ආලෝකය අඩු අවස්ථා වලදී රෑපයේ පැහැදිලි බව ගැනත් ගැටළුකාරී වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා 15Mpx වගේ අගයක් වටේ තියෙන කැමරාවක් ගන්න එක හොඳයි. 30Mpx වලට අඩු වුනොත් ඒත් හොඳයි.


  3. Zoom හැකියාව
  4. Optical හා Digital ලෙසින් කැමරා වල සූම් අගයන් 2ක් බොහෝවිට සටහන් කරලා තියෙනවා. මේකෙදී අපි තෝරගන්න කැමරාව වැඩි ඔප්ටිකල් සූම් අගයක් තිබීම තමා හොඳ. වැඩි ඩිජිටල් සූම් අගයක් තිබුනාට ඉහල මට්ටමකට යාමේදී කැමරාවෙන් ගන්න ඡායාරූප පැහැදිලි නැති වෙනවා. මොකද Optical සූම් ක්‍රියාත්මක වෙන්නේ කැමරාවේ ඇති දෘඩාංග පදනම් කරගෙන වෙන අතර ඩිජිටල් සූම් ක්‍රියාත්මක වෙන්නේ කැමරාවේ ඇති මෘදුකාංග මඟින්. ඒක නිසා පුළුවන් නම් 8X වල වත් ඇති ඔප්ටිකල් සූම් තියෙන කැමරාවක් ගන්න බලන්න. හැබැයි මෙම ප්‍රමාණය වැඩිවන විට මිලත් වැඩිවෙනවා. නමුත් මෙය සාමාන්‍යයෙන් DSLR වර්ගයට බලපාන හේතුවක් නොවන්නේ ඒවාට වෙනමම කාච මිලදී ගැනීමක් සිදුකරන නිසායි.


  5. දත්ත ගබඩාවේ හැකියාව
  6. සමහර විට මේක එතරම් වැදගත් සාධකයක් නොවෙන්න පුළුවන් හැබැයි කැමරාවේ භාවිතා කරන්න පුළුවන් උපරිම මෙමරි කාඩ් (චිප් කියන්නේ) ධාරිතාවය වැඩිවීම අපට වාසියක් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් දැන් තියෙන කැමරාවල 16GB වලට වැඩි ‍වගේ මෙමරි කාඩ් භාවිතා කිරීමේ පහසුකම තියෙනවා. ඒ වගේම කැමරාවෙන් කාඩ් එකට දත්ත යන වේගය වැඩි වීමත් වැදගත්.


  7. පින්තූර සුරැකුම් වන ආකාරය
  8. මෙහිදී අළුත්ම පහසුකම් අනුව Jpeg, Tiff වගේම RAW යන ආකාරයෙන් පින්තූර සුරැකුම් කරන්න අවස්ථාව කැමරාවෙන් ලබාදීලා තියෙනවානම් හොඳයි. Jpeg වගේ ඒවා සාමාන්‍ය අවස්ථාවදී වගේම RAW වැනි ආකාර විශේෂ පසු සංස්කරණයන්ට භාවිතා කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය අඩුමිල කැමරා වල නම් RAW ආකාරය අන්තර්ගත වෙන්නේ නැහැ.


  9. ෆ්ලෑෂ් පහසුකම්
  10. තමන්ගේ කැමරාවේ In-built වර්ගයේ ෆ්ලෑෂර් පහසුකම තියෙනවානම් වැදගත්. මොකද සමහර විටදී එය ඉතාමත් වැදගත් නිසා. ඒ වගේම පිටතින් ෆ්ලෑෂර් සවිකරගැනීමේ හැකියාව තියෙනවානම් එයත් වැදගත්. In-built ෆ්ලෑෂර් ඇති කැමරාවක් තොරගනිද්දී අඩුම ගානේ 10 feet වත් ආලෝකය විහිදුවන ෆ්ලෑෂරයක් තිබීම හොඳයි.


  11. බැටරි ආකාර
  12. තමන්ගේ කැමරාව පණගන්වන්නේ බැටරියෙන් නේ. ඒක නිසා හොඳ වර්ගයකට බැටරියක් තිබීම වැඳගත් කැමරාව භාවිතා කරන්නේ Li-Iron වර්ගයේ වැනි නැවත නැවතත් භාවිතා කරන්න පුළුවන් ආකාරයක් නම් සාක්කුවට ඉතිරියක්. නමුත් නව කැමරා වල භාවිතා වන විදුලිය සලකලා බලන විට සාමාන්‍ය AA හෝ AAA වැනි බැටරි වලින් පණ ලබන කැමරාවලට සාමාන්‍ය බැටරි යෙදීම කරන්න බැහැ. එවිට නැවත ආරෝපනය කරන්න පුළුවන් බැටරි කීපයක් මිලදී ගැනීම වාසිදායකයි.


  13. අමතර කොටස්
  14. කැමරාවක් ගනිද්දී වැඩි දෙනෙක් පාවිච්චි කරන වර්ගයක් ගන්න. මොකද හදිස්සි වෙලාවකට ලෙන්ස් එකක්, බැටරියක් වත් යාළුවෙක්ගෙන් ඉල්ලා ගන්න පුළුවන් වෙන්නේ තරමක් පොදු කැමරා වර්ගයක් තිබුනොත් විතරයි. ඒක නිසා කොහේවත් නැති බ්‍රෑන්ඩ් එකක් නොගෙන ටිකක් ප්‍රසිද්ධ වර්ගයක් ගන්න.


  15. ලෙන්ස් භාවිතය
  16. DSLR වර්ගයේ එකක් නම් ලෙන්ස් එකක් භාවිතා කිරීමේ හැකියාව තීරණය වෙන්නේ කොහොමද කියන එක වැදගත්. ඒක Auto focus ද, Manually driven ද Motor driven ද වගේ දේවල් වගේම VR වර්ගක් පුළුවන්ද, තියෙනවාද වගේ කරුණු සලකලා බලන්න. හැබැයි මම දැන්ට භාවිතා කරලා තියෙන ලෙන්ස් වලින් හොදටම අල්ලලා ගියේ Nikkor ලෙන්ස්.


එහෙමනම් අදට ලිපිය ඉවරයි. ලොකු විස්තරයක් දාන්න හිටියත් වැදගත් දේවල් ටික කියලා ශේප් වෙනවා. හොඳ නරක කියලා කොමන්ටුවක් දාලා ෂෙයාර් කරලාම යන්න.

Categories:

11 comments:

  1. ලොකු උදවුවක් මචං කරේ...! තෑන්ක්ස්..!

    ReplyDelete
  2. සරළව නමුත් වැදගත් අංශ ටික ගැන කියල තිබෙන වැදගත් ලිපියක්.

    මේකත් බලන්නකො. :)
    http://www.photographylk.com/category/featured/camera-buying-guide/

    ReplyDelete
    Replies
    1. සරලව තමයි කිව්වේ අයියේ. බොහෝම ස්තුතියි ලින්කුවට

      Delete
  3. හොද විස්තරයක් දිගටම කෑමරා ගෑන ලියන්න අපි බලනව ඒ වගෙම ලේන්ස් ගෑන මීට වඩා විස්තර කරන්න පුලුවන්නම් හොදයි

    ReplyDelete
  4. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
    Replies
    1. http://si.wikipedia.org

      Delete
  5. කැමරා ගැන හොඳ විස්තරයක්. මොබයිල් ෆෝන් වල කැමරාවෙන් ෆොටෝ ගනිද්දී සූම් කරන්න යොදා ගන්න පුළුවන් මොකක් හරි උපකරණයක් තියනව ද..

    ReplyDelete
    Replies
    1. පිටින් සවි කරන්න පුළුවන් කාච නම් තිබෙනවා. නමුත් ඒව හැම වැඩකටම නම් සාර්ථක නෑ. Closeup වලට නම් සුපිරි. :)

      Delete
  6. honda watina wadak camera 1 use nokarana wit battery 1 galawa thabeema awashyada

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑