Monday, December 31, 2012

විද්‍ය ප්‍රබන්ධය - දෙවන කොටස.

පෙර කොටසින්
ඔවුන් සිටි කාමරය තවමත් අඳුරේය. සිදුවන්නට යන්නේ කුමක් දැයි දෙදෙනාගෙන් එක් අයෙකුටවත් පැහැදිලි නැත. නිසල් කවුද ඒ?

2) සිහිය ලැබ.

ස්ථානය- රෝහල ඇමරිකාව
දිනය -2100.03 03
වේලාව -14:30

සිහිය ලබන විට ඔහු සිටියේ රෝහල් ඇඳක් මතය. වටපිට බලන විට දෙදෙනෙක් ඔහු දෙස බලාසිටින බව දුටු නිසා ඒ දෙසට හිස හැරෙව්වේය. එයින් එක් අයෙක් කටහඬ අවදි කලේය.
"සුභ උදෑසනයක්. කොහොමද?" ඇය කීවාය. "ඔයාල කවුද?" නිසල් අමුත්තන් හදුනාගන්නට උත්සහ කලේය. "හා හා වැඩිය දඟලන්න කරන්න යන්න එපා. ඔයා‍ේ සෞඛ්‍ය තත්වය අනුව ඒක අනතුරුදායක වෙන්න පුළුවන්." හඬ අවදි කල ‍අනෙක් පුද්ගලයා නිසල්ට පැවසීය.

"අපි ඔයාව හොයාගත්තේ ගොවියෙක්ගේ මාර්ගයෙන්. ඔයා A51 එකේ සීමාව ගාව සිහිය නැතිව වැටිලා ඉඳලා තියෙනවා. සුළු පිලිස්සීම් කීපයක් හැරුණවිට ලොකු හානියක් වෙලා තියෙන්නේ පපු ප්‍රදේශයට." දෙවන පුද්ගලයා පැවසීය. එහෙමනම් පොලීසිය ආවාම කටඋත්තරයක් දෙන්නකෝ කියමින් ඔවුන් දෙදෙනා පිටව ගිය පසු නිසල් තනිවම සිතන්නට විය.

"ඔවුන් එහෙමනම් අපව විනාශ කලා. අපෙන් පලිගත්තා"

ඔහුට නින්ද ගොස් තිබිනි. යම් දෙයක් දැනුන නිසා නැගිට බලන විට කිසියම් පුද්ගලයෙක් ඔහුගේ නළලට යම් උපකරණයක් තබා තිබෙනවා දුටුවත්, වෛද්‍යවරයෙක් යැයි සිතූ සිතිවිල්ල වැරදේ යැයි ඔහු සිතුවේ නැත. සුළු වේලාවකට පසු ප්‍රාණය නිරුද්ධ නිසල්ගේ මළ සිරුර රෝහල් ඇඳමත දක්නට ලැබීය.




3)මරණය

ස්ථානය - FBI කාර්යාලය
දිනය 2100.09.05
වේලාව 22:52

"මරණ පරීක්ෂණයෙන් කියැවිලා තියෙන්නේ හෘදය තුල රුධිර කැටියක් හිරවීමෙන් සිදුවෙච්ච මරණයක් කියලා" ඩෙරික් පරීක්ෂණ වාර්ථාව අතට ගත්තේය. "ඒත් ඔයා හිතනවාද මේක එහෙම දෙයක් කියලා. මතකද නළලේ තිබුන පිලිස්සීම්." ඩැනියල් සැක මුසු බැල්මක් හෙලමින් තම සඟයාගෙන් විමසීය. "ඇයි ඔයා කියන්නේ මේක ස්වභාවික එකක් නෙමෙයි කියලාද?" "ඔව්. ඇත්තටම. ඒ විතරක් නෙමෙයි. ඒ තිබුන විදියත් මට එච්චර ඇල්ලුවේ නැහැ."

ඒත් සමඟම කාර්යාලයේ දොරටුවක් විවර කරගෙන පැමිණි නිලධාරියෙක් බිටම පතිත විය. "මේ මොකද?" ඩෙරික් ඉදිරියට ගත්තේ එක් පියවරක් පමණි. ඒ ඔහුගේ අවසන් පියවර විය.




4)ආගමනය

ස්ථානය -වෙරල තීරය
දිනය 2100.09.20
වේලාව 08.34

තම රථයේ තිබූ දුරකථනය හඬ දෙන්නට වූයෙන් ව්‍යායාම කිරීම නැවැත්වූ චෑන් දුරකථනය කනේ තබා ගත්තේය. "සුභ උදෑසනයක් චෑන්. මම ආර්ඩ්. ඔයාට වැඩක් භාරදෙන්න තියෙනවා. වහාම මූලස්ථානයට වාර්ථා කරන්න" දුරකථන පණිවුඩය විසන්ධි විය. චෑන් හා ආර්ඩ් යනු කේත නාම දෙකක් යනු දෙදෙනාම දන්නා කරුණකි. එය ඇරයුම පිළිගැනීමට අකමැති වූවද, අණ පැහැරහැරිය නොහැකි නිසා චෑන් රථයේ නැගී මූලස්ථානයට පිටවයන්නට විය.  "චැහ්. මටමනේ වෙන්නේ. නිවාඩුවක් ගත්තේ නිවාඩුවක් ගන්න. ඒත් කොහේද?" රථයේ යන ගමන් චෑන් තමාටම කියාගත්තේය.


මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේ කථාව මම ලියවුවේ මම 7,8 හා 9 ශ්‍රේණි වල ඉදිද්දී. ඇත්තටම කියනවානම් පරණ පොතක් හොයාගෙන ජොලියට වගේ ලියපු කථාවක්. මුලින් දාපු කොටසට යම් තරමක ප්‍රතිචාර තිබුන නිසා අනෙක් කොටසත් දාන්නම් කියලා හිටියාට, දන්නවානේ ඉතින්. එක එක වැඩ නිසා අතපසු වුනා. කථාවේ රසය පොඩ්ඩක් වැඩි වෙන්න මුල් රාමුවේ ඉඳගෙන පොඩි පොඩි දේවල් එකතු කරලා තමයි බ්ලොග් එකේ ලියන්නේ.

Categories:

7 comments:

  1. ලස්සන කතාවක් වෙයි වගේ. අමුතු කතාවක්. :)
    සුභ පතනවා.

    ඒත් එක්කම කැමතියි ඔබට ආරාධනා කරන්න අපිත් එක්ක එකතු වෙන්න.
    https://www.facebook.com/SlScientist

    ReplyDelete
  2. අම්මේ මේ පැත්තට ආවෙත් පළවෙනි වතාවට මං හිතන්නේ.විද්‍යා ප්‍රබන්ධ වලට මාත් ආසයි.ලියමු දිගටම.ලිපිය දිගු නැති එක නම් හොදයි

    ReplyDelete
    Replies
    1. කලින් ඇවිල්ලා තියෙනවා වගේ මතකයි. හමයි ඩොමේන් එකයි වෙනස් කලානේ :D

      Delete
  3. keep going bro
    kck

    ReplyDelete
  4. වාව්... මේ තියෙන්නේ.. දිගටම ලියන්න. හොඳයි කතාව

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑