Tuesday, October 22, 2013

ටික් ටික් ටික්...

ටික් ටික් ටික් ටික්....

මදෑ ආතල් එකේ පා වෙවී නිදා ගන්න හැදුවා, මේකා සින්ක් එක හරියට වහලා නෑ.

කට ඇරගෙන පුටුවට වෙලා ඉන්නේ නැතිව ඕක වහලා වර, උඹට බැරිද? ඉඳපිය මමම යන්නම්.

රෙද්ද...  ඇදෙන් නැගිට්ට මම කුස්සියට ගියා.

කෝ ටැප් එක නෙමේ, අරකාගේ අතින් බිමට ලේ වැටෙනවා.

ඇයි බන් උඹ කට ඇරගෙන? මොකද කථා නැත්තේ?

උඹ මැරිලාද?

බෑ බෑ උඹට මැරෙන්න දෙන්න බැහැ. බිම තිබුන ලේ අරගෙන මම ඌට පෙව්වා.

ගිලපන් ඕවා.

සීතල උණු මලකඩ සුවඳ ලේ උගුරෙන් පහලට යනවා මට දැනුනා.

ඊයා... ලේ බොන්න?

පෙනහළු වලට ලේ යද්දී අමාරුයි, නවත්තපන් දැන්වත් ඔය වැඩේ.

ඇත්තමයි, උඹ මැරියං. ඉවරයිනේ කරුමේ.

හිතේ ඇති මම මැරුනාම බොඩි එක උඹ ගන්ට. හහ් එහෙම කොහොමද?

කියවිලල නවත්තලා මැරියන්කෝ දැන්වත්.

අඩේ අඩුම ගානේ මම මැරෙන එකට සතුටු වෙන්ට හරි උඹ ඉන්නවානේ.

මම යනවා ආයෙත් පා වෙන්න. උඹ මැරුනාම මම එන්නං

ටික් ටික් ටික්....

Categories:

Saturday, October 19, 2013

කම්කරුවා හා කුනුකම...



දකුණු ඇස නගනේ
එක් පයක් වණවේ
ඉස උකුණු රජගේ
මෙයින් ඒ තෙම ජරා වුයේ

Categories:

Tuesday, August 27, 2013

රත්තරන් මාළුවාගේ වරයන් 3

Asian red arowana scleropages legendrei



ඔන්න දවසක් කාන්තාවක් විලකින් කලයට වතුර එකක් පුරවාගෙන් උකුලේ තියාගෙන එන්න හැරෙද්දීම සද්දයක් ඇහුනාලු. "අනේ මාව නිදහස් කරන්න. අනේ මාව නිදහස් කරන්න" කියලා.

බැලින්නම් රත්තරන් මාළුවෙක් කලගෙඩියට වතුරත් එක්ක ඇවිත්.

"මේකාට කථා කරන්නත් පුළුවන් නේ. නියම මාළුවෙක්. මේකා විකුණලා හොඳ ගානක් මට හොයාගන්න පුළුවන්." ඇය තමන්ටම කියාගත්තා.

ඒ අහපු මාළුවා... "අනේ මාව නිදහස් කරන්න. මම ඔබතුමියට වරයන් තුනක් ලබා දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ." කියලා කිව්වා.

කියන ඕනේ දෙයක් කියලා... මේ කාන්තාව ඒ මාළුවා ආපහු විලට දැම්මා. විලේ වටයක් ගහපු මාළුවා... ආයෙත් කාන්තාව ලඟට ඇවිත් මෙහෙම කිව්වා.

Categories:

Wednesday, April 10, 2013

මේ රටේ අනාගතය උදෙසාය ! alhelp.org/apply/


අපට ඇත්තේ අරමුණු දෙකකි එකක් ඔබ ගැන අනික රට ගැන.www.alhelp.org හි සාඩම්බර රචකයකු වීමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ! මේ රටේ අනාගතය උදෙසාය!
 

ශ්‍රී ලාංකිකයන්ට පිදෙන ස්වර්ණමය තිළිණය,
 
ෆේස්බුක් ගෲපයක් බ්ලොග් අඩවියකින් එහා මායිමකට "අන්තර්ජාලයේ නැණ නුවණ ‍තෝතැන්න " A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න දැන් වෙබ් අඩවියක.
ස්වර්ණමය භූමියෙන් එහා ඉලෙක්ට්‍රෝනික් අවකාශයේ දැයේ බුද්ධියේ තර්කාන්විත අනාගත පරපුරක් උදෙසා මෙසේ අඩහැර පාන්නට සුදානම් වන්නේය.  
"සූදානම් කරගන්න ඔබගේ දැනුම.තර්කානුකූලව සටන් කරන්න.බුද්ධියේ මහිම කියා පාන්නට." - ඔබ ඔබම වන්න.
බුද්ධියේ , තර්කයේ , දැනුමේ යුද ගිනි අවුලන්නට අප සුදානම්.
© 2013 A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න .




Categories:

Thursday, February 21, 2013

හොඳ ආරංචියක්ද?

'සුභ පැතුම් නිමන්ති මහත්මිය, ඔබට සුභ ආරංචියක් කියන්න තියෙනවා.' වෛද්‍ය වරයා පැවසීය. 'මම මහත්මිය නෙමෙයි මෙනවිය.'

Categories:

Thursday, February 14, 2013

DNA පරීක්ෂණය

පෙරේරා මහතාගේ DNA වාර්ථාව අතට ගත් දොස්තර මහතා "ඔබට හොඳ ආරංචියක් වගේම නරක ආරංචියක් කියන්න තියෙනවා" යැයි පැවසීය.

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑