Friday, May 10, 2013

දුව කොටට ඇඳගෙන ගියත් පලි බොදු බල සේනාවද? | Should they pay attention about wearing mini skirts



සල්ලි දීල ගවුම ගත්තේ ඇඳගෙන යන්න
අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න
ඇඟට හිරට කොටට මහල ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න.
 අතිශයින්ම කාර්යබහුලතාවම මැද වුනත් මේ දේ ගැන ලියන්න හිතුනේ හිතේ ඇතිවුන කලකිරීම නිසාමයි. 

මහනුවර නගරයේදී මට අහන්නට ලැබුන දෙබසක් තමා මේ....

මැදිවියේ පුද්ගලයා- "අර බලන්න, අර ගෑණු ලමයා. කොටට කොටේ සායක් ඇඳගෙන යනවා"

ඇගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාව- "ඒකනේ, කිසි හැදියාවක් නැති හැටි"

මැදිවියේ පුද්ගලයා- "ඔය බොදු බල සේනා කියලා අටවාගෙන ඉන්නේ. ඒකෙන් ඕවා ගැන බලන්න එපෑය"

මින් ඉදිරියට දෙබස අසා සිටීමේ පලක් නොවුන හෙයින්, මම දුරකථනය රැගෙන පසෙකට වුනා.

ඇත්තටම මේ දේ ගැන මගේ හිතේ ඇතිවුනේ ලොකු කලකිරීමක්. මුලින්ම කියන්න ඕනේ මුස්ලිම් වුනත්, දෙමල වුනත්, බෞද්ධ වුනත්... අන්තවාදයට මම කැමති නැහැ. හැබැයි මම උපතින් සිංහලයෙක්. සරණ ගිය නිසා බෞද්ධයෙක්. ඒක නිසා මගේ ජාතිය මගේ ආගම කියන හැඟීම මටත් තියෙනවා. මොකද මම තවමත් මමත්වය, ප්‍රතිරූප නැති නොකල පුද්ගලයෙක් නිසා. නමුත් බො.බ.‍සේනා ගැන මගේ තියෙන්නේ මැදිහත් මතයක්.

මම බොදු බල සේනාවේ සාමාජිකයෙකුත් නෙමෙයි, ඒ වගේම රාවණා බලය හා සිංහල රාවය කියන එක ජාතික ව්‍යාපාරයකවත් යාවජීව සාමාජිකයෙක් නෙමෙයි. නමුත් සිංහලයෙක් වශයෙන් මගෙන් ඉටුවෙන්න යම් දෙයක් තියෙනවාද, කිසිම පැත්තකට බර නොවී ඒ දේ මම කරනවා. 

දැන් කථාවට යොමු වෙමු. ඇත්තටම මේ ලමයා ඇඳගෙන ගියේ ඇතුලත් කරලා තියෙන ඡායාරූපයේ ගවුමට වඩා අඟලක් හෝ දෙකක් වැඩි ගවුමක් වෙන්න ඇති. ඒත් මේ ගැන හොයන්න ඕනේ බො.බ.සේනාවෙන්ද?

මේ කොටට, ඇ‍ගේ කොටස් පේන විදියට ඇදුම් ඇඳගෙන එන කිසිම ගෑණු ළමයෙක් (99%) ගෙදරින් ලමාසාරයක් පටලවාගෙන ඇවිදින්, මඟදී Sexy කියන වර්ගයේ ඇදුම් ඇඳගන්නේ නැහැනේද? එතකොට ඒ ගෙදරින් එලියට බහිද්දී අම්මා සහ තාත්තා කියන දෙන්නා මේ ඇදුම් අදිනවා කියලා දන්නවානේ. එහෙමනම් කරන්න තියෙන්නේ තාත්තා දුවට හොඳින් කියලා දෙන්න ඕනේ "දුවේ, ඕවා හැදිච්ච ගෑණු ළමයි අඳින්න සුදුසු ඇඳුම් නෙමෙයි කියලා" එහෙම හොඳින් කියලා බැරි නම් ඉතින් මේක ලංකාවනේ, ලංකාවේ සංස්කෘතියේ තාත්තා/ අප්පච්චී කියන්නේ වැදගත් චරිතයක්. ඒක නිසා සැර කරලා කියන්න ඕනේ.

බො.බ.සේනාව කියන්නේ, එහෙමත් නැතිනම් රාවණා බලය හෝ සිඞහල රාවය කියන සංවිධාන තියෙන්නේ දුව කොටට ඇඳගෙන යන ගවුම දික් කරන්න නෙමෙයි. 

ඒ වගේම දැන ගන්න ලැබුන දෙයක් තමා බොදු බල සේනාවට ඉඩම් නඩු පවා මිනිස්සු ගෙනල්ල භාර දෙනවා කියලා. තාමත් මේ ජාතික ව්‍යාපාරය මොකක්ද කරන්න හදන්නේ කියලා මිනිස්සුන්ට තේරිලා නැහැ. 

එහෙම තේරෙනකම්ම මේ සංවිධාන වලින් කරන කිසිම දේකින් වැඩක් වෙන්නේ නැහැ. බො.බ.සේනාවෙන් මීලඟට කරන දේ සිංහල ජනතාවට වගකීම් පැහැදිලි කරන්න උත්සහ කරන එක කියලා තමයි සංවිධානයේ ඉහල නිලයක් දරන කෙනෙක්ගෙන් දැනගන්න ලැබුනේ.

ඇත්තෙන්ම ඒක හොඳ වැඩක්. ඒ වගේම චී මල් කියලා තිබුනා නේද බො.බ.සේනාවට නෝර්වේ ආධාර ලැබුනා කියලා. ඒ වගේම කථාවක් ගියා ඇමරිකාවට ගියේ CIA සමඟ එකතුවෙලා කුමන්ත්‍රණ කරන්න කියලා. නමුත් හොයලා බලද්දී දැන ගන්න ලැබුනේ බො.බ.සේනා ගිණුමේ තියෙන්නේ රුපියල් 30'000ක් වගේ සුළු මුදලක් කියලා. බො.බ.සේනාවෙන් කෙරෙන සියලුම කටයුතු වලට මුදල් ලබාදෙන්නේ ලංකාවේ සිංහල ජනතාව.

මම මේ දේවල් ලියව්වේ ජාතිවාදී හැඟීම් අවුස්සන්න නෙමෙයි. මගේ හොඳම මිත්‍රයන් ඉන්නවා මුස්ලිම් අය. එකට බත් එක දිගහැරගෙන කෑම කන අය. ඒ අය වුනත් අන්තවාදයට විරුද්ධයි. මාත් අන්තවාදයට විරුද්ධයි. 

තැන් තැන් වල බො.බ.සේනාවෙන් කරන කටයුතු වලට විරුද්ධව මෝඩයෝ වගේ කියවන්නේ නැතිව මේ මාසේ 11 (හෙට) කෑගල්ල නගර මධ්‍යයේ බො.බ.සේනා මහා සමුලුවක් පැවැත්වෙනවා. ඒකට ගිහින් බලන්න. එතනදි වුනත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ.

----------------------------------------------------------------
අන්තිමට කියන්න දෙයක් තියෙනවා නැවතත්, මම කිසිම සංවිධානයක සාමාජිකයෙක් නෙමෙයි. 

---------------------------------------------------------------

උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙන අය උදෙසා ගොඩ නැංවෙන වෙබ් අඩවිය නිසා තමා කාර්යබහුලත්වය වැඩි වෙලා තියෙන්නේ. කැමති අය ලයික් එකක් ඇතුල් කරන්න.


Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑