Friday, May 10, 2013

දුව කොටට ඇඳගෙන ගියත් පලි බොදු බල සේනාවද? | Should they pay attention about wearing mini skirts



සල්ලි දීල ගවුම ගත්තේ ඇඳගෙන යන්න
අල්ලි දෙකක්වත් දුර බෑ අඩිය තියන්න
ඇඟට හිරට කොටට මහල ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න.
 අතිශයින්ම කාර්යබහුලතාවම මැද වුනත් මේ දේ ගැන ලියන්න හිතුනේ හිතේ ඇතිවුන කලකිරීම නිසාමයි. 

මහනුවර නගරයේදී මට අහන්නට ලැබුන දෙබසක් තමා මේ....

මැදිවියේ පුද්ගලයා- "අර බලන්න, අර ගෑණු ලමයා. කොටට කොටේ සායක් ඇඳගෙන යනවා"

ඇගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාව- "ඒකනේ, කිසි හැදියාවක් නැති හැටි"

මැදිවියේ පුද්ගලයා- "ඔය බොදු බල සේනා කියලා අටවාගෙන ඉන්නේ. ඒකෙන් ඕවා ගැන බලන්න එපෑය"

මින් ඉදිරියට දෙබස අසා සිටීමේ පලක් නොවුන හෙයින්, මම දුරකථනය රැගෙන පසෙකට වුනා.

ඇත්තටම මේ දේ ගැන මගේ හිතේ ඇතිවුනේ ලොකු කලකිරීමක්. මුලින්ම කියන්න ඕනේ මුස්ලිම් වුනත්, දෙමල වුනත්, බෞද්ධ වුනත්... අන්තවාදයට මම කැමති නැහැ. හැබැයි මම උපතින් සිංහලයෙක්. සරණ ගිය නිසා බෞද්ධයෙක්. ඒක නිසා මගේ ජාතිය මගේ ආගම කියන හැඟීම මටත් තියෙනවා. මොකද මම තවමත් මමත්වය, ප්‍රතිරූප නැති නොකල පුද්ගලයෙක් නිසා. නමුත් බො.බ.‍සේනා ගැන මගේ තියෙන්නේ මැදිහත් මතයක්.

මම බොදු බල සේනාවේ සාමාජිකයෙකුත් නෙමෙයි, ඒ වගේම රාවණා බලය හා සිංහල රාවය කියන එක ජාතික ව්‍යාපාරයකවත් යාවජීව සාමාජිකයෙක් නෙමෙයි. නමුත් සිංහලයෙක් වශයෙන් මගෙන් ඉටුවෙන්න යම් දෙයක් තියෙනවාද, කිසිම පැත්තකට බර නොවී ඒ දේ මම කරනවා. 

දැන් කථාවට යොමු වෙමු. ඇත්තටම මේ ලමයා ඇඳගෙන ගියේ ඇතුලත් කරලා තියෙන ඡායාරූපයේ ගවුමට වඩා අඟලක් හෝ දෙකක් වැඩි ගවුමක් වෙන්න ඇති. ඒත් මේ ගැන හොයන්න ඕනේ බො.බ.සේනාවෙන්ද?

මේ කොටට, ඇ‍ගේ කොටස් පේන විදියට ඇදුම් ඇඳගෙන එන කිසිම ගෑණු ළමයෙක් (99%) ගෙදරින් ලමාසාරයක් පටලවාගෙන ඇවිදින්, මඟදී Sexy කියන වර්ගයේ ඇදුම් ඇඳගන්නේ නැහැනේද? එතකොට ඒ ගෙදරින් එලියට බහිද්දී අම්මා සහ තාත්තා කියන දෙන්නා මේ ඇදුම් අදිනවා කියලා දන්නවානේ. එහෙමනම් කරන්න තියෙන්නේ තාත්තා දුවට හොඳින් කියලා දෙන්න ඕනේ "දුවේ, ඕවා හැදිච්ච ගෑණු ළමයි අඳින්න සුදුසු ඇඳුම් නෙමෙයි කියලා" එහෙම හොඳින් කියලා බැරි නම් ඉතින් මේක ලංකාවනේ, ලංකාවේ සංස්කෘතියේ තාත්තා/ අප්පච්චී කියන්නේ වැදගත් චරිතයක්. ඒක නිසා සැර කරලා කියන්න ඕනේ.

බො.බ.සේනාව කියන්නේ, එහෙමත් නැතිනම් රාවණා බලය හෝ සිඞහල රාවය කියන සංවිධාන තියෙන්නේ දුව කොටට ඇඳගෙන යන ගවුම දික් කරන්න නෙමෙයි. 

ඒ වගේම දැන ගන්න ලැබුන දෙයක් තමා බොදු බල සේනාවට ඉඩම් නඩු පවා මිනිස්සු ගෙනල්ල භාර දෙනවා කියලා. තාමත් මේ ජාතික ව්‍යාපාරය මොකක්ද කරන්න හදන්නේ කියලා මිනිස්සුන්ට තේරිලා නැහැ. 

එහෙම තේරෙනකම්ම මේ සංවිධාන වලින් කරන කිසිම දේකින් වැඩක් වෙන්නේ නැහැ. බො.බ.සේනාවෙන් මීලඟට කරන දේ සිංහල ජනතාවට වගකීම් පැහැදිලි කරන්න උත්සහ කරන එක කියලා තමයි සංවිධානයේ ඉහල නිලයක් දරන කෙනෙක්ගෙන් දැනගන්න ලැබුනේ.

ඇත්තෙන්ම ඒක හොඳ වැඩක්. ඒ වගේම චී මල් කියලා තිබුනා නේද බො.බ.සේනාවට නෝර්වේ ආධාර ලැබුනා කියලා. ඒ වගේම කථාවක් ගියා ඇමරිකාවට ගියේ CIA සමඟ එකතුවෙලා කුමන්ත්‍රණ කරන්න කියලා. නමුත් හොයලා බලද්දී දැන ගන්න ලැබුනේ බො.බ.සේනා ගිණුමේ තියෙන්නේ රුපියල් 30'000ක් වගේ සුළු මුදලක් කියලා. බො.බ.සේනාවෙන් කෙරෙන සියලුම කටයුතු වලට මුදල් ලබාදෙන්නේ ලංකාවේ සිංහල ජනතාව.

මම මේ දේවල් ලියව්වේ ජාතිවාදී හැඟීම් අවුස්සන්න නෙමෙයි. මගේ හොඳම මිත්‍රයන් ඉන්නවා මුස්ලිම් අය. එකට බත් එක දිගහැරගෙන කෑම කන අය. ඒ අය වුනත් අන්තවාදයට විරුද්ධයි. මාත් අන්තවාදයට විරුද්ධයි. 

තැන් තැන් වල බො.බ.සේනාවෙන් කරන කටයුතු වලට විරුද්ධව මෝඩයෝ වගේ කියවන්නේ නැතිව මේ මාසේ 11 (හෙට) කෑගල්ල නගර මධ්‍යයේ බො.බ.සේනා මහා සමුලුවක් පැවැත්වෙනවා. ඒකට ගිහින් බලන්න. එතනදි වුනත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබාගන්න බැරි වෙන එකක් නැහැ.

----------------------------------------------------------------
අන්තිමට කියන්න දෙයක් තියෙනවා නැවතත්, මම කිසිම සංවිධානයක සාමාජිකයෙක් නෙමෙයි. 

---------------------------------------------------------------

උසස් පෙළ සඳහා ඉදිරිපත් වෙන අය උදෙසා ගොඩ නැංවෙන වෙබ් අඩවිය නිසා තමා කාර්යබහුලත්වය වැඩි වෙලා තියෙන්නේ. කැමති අය ලයික් එකක් ඇතුල් කරන්න.


Categories:

23 comments:

  1. ubalata hika wena day athaka neme

    ReplyDelete
    Replies
    1. සහෝදරයා. මෙතන තියෙන්නේ අන්තගාමී බව පිලිබඳව ප්‍රශ්ණයක්

      Delete
    2. උඹලා හදන්නේ ලෝකෙටම හුකන්නනේ

      Delete
    3. Thambi pakku danne ocharai nabiya ugannuwe echarane.

      Delete
  2. මමත් අන්තවාදියෙක් නෙවෙයි සහෝ ඒත්
    සිංහල බෞද්ධ රටක බොදු බල සේනා වගේ සංවිධාන තියෙන්න ඕනේ කියලයි මමත් හිතන්නේ. අන්තවාදය උදෙසා නෙවෙයි බෞද්ධ ආගමේ සංවර්ධනය උදෙසා !
    ඉහලින් කමෙන්ට් කරලා තියන මුස්ලිම් සහෝදරයට කියන්න තියෙන්නේ අපි හොඳ සිංහල බෞද්ධ කොල්ලෝ ! උඹලත් තැනක් නොතැනක් නොබලා කුණුහරුප කියන්න එපා කියලයි !

    ජය !!!

    ReplyDelete
  3. මෙහෙමයි මචන්,උඹ ඒකේ සාමාජිකයෙක් හරි ඒකට උල්පන්දම් දෙන එකෙක් හරි නොවුනා කියමුකෝ.ඒත් එහෙමනම් ඒකේ ගිනුමේ තියෙන සල්ලි,‍රැස්වීම් තියන දවස් වෙලාව,තැන ප්‍රචාරය කරන්නෙ ඇයි?තමන් මොකක් හරි දෙයකට පක්ෂපාතී නම් ඒක කෙලින්ම කියපන් අවුලක් නෑ,හොඳේ...........අනික කෙල්ලෙක් කොටට ඇඳගෙන ගියාම මොකද බං?උඹ අකැමැති නම් අහක බලපන්.අපි උඹ වෙනුවට බලන්නම්.හරිනෙ.

    ReplyDelete
    Replies
    1. මම කියලා තියෙනවා වගේ, කිසිම දේකට විරුද්ධ නැහැ. කෙල්ලෙක් කොටට ඇඳගෙන ගියාට මට මොකද? ඒත් මේක ලියලා තියෙන්නේ ඇඳගෙන යනවාට විරුද්ධව නොවන බව පේනවා ඇති. ගිණුමේ තියෙන සල්ලි, රැස්වීම තියන තැන වෙලාව ප්‍රචාරය කලේ ඒ ගැන මගේ කැමැත්තක් තියෙන නිසා. ඒක පක්ෂපාතී බවක් නෙමෙයි. මම පක්ෂපාතී බුද්ධ දර්ශණයට. නැවත වරක් ලිපිය තමන් ඉන්න රාමුවෙන් පිට පැනලා කියවලා බලන්න. එතකොට තේරෙයි ලියලා තියෙන්නේ මොකක්ද කියලා

      Delete
    2. අන්න එතන තමයි මචං උඹට පැටලුනු තැන,උඹ ඒකට කැමැතියි නම් ඒ කියන්නේ හිත ඇතුලේ පක්ෂපාතීකමක් තියේ කියන එකනෙ.නිනං උගුරට හොරා බේත් කන්න ඕන නෑනෙ.අනික ඔයා බොදු බල සේනාවේ දර්ශනය බෞද්ධ දර්ශනයට සමාන කරන්නේ කොහොමද?සරලව ඇහුවොත් බෞද්ධ දර්ශනයේ කොහේද මචං ඔය කට්ටිය කියන ජාතිය කියන දෙය උලුප්පලා තියෙන්නේ?අර බුදු හාමුදුරුවො බුදු වෙන කොට දැක්ක හීනයකත් තියෙනවනේ සිව් දිගින් එන චතුර් වර්ණ පක්ශීන් සතර දෙනෙක් පාමුල සුදු පාටට හැරෙනවා කියලා.(එතන කිව්වේ කුලය හොඳේ).හරි ඒක පැත්තකින් තියමු.උඹ කොහොමද දන්නේ බැංකු ගිණුම් විස්තර.ඒවා පුද්ගලික රහසිගත විස්තරනෙ.

      Delete
    3. සහෝදරයා, මම කිව්වාද බොදු බල සේනාවේ දර්ශණය බුද්ධ දර්ශනයට සමානයි කියලා. ඔබ ලියන්නේ ඔබ හිතින් මවාගත්ත හිතලුවක්. බො.බ.සේනාවේ බැංකු ගිණුම් විස්තර රහසිගත වෙන්න ඇයි ඒක උලමා සංවිධානයද?

      //මීලඟට කරන දේ සිංහල ජනතාවට වගකීම් පැහැදිලි කරන්න උත්සහ කරන එක කියලා තමයි සංවිධානයේ ඉහල නිලයක් දරන කෙනෙක්ගෙන් දැනගන්න ලැබුනේ.//

      මම තොරතුරු ගත්ත කෙනා මෙතන ලියලා නැහැ. හැබැයි බො.බ.සේනාවේ ගිණුම් විස්තර එහෙම හංගලා ති‍යාගෙන ඉන්න ඒවා නෙමෙයි.

      ඔබතුමන්ට කැමැත්ත හා පක්ෂපාතීකම කියන දේ ගැන හරි හැටි වැටහීමක් නැති හැඩයි.

      මේ ගොල්ලන් කියන දේ බොදු දර්ශනයේ කියලා නැති බව හැබෑව. නමුත් සිංහලයා රකින්න කුමක් හෝ වැඩ පිලිවෙලක් තිබිය යුතුයි නේද සහෝදරයා

      Delete
  4. බොදු බල සේනා වැනි සංවිධාන අත්‍යවශ්‍ය වෙලා තියනවා මේ රට යන විදියට. හැමෝම දකින්නේ බෞද්ධ අන්තවාදයක් විතරයි.. අනෙක් ආගමික අන්තවාදයන් දකින්නේ නෑ.. බොදුබල සේනා ඉන්නේ එවන් තැන් ගැන සොයාබලන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ වගේම බො.බ.සේනාවේ කිසිම අන්තවාදයක් වගේම දේශපාලනයකුත් නැහැ

      Delete
    2. ඔබ වැනි අය ඉන්න රටක බොදු බල එකවැනි කපටියන් හොදින් වැජබෙනවා.මම කියන්නේ නෑ කොට ගවුම් සොයන එක බොදුබල එකේ වගකීමක් කියලා.ඒත් ලෝකයේම ගෞරවයට පාත්‍ර වුන දළදා මාලිගාව තියෙන මහනුවර පූජා නගරයේ බාර් 45ක් තියෙනවා කාටද ආඩම්බර?කරන්න ඕන දේවල් නොකර වෙන දේවල් මේ අය කරන්නේ පුහු ජනප්‍රියත්වයට විතරයි.දැන් හලාල් නැවැත්තුවද?අන්තිමට වෙන්නේ නටපු තොවිලෙකුත් නෑ,බෙරේ පලුවකුත් නෑ

      Delete
    3. බාර් වහන එක ගැන නම් මම කියන්න දෙයක් දන්නේ නැහැ. මොකද මම බො.බ.සේනාවේ නැහැනේ. මම මේ ලිපිය ලිව්වේ බො.බ.සේනාව ප්‍රචාරය කරන්නවත්, වෙන අරමුණකින්වත් නෙමෙයි. රටේ තියෙන ජාතික ව්‍යාපරයක වගකීම ජනතාවට දැනිලා නැහැ කියලා පෙන්වන්න.

      Delete
  5. ගනන්ගන්න එපා.... ඕක සාමාන්‍ය දෙයක්. අපේ රටේ මෝඩ මිනිස්සු කියල ජාතියකුත් ඉන්නවනේ... අනුකම්පා කරන්න

    ReplyDelete
  6. bodu bala sena kyanne baudhagamata niga karana adhikaranaya hamuwe bebaddek bawa piligath "GALAGODA ATHTHE NANA SARA"ge thrastha wadi hamudawaya....budu dahama surakiya yuthu namuth bodu bala sena wani thrasthawadin anumatha kala nohaka...budu dahamata galapena lesa budu dahama pracharaya kala yuthuya...JIHAD thrasthawadin ha bodu bala senawa athara kisidu wenasak mata nopene...

    ReplyDelete
  7. rate hamuduruwaru hora genu thiyagena innkota , Beela wediwela hospital admit karanakota, ewa gena katha karanne nethuwa , kohewath nethi muslim minissunwa gawagena boruwata weerayo wenna hadana siwiru porawa gaththa kalakanninta rawatena me wage moda harak inna kan ratakata dewiyangeama pihitayi . Booruwo danne nethnam denaganin 1983 oya wage jathiwadi kathwak borella kanaththedi karapu nisa thamai kalu juliya athi une: Eka hinda thamai LTTE eka dethun gunayakin shakthimath une . Awurudu 30 yuddekin passewath hariyata honda naraka therum ganna beri , dilisena wachanwala rawatena kotasak lankawe innwa. ee wage ekek thamai me post eka dala thiyenne
    Hela Urume wage eelanga para Nanasara kiyana eka parliment ekata enawa.. Oka political agenda ekak misak religius agenda ekak newei .. Thopi wage harak innakan nanasarra wage ewun indiy pukenuth hinawewei

    ReplyDelete
  8. ගෑණු ළමයි අඳින වස්තරේ දිග කොට මොකක් උනත් ඒ ළමයි ඉතින් පිරිමි ළමයි නෙමෙයිනේ. ඒ අයට තමන්ගේ අනන්‍යතාවය පෙන්වන ස්ත්‍රී ඇඳුම් වස්ත්‍රාභරණ තමයි සුදුසු.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මෙතන බලෙන් තොප්පි දාගෙන කෑ ගහන පිරිසකුත් ඉන්න හැඩයි! සහෝ! අපිට රට හදන්න දැන්ම බැහැ. මොකද සැබෑ අර්ථය තේරුම් නොගෙන කියන්නන් වාලේ කියවන ජාතියක් ඉන්න ඉන්නකොට වෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන එක විතරයි. මුන්ගේ ආකල්ප හැදිච්ච දවසට ඔය අපේ කම, හැදියාව, ජාතිමාමකත්වය, අචාරශීලීබව, තව එකී නොකී සියලු දෑ ගොඩ නැගේවි. හැබැයි, ඒ ආකල්ප හැදෙන දවස........ (මට සිතා ගත නොහැකි නිසා ඔබවත් කියන්න!). දකින්නට ඇත්තේ පිරිහීමේ ලක්ෂණ පමණයි.

    ReplyDelete
    Replies
    1. "ජාතිය යනු" මෙහි සදහන් පරිදි සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් නොවන බව කරුණාවෙන් සලකන්න. (නැත්නම් ඔය ටිකත් ඇති! හික්ස්!)

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑