Friday, July 5, 2013

මනුස්සයෙක් වීමට | To be a Homo sapiens




ඊයේ මට වැදගත් උපදේශයක් ලැබුනා අක්කාගෙන්...

බලනවා තමුසෙගේ හැටි. පොඩ්ඩක් දැන්වත් මනුස්සයෙක් වෙනවාකෝ...
බලනවා කොම්පියුටරේ ගාව ඉඳගෙන ඉන්න හැටි. එක කකුලක් පුටුව උඩ.


//(ඒ කකුල බිමට දැම්මා.)

අන්තිම වතාවට කොන්ඩේ පීරුවේ කවද්ද?

//මම හිතන්නේ ඉපදුනාට පස්සේ නර්ස් ඇන්ටි පීරුවාට පස්සේ පීරන්ටම නැතිව ඇති. නැත්තං පොඩි කාලේ අම්මා පීරුවාට පස්සේ ආයේ පීරලාම නැහැ.

ඒකනේ කියන්නේ. අනිත් දේ... තේරුම් ගනින් මෝඩ මී හරකෝ... කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට නෙමෙයි. උඹ කෙල්ලොන්ටයි කොල්ලොන්ටයි එකම විදියට සලකන්නේ.

උඹ, මචන්, අඩෝ... ඕවා කෙල්ලොන්ට හරියන්නේ නැහැ. පොඩ්ඩක් Soft විදියට කතාකරන්ට කෙල්ලොන්ට.

//මේකි මඟුලක් කථා කරනවා.

ඔව්, මඟුලක් තමා කථා කරන්නේ. දැන් බලනවා, උඹට තාමත් කෙල්ලෙක් නැත්තේ උඹ කෙල්ලොන්ට ඔහොම සලකද්දී එක කෙල්ලෙක්වත් උඹ දිහා හීනෙකින්වත් හැරිලා බලයිද?

//ඉතින් මට අලයෑ...

මේකට කියන කට හොදයි...

{ හැබැයි කියපු කතා සේරම ඇත්ත. දැන්වත් හැදෙන්න ඕනේ. ආයේ මින්පසු කෙල්ලන්ට

මගේ පැටියා/සුදූ/වස්තුව/උම්මා එක/සීනි බෝලේ/ආදරේ/රන් කඳ යනුවෙන් අමතන අතර කොල්ලන්ට

අඩෝ/මචන්/බ්‍රෝ/ෆිට් එක/වැද්ද/හු.../හුංඟා ආදී නානාප්‍රකාර නම් වලින් අමතනු ඇත. රැවුල කොටටම කපන අතර එය සෑම දිනකම වනු ඇත.

කොන්ඩය තෙල් ටිකක් ගා ගැනීමට නවරත්න ඔයිල් (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි) බෝතලයක් ගෙන ආ අතර, එය සතියකින් ඉවර කිරීම මගේ අභිප්‍රායයි.

තවත් මෙකී නොකී කාරණා බොහෝමයක් ඉදිරියට වෙනස් වන අතර, තව ඇත්තේ කෙල්ලෙක්ගේ අඩුපාඩුව පමනි.}

ඔබත් වයස අවුරුදු 18 සපිරුණු යුවතියක්ද? එසේනම්

♦ඔබට බත් හා පරිප්පුවක් සමඟ පපඩම් ඉවීමට හැකිද? (හරි ඔයි, බැදගනින් පපඩම)
♦රෙදි කීපයක් සෝදා දිය හැකිද? මාසෙකට 5ක් වගේ 
♦පරිගණකය භාවිතා කරන අවස්ථා වලදී නොදැක්කා සේ සිටිය හැකිද?
♦මහ රෑ කෝල් එකක් එහෙම ආවාම යන්ට අවසර දිය හැකිද?

එසේනම් මම සොයන්නේ ඔබවයි. අදම සම්පූර්ණ විස්තරයක් හා ලඟදී ගත් ඡායාරූපයක් ඇතුලත් ලිපිනයැති ලියුම් කවරයක් එවන්න. (ලිපිනය මැසේජ් කොරලා අහගන්ට)
 

Categories:

11 comments:

  1. Replies
    1. ස්තූතියි කොමන්ටුවට බ්‍රෝ. :D

      Delete
  2. හොයාගන්න වෙන්නෑ... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝව්... රජා කියලා බලන්නේ නැහැ කුප්ප කථා කීවොත්.

      ඒ දුක හිතෙන කථා කියන්න එපා බන්. ඔන්න මම එලිවෙනකන් අඬනවා ඈ... :D

      Delete
  3. ane nikan palayan manussayo yanna.. kello dekalama nedda..?

    ReplyDelete
  4. අක්කෙක් හිටියනම් ^_^

    ඔය කතා ටික මටත් ගැලපෙනවා :D

    ReplyDelete
  5. අර අහිංසක කෙල්ලට මක්කැයි වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. යන දිහාක එක්කරගෙන යනවා අයියේ ^_^

      Delete
  6. මාරයිනේ ළහිරු

    ReplyDelete
  7. කෙල්ලෝ කවුරුවත් මේකට කමෙන්ට් කරලා නැත්තේ මොකෝ O.o

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑