Tuesday, August 27, 2013

රත්තරන් මාළුවාගේ වරයන් 3

Asian red arowana scleropages legendrei



ඔන්න දවසක් කාන්තාවක් විලකින් කලයට වතුර එකක් පුරවාගෙන් උකුලේ තියාගෙන එන්න හැරෙද්දීම සද්දයක් ඇහුනාලු. "අනේ මාව නිදහස් කරන්න. අනේ මාව නිදහස් කරන්න" කියලා.

බැලින්නම් රත්තරන් මාළුවෙක් කලගෙඩියට වතුරත් එක්ක ඇවිත්.

"මේකාට කථා කරන්නත් පුළුවන් නේ. නියම මාළුවෙක්. මේකා විකුණලා හොඳ ගානක් මට හොයාගන්න පුළුවන්." ඇය තමන්ටම කියාගත්තා.

ඒ අහපු මාළුවා... "අනේ මාව නිදහස් කරන්න. මම ඔබතුමියට වරයන් තුනක් ලබා දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් උඩ." කියලා කිව්වා.

කියන ඕනේ දෙයක් කියලා... මේ කාන්තාව ඒ මාළුවා ආපහු විලට දැම්මා. විලේ වටයක් ගහපු මාළුවා... ආයෙත් කාන්තාව ලඟට ඇවිත් මෙහෙම කිව්වා.


"මම මේ ආත්මය ලැබුවේ පිරිමි අයට අගෞරව කරලා. ඒක නිසා මම දෙන ඕනෑම වරයක් තමන්ගේ ස්වාමිපුරුෂයාට ඒ වගේ දස ගුණයක් වැඩියෙන් ලැබෙනවා. ඒක තමයි කොන්දේසිය. එකඟද?"

"ආ... ඒකත් එහෙමද? හොඳයි. එහෙමනම් කමක් නැහැ. මාව ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව කරන්න." කාන්තාව පැවසුවා.

"හරි. නමුත් මතක තියා ගන්න. ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ දස ගුණයක් ලස්සන වෙයි." මාළුවා කාන්තාවට කිව්වා.

"කමක් නැහැ. මම බලාගන්නම්කෝ එයා ගැන." කාන්තාව මාළුවාට කීවා. ඉතින් ඇය ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව වුනා.

"හොඳයි මාළුවෝ. මට ලෝකේ ඉන්න ලොකු ධනපතියෙක් වෙන්න උවමනායි." කාන්තාව කිව්වා.

"හොඳමයි. නමුත් ඔබේ ස්වාමිපුරුෂයා මේ වගේ දස ගුණයක් ධනවත් වෙයි."

කමක් නැහැ. එයාගේ දැන් සල්ලිත් තියෙන්නේ මගේ ලඟනේ. ඉතින් මොකද? මේ කාන්තාව හිතුවා.

"ඔබේ ඒ වරයත් ඉටු කලා. ඔබේ අන්තිම වරය මොකක්ද?" මාළුවා ඇහුවා.

මේ කාන්තාවට ඉතින් හිතුනා ධනය සේරම තමන් අයිති කරගන්න. ඉතින් ස්වාමිපුරුෂයා මැරුනාම ධනය බිරිදටනේ.

"ම‍ගේ ඊලඟ වරය, මට පොඩි හෘදයාභාදයක් ලබාදෙන්න." ඇය පැවසුවා "මොකද එතකොට ස්වාමිපුරුෂයාට එක දහ ගුණයක් වෙනවානේ."

"මොකක්, හරි කමක් නැහැ. ඔබේ වරය ඉටු කලා." මාළුවා කිව්වා.

කලින් දෙවතාවක්ම හෘදයාභාදයක් හැදුන කාන්තාව සුළු වුනත් හෘදයාභාදය නිසා මියගියා. ඒත් ඇයගේ සැමියා

ඊට වඩා දහ ගුණයකින් සුළු හෘදයාභාදයක් හැදුන නිසා ගානක්වත් ගියේ නැහැ.

(පොඩිකාලේ අහපු කථාවක්. අද යාළුවෙක් කියපු කථාවක් නිසා ආයෙත් මතක් වුනා)

Categories:

14 comments:

  1. Replies
    1. ස්තූතියි කොමන්ටුවට

      Delete
  2. අර මිනිහට ලොකු හෘදයාබාදයක් හැදෙන්න එපාය.. අයි පොඩි එකක් හැදුනෙ.. මහ නරක කතාවක්.. සික්..

    ReplyDelete
    Replies
    1. පහල ඇනෝ කෙනෙක් උත්තරේ දීලා තියෙනවා

      Delete
  3. ඔන්න ඔහොමයි ගෑණු......

    ReplyDelete
    Replies
    1. සමහර කියලා දාමු බේරෙන්නත් එක්ක

      Delete
  4. සුළු හෘදයාබාධය දහ ගුණයක් වුණා ම මනුස්සයා මැ‍රුනේ නැත්තේ කොහොම ද? ඒක මට ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. පහල ඇනෝ කෙනෙක් පිලිතුරක් දීලා තියෙනවා.

      Delete
  5. එ කියන්නෙ (සුළු+හෘදයාබාධය)*10 නෙමේයි ,, (සුළු *10 )හෘදයාබාධය ,, ඉතින් ඒක ගොඩක් සුළු එකක් :)

    ReplyDelete
  6. මම ඔය කතාව අහල තියෙනවා... එකේ පිරිමියාට ලැබෙන්නේ කාන්තාවට වගේ 1000 ගුණයක්... (පිරිමියා මැරිලා සල්ලි ඔක්කොම කාන්තාවට අයිති වෙනවා)

    ඒත් ළහිරු අයියගේ කතාව ආදර්ශමත්.. හදියට අපි පොඩි කාලේ අහපු බක ජාතකය වගේ ^_^

    ReplyDelete


  7. ඔබත් අමතර ආදායමක් සොයා ගැනීමට කැමතිද? එහෙනම් මෙන්න ක්‍රමය. ලොව මිලියන ගනනක් ජනතාව තම ඉපයීම් මාර්ගය බවට පත් කරගත් FOREX TRADING දැන් ඔබට සිOහලෙන් ඉගෙනීමට අවස්තාවක්.

    මසකට රුපියල් 15000-50000 දක්වා ඉපයිය හැකි විශ්වසවන්ත හා සාර්තකම ඉපයීම් මාර්ගය මෙන්න ඔබටත්………
    අපගේ BLOG අඩවියෙන් ඔබටත් මෙය නොමිලේම ඉගෙනීමේ අවස්තාවක් මෙන්න.

    http://forexbatta.blogspot.com/

    ReplyDelete
  8. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
  9. මාර කතාව.
    ආආ..

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑