Tuesday, October 22, 2013

ටික් ටික් ටික්...

ටික් ටික් ටික් ටික්....

මදෑ ආතල් එකේ පා වෙවී නිදා ගන්න හැදුවා, මේකා සින්ක් එක හරියට වහලා නෑ.

කට ඇරගෙන පුටුවට වෙලා ඉන්නේ නැතිව ඕක වහලා වර, උඹට බැරිද? ඉඳපිය මමම යන්නම්.

රෙද්ද...  ඇදෙන් නැගිට්ට මම කුස්සියට ගියා.

කෝ ටැප් එක නෙමේ, අරකාගේ අතින් බිමට ලේ වැටෙනවා.

ඇයි බන් උඹ කට ඇරගෙන? මොකද කථා නැත්තේ?

උඹ මැරිලාද?

බෑ බෑ උඹට මැරෙන්න දෙන්න බැහැ. බිම තිබුන ලේ අරගෙන මම ඌට පෙව්වා.

ගිලපන් ඕවා.

සීතල උණු මලකඩ සුවඳ ලේ උගුරෙන් පහලට යනවා මට දැනුනා.

ඊයා... ලේ බොන්න?

පෙනහළු වලට ලේ යද්දී අමාරුයි, නවත්තපන් දැන්වත් ඔය වැඩේ.

ඇත්තමයි, උඹ මැරියං. ඉවරයිනේ කරුමේ.

හිතේ ඇති මම මැරුනාම බොඩි එක උඹ ගන්ට. හහ් එහෙම කොහොමද?

කියවිලල නවත්තලා මැරියන්කෝ දැන්වත්.

අඩේ අඩුම ගානේ මම මැරෙන එකට සතුටු වෙන්ට හරි උඹ ඉන්නවානේ.

මම යනවා ආයෙත් පා වෙන්න. උඹ මැරුනාම මම එන්නං

ටික් ටික් ටික්....

Categories:

8 comments:

  1. මාර ලියැවිල්ලක්.... :)

    අර ඉන්නේ නිසපු නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග... :)

      ඔව් ඔව් නිසපු තමා

      Delete
  2. මේක හෙන අමුතුයිනේ බං O.o
    මට අමුතු මෙව්වා එකක් දැනෙන්නේ.. :3

    ReplyDelete
    Replies
    1. උඹට හැමදාම අමුතු මෙව්වා එකක්නේ දැනෙන්නේ :v

      Delete
  3. Replies
    1. මාත් අහන්නමයි හිටියේ :\

      Delete
  4. Replies
    1. මටත් මොකුත් හිතුනේ නැහැ... මොනා සිහියකින් ලියපු එකක්ද මන්දා

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑