Saturday, October 19, 2013

කම්කරුවා හා කුනුකම...



දකුණු ඇස නගනේ
එක් පයක් වණවේ
ඉස උකුණු රජගේ
මෙයින් ඒ තෙම ජරා වුයේ

දින දින රුපියල
එක් කරන් සතොසින
කඳ මල්ල බැඳගෙන
කරේ ඔහු ඒ ධනට ආලය

මහ පාර කැනලා
දාඩිය මුගුරු හෙලලා
අතේ කරගැට මේලා
ගෙව්වෙ දුක් ඔහු කදුළු බීලා

උදයට ප්ලේන්ටිය
දහවල් ධන වඩය
පිට බඩ එකම විය
එහෙත් සිත් ගති ඔහු එ පිලිවෙල

තරවු පොට්ටනිය
වහු ගන්වා එ ඔහු ඉණ
සරම කැහැපොට ගෙන
එදින යන්නට වී ඕ හරහට

මා වැනි ජගතෙකුන්
නැතිය අන් කෙනෙකුන්
දෙසමින් වහසි කන්
කළෝ කැනහිල් සිංහ සෙය්‍යන්

කැට පහර දීලා
මුගුරු ලෙලදී ලීලා
අත් පයින් තලලා
කළෝ තරවටු දුක්ම දීලා

මඟ වැටී හුන්නේ
මිනිසෙකු යැයි සිතන්නේ
උස්සා ඔහුව ගන්නේ
බෙහෙත් දෙන තැන ඔහුව ලන්නේ

සුදු ඇන්ද පමණින්
පහණක් ගත්තු විචරෙන්
සිත් නොදුරු වේ පවින්
අහෝ විය ඔහු පොට්ටනිය මිසින්

නැතිවූ එයට බැඳ මන
නැති වී ඔහු දිනෙන් දින
සතියක් දෙකක් ඇද පන
නික්මී දීඝ හුස්මක් ඒ ඕ තෙම

නිසපු පාඩම් කරනකල් මට හිතෙන දේවල්

Image - ©http://behance.vo.llnwd.net/profiles/79644/projects/118896/796441219276404.jpg

Categories:

Location: Kandy, Sri Lanka

3 comments:

  1. අයි ටී හුස්මින්
    ප‍්‍රබුද්ධ ලියන
    මගේ සේකර.....

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑