Tuesday, November 25, 2014

20% සිට 60% දක්වා වෙබ් හොස්ටින්ග් වලට ඩිස්කවුන්ට් එකක්.

හැමදෙනාම කැමතියි තමන්ගේම කියලා වෙබ් අඩවියක් ආරම්භ කරගන්න. ගොඩ දෙනෙක් කරන්නේ නිකන් හොස්ටින්ග් දෙන සයිට් එකක රෙජිස්ටර් වෙලා ඒකේ සයිට් එක කරන්න පටන් ගන්නවා. ටික දවසක් ගියාම සයිට් එකේ ෆයිල් සේරම මකලා. ඒක වෙනුවට ඇඩ් එකක් පේනවා. එහෙමත් නැතිනම් ඔයාගේ සයිට් එකේ ඇඩ් යනවා.

අන්තිමට වෙන්නේ සයිට් එකට ආපු හිට්ස් ටිකත් නැතිව හිස් අතින්ම ගෙදර යන්න. ඒත් දැන් එහෙම කරන්න ඕනේ නැහැ. මෙච්චර ලාබෙට Linux/Windows Shared හොස්ටින්ග් ගන්න තියෙද්දී. ඒ විතරක් නෙමෙයි Discount දාලත් දෙන්නේ.

Categories:

Sunday, November 16, 2014

Blog system එකක් PHP භාවිතා කරලා ලියමු - Stating with Database and Relations

අද බලන්න යන්නේ කොහොමද PHP භාවිතා කරලා Simple blogging system එකක් ලියාගන්නේ කියලා. මේකෙදී මම මුලින්ම පැහැදිලි කරලා දෙන්නේ Database එක සාදාගන්නා ආකාරය හා එහි Relations එකතු කරගන්න ආකාරය.

ඒ වගේම Blog එක කියවන අයටත් වාසියක් තියෙනවා. Windows Hosting එකක් 60%ක් දක්වා ඩිස්කවුන්ට් එකක් අරගෙන මිලදී ගන්න පුළුවන්.

Use code : H9GQ9MD0EQ

Categories:

Tuesday, November 4, 2014

හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද?

හැමදාම සිංදු කියන්නේ බාත්රූම් එකේද?

Categories:

Monday, November 3, 2014

PHP Instant search with JQuery, ඉක්මන් පහසු සර්ච් එකක් හදන විදිය

අළුත් ටියුටෝරියල් ගේන්නං කියලා කිව්ව නිසා ටියුටෝරියල් ටිකක් ගේන්න වෙනවානේ. බය වෙන්න එපා සබ්ජෙක්ට් එක මාරු වුනා කියලා. PHP Extra එකක් විදියට අද ටියුටෝරියල් එකක් ගෙනාවා. ඉන්ස්ටන්ට් සර්ච් එකක්.
Instant කියන්නේ මේ Instant නෙමෙයි

 කොහොමත් හැමදාම කියවන කියවිල්ල එපා වෙලා ඇති කියලා හිතෙනවා

Categories:

අළුතින් තීම් එකක් දැම්මා... බ්ලොග් එකට


ඔන්න ඉතින් කලින් තිබුන මූණ ගලවලා අළුතින් මූණක් දැම්මා. කාලයක ඉදන් වෙනස් කරන්න හිතාගෙනහිටියා එකක් හදලා. කම්මැලි කම සේරටම වඩා ලොකු නිසා, හොයාගත්තු තීම් එකක් ඉන්ස්ටෝල් කලා.

Thursday, October 30, 2014

Firefox OS එකට ඇප්ලිකේශන් හදමු...

ලියන්න පටන් ගත්තාම හෝ ගාලා ලියනවානේ කියලා හිතෙයි. ඒක ඉතින් අර වැඩ නැති කාලෙට ලිය ලිය ඉදලා වැඩ වැඩි වුනාම ආයෙත් උන්නාද මලාද නෑ කියන දේ තමා වෙන්නේ. කොහොමෙන් කොහොම හරි කර කර හිටපු ප්‍රොෙජක්ට් එක ඉවර කරලා ටිකක් නිදහසේ ඉන්න දවස් ටිකක් මේ. ඉතින් මේ දවස් ටිකේ

Categories:

Wednesday, October 22, 2014

Simple message thread in PHP : පළමු පාඩම

වීඩියෝ ආකාරයෙන් මින් ඉදිරියට සැපයෙන PHP ටියුටෝරියල් මාලාව

Categories:

Tuesday, September 30, 2014

SLT හා අළුත් යූසේජ් මීටරය

SLT එකේ අළුත් යූසේජ් මීටර් එකට මම ලඟදී මාරුවුනා පැකේජ් එක මාරුකරපු නිසා.

කලින් එකෙන් නම් අපි කොහොමද පාවිච්චි කලේ කියලා බලාගන්න පුළුවන්. ඒත් අළුත් මීටරෙන් ඉතිරිවෙලා තියෙන ගාන විතරයි පෙන්නුම් කරන්නේ. අළුත් පෙට්ටි දෙකේ මීටරේ විකාරයක් වගේ. පේන විදියට SLT එකෙන් මිනිස්සුන්ව අන්දන්න කරන උපායක්. අපිට අපි පාවිච්චි කරපු ඩේටා වල විස්තරයක් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.

අළුත් පැකේජ් එකට මාරුවුනාට පස්සේ මට මුලින්ම ආපු ප්‍රශ්නේ 8Mbps ස්පීඩ් දෙනවා කීවාට මට එන්නේ 1.2-1.5Mbps අතර වේගයක්. 8Mbps එකකට ගෙවලා 1.2Mbps ගන්නේ කහනවාටය කියලා කෝල් 4ක් විතර ගත්තා SLT එකට. කොහොම හරි මගේ මැසිමේ නෙමෙයි අවුල ලයින් එකේ කියලා ඒත්තු ගන්නලා වේගේ ටිකක් දුරට හදාගත්තා. දැන් 6Mbps එනවා. ඒත් ඉතින් තව 2Mbps මදි. ලයින් එකේ කන්ඩිශන් නම් ගොඩක්ම හොදයි.



කොහොම හරි අද යූසේජ් එක බලද්දී මේ විදියට තමයි මීටරේ පෙනුනේ.

පෙට්ටි දෙකේ මීටරේ දැක්කාම විකාර වගේ. නිකන් ඉන්න බැරිකමට ########ගෙන් ඇහුවා මොකක්ද බන් මේ හරුපේ කියලා.

ඔතන කහපාටින් පෙන්නලා තියෙන මීටරේ නිකං මීටරයක් කියලා තමයි කියව්වේ. SLT එකේ චැට් එකෙන් ඇහුවා ඇයි මගේ ස්පීඩ් එක අඩු. ලයින් කන්ඩිෂන් එකත් හොදයි නම් කියලා.

http://pastebin.com/D5YYZwmX

ඔය ලින්ක් එකෙන් චැට් එක සේරම කියවන්න පුළුවන්. ඒ පාර කියනවා මගේ ස්පීඩ් එක රෙඩියුස් කරපු නිසාලු මට 6Mbps එන්නේ (බලන්න හසන්ත මහත්තයෝ ආශ්චර්යය)

කොහොම හරි මට තවම තේරුමක් නැහැ මේ පෙට්ටි දෙකේ මීටරේ වැඩ කරන හැටි. දන්න කෙනෙක් කියාදෙත්වා.

ප.ලි.- මේකේ නමක් දාලා තිබුන කෙනෙක් නම අයින් කරන්න කීව නිසා ඔන්න නම අයින් කලා.

ඕක ගැන ඊට පස්සේ මොකෙක් හරි දස අලුගුත්තේරු කතාවක් කව්රු හරි කිව්වොත් මටත් යකා නගිනවා ඊළඟට

ඔන්න ඕකලු හේතුව නම දාන්න එපා කියපු.

Categories:

Sunday, September 21, 2014

කාලෙකින් බ්ලොගේ පැත්තේ ගොඩවුනා

ඔන්න ඉතින් කාලෙකින් ආයතේ බ්ලොගේ පැත්තේ ලොග් වුනා. මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුන නිසායි ආයෙත් ගොඩවැදිලා යන්න ආවේ. හැබැයි නිකන්ම නෙමෙයි...

Categories:

Wednesday, July 30, 2014

පරණ Project files නොමැත

මගේ අවුරුදු 7ක් පරණ පරිගණකයේ Mother board එක ලඟදී අභාවප්‍රාප්ත වුනා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් අළුතින් පොඩි ලැපක් ගත්තා.

Acer Aspire E1-572 තමා මොඩල් එක. ලංකාවේ Acer මාකට් කරන්නේ දැන් Metropolitan නේ. එයාලාගේ නුවර ශාඛාවෙන් තමා මිලයට ගත්තේ.

Categories:

Tuesday, June 24, 2014

ප්‍රශ්ණ හා පිළිතුරු වටය බට්ටා සමඟ.


වැඩක් නැති එකේ බටුවාත් එක්ක වෙබ් ඩිසයින් ගැන ඌට තියෙන ප්‍රශ්ණ අහන්න ඒවාට උත්තර දෙන්න සෙට් වුනා චැට් එකේ. මෙන්න ඌට තිබුන ප්‍රශ්ණ.

Categories: ,

බ්ලොගර් වලට කී Effect එකක්

බොහෝ දෙනෙක් බ්ලොගර් භාවිතා කරනවා වගේම විවිධාකාර ටියුටෝරියල් ලියනවා. ඒ වගේ අය බොහෝ වෙලාවට කෙටි මං යතුරු (Short cut keys) පෙන්නුම් කරන්නේ නිකම්ම Ctrl+f5 වගේ. ඒත් ඊට වඩා පොඩ්ඩක් විතර ලස්සනට කොහොමද කෙටි මං යතුරු පෙන්නුම් කරන්නේ කියලා මම පොඩ්ඩක් හිතුවා.

Categories:

Sunday, June 15, 2014

පරිවර්තන මැරතන් එකක් දුවමුද? 2014


මැරතන්, පරිවර්තන! මොකක්ද?

මුලින්ම ගොඩ දෙනෙක්ගේ ඔලුවට ආපු ප්‍රශ්ණය වෙන්න ඇති.

පරිවර්තන මැරතන් එකක් කියන්නේ මහා සමාජ සත්කාරයක්. මොකද නිදහස් හා විවෘත මෘදුකාංග අපේ භාෂාවට හැරවීමයි එතනදී වෙන්නේ. දැන් බුකිය සිංහලට හරවලා ඉන්නේ ෆුල් කික් එකේනේ නේද? ඉතින් ඒ ගැම්මත් හිතට අරගෙන 2014 පරිවර්තන මැරතන් එක දුවමු. මුලු ලංකාව පුරාම විශ්ව විද්‍යාල, ආයතන, පුද්ගලයන් එකතු වෙලා එක තැන ඉඳගෙන දුවන මැරතන් එකක් තමා මේ.

අනේ මන්දා අපිට නම් වතුර ගහපු සිද්ධි එහෙම මොකුත් මතක නෑලු ඕං...

ලංකාවේ පලවෙනි පරිවර්තන මැරතන් එක තිබුනේ 2010 අප්‍රේල් මාසේ 27 වැනි දිනක. ඉතින් ඔන්න දැන් ආයෙත් මැරතන් එකක් දුවන්නයි සූදානම.

දෙවනි මැරතන් එකේදී මෙන්න මේ කියන දේවල් පරිවර්තනය ලෑස්ති වෙලා ඉන්න...

  • Fedora
  • Mozilla
  • LibreOffice
  • Debian
  • Gnome
  • KDE 
  • Sugar Desktop
  • Sahana Eden
  • XFCE
  • Wordpress
  • Ubuntu 
සිංහල හා දමිල යන භාෂා ද්විත්වයෙන්ම මෙම මැරතන් එක පැවැත්වෙනවා. ඉතින් කීබෝඩ් හෙම සුද්ද කරගෙන ලෑස්ති වුනානම් තමා කාරිය.

මේ මැරතන් එක මෙදා පාර මෘදුකාංග නිදහස් දිනයට හා හන්තාන ලිනක්ස් පස් වන සැමරුමට සමගාමීව පැවැත්වෙනවා.

ඔබ උසද? කොටද? (වැඩිපුරම මේ ප්‍රශ්ණය බලපෑ බ්ලොග් කරුවා බටු ශාන්)

මහතද? කෙට්ටුද?

සුදුද? කලුද?

ටෙක්නිකල් පොරක්ද? නැද්ද?

මේ කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ. අවම තාක්ෂණික දැනුමක් ඇති අයටත් විශාල ව්‍යාපෘති වලට සහාය දක්වන්න ලැබෙන දුලබ අවස්ථාවක් තමා මේක. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න.

වැඩි විස්තර සඳහා ඩනිශ්ක නවීන් සම්බන්ධ කරගන්න.



Categories:

Saturday, June 7, 2014

අපිට ඇත්තේ අරමුණු දෙකකි, ඒ එකක් ඔබ ගැනයි. අනෙක රට ගැනයි.

ජීවිතයක් කියන්නේ හරිම පුදුම සහගත දෙයක්. මොකද මම එහෙම කියන්නේ මගේ ජීවිතේ එහෙම දෙයක් නිසා. ඇත්තටම ඒක එහෙම දෙයක්ද?

පුංචි කාලේ මගේ එක වසරේ ගුරුතුමිය කියව්වා "හිමේෂ්, ඔයා හිතන්නේ හරි අමුතු විදියට" කියලා. ඒ මම එහෙම නිසාද?

Categories:

Wednesday, June 4, 2014

Keon එකට සිංහල ෆොන්ට් එක දාගැනීම

ඩනිෂ්ක අයියාට පිංසිද්ධ වෙන්ට මටත් Keon device එකක් ලැබුනා. හැබැයි මගේ ආපු වර්ශන් එකේ සිංහල නැහැ. ෆ්ලෑෂ් කරගන්නවාට වඩා සිංහල දාගන්න එක හොඳයි කියලා හිතුනා. මුලින්ම Keon device එකේ Settings වලට යන්න. මම මේකට භාවිතා කරන්නේ Firefox web browser එක් එක්ක එන Simulator එක.

Categories:

Wednesday, May 28, 2014

MozillaLK School Event 01: Kingswood College Kandy

We Mozilla believe children are one of the most important in ICT field as the lead the future. So to help them to build their way to success, We have organized a MozillaLK First School event at Kingswood College Kandy on past 26th of May 2014.

Categories:

Monday, May 19, 2014

ලිඳ ලගදී ඇහුනු කථාවක්...


"හා සිරියාවතී... උඹ මෙදා පෝයට සිල් ගත්තෙයි." ඒ කරුණා නැන්දාය.

"අනේ නෑ නැන්දේ, පොඩියෙකාට උණ ගැනිලා" සිරියාවතීගේ මුහුණ දුක්බරය.

"ඕකනේ බන් කියන්නේ... තොපිලට මෙච්චර වැදගත් වෙසක් පෝය දවසෙවත් බණක් භාවනාවක් කරගන්න පිනක් නැති හැටියක්" කරුණා නැන්දා ඒ බහත් සමඟින් කළයට දිය පිරවීම ආරම්භ කලාය. කටේ දාගෙන දත් මදින්න යැයි හපමින් පැමිනි කෝටු කැබැල්ල විසි කල මමද තුවායත් බෙල්ලේ පටලවාගෙන ලිද ලඟින් ඈදි ගත්තෙමි.

Categories:

Sunday, May 18, 2014

2013 රජකල PHP Framework 5ක්

අද පෝස්ටුවෙන් මම කථා කරන්න යන්නේ පසුගිය අවුරුද්දේදී වැඩිම වෙබ් ඩිවලපර් පිරිසකගේ වැඩ කටයුතු පහසු කිරීමට උදව් වුන PHP Framework පහක් ගැනයි.
එහෙමනම් වැඩි දුර කථා නොකර අපි මාතෘකාව ගැන කථා කරමු.

Categories:

Monday, May 5, 2014

Switching to Firefox from Google Chrome

I used to use Firefox as my primary web browser but everything changed when Google nation attacks. But wait what, I'm switching again to Firefox. So why don't you try new Firefox version 29. It's fast, It's fluid and it's Firefox.

Just try it and you will love it when it flows. Just one exe running and stability is over 9000 ;) And we are expecting a large growth of users with this new User Interface (UI) change. It's not the just UI. also the core is upgraded. We doesn't provide high number of upgrades to increase the version no. We provide upgrades if the upgrade is necessary.

So whats the big deal?

Let's break it down.

The new fluid tabbed layout.

Fluid tabbed UI

You will see how fluid it is. You can Use tabs as you wish. And the new menu. It floats at the right hand of your browser. I use Windows XP as my Operating system. So I got a menu layout also,
But if you are on Windows seven or 8 you won't receive this menu.



Next thing is the new menu. It's easy to use even for noob like me.
Also you can customize the firefox menu by clicking on the [+] Customize button. You can simply click and drag any icon to the menu.

I'm using this firefox as my primary browser and it didn't crash yet. And if I were using google chrome it will show aw. snap page for even for once on this session. And remember it's just one exe running as some folks says.

This is my personal experience on using New Firefox. Why don't you comment below.

Also there will be a school event at Kingswood College on 26th of May 2014. (hint)

Categories:

Sunday, May 4, 2014

PHP පාඩම : 4

පෙර පාඩම කියවන්න : http://119sinhala.blogspot.com/2014/04/php-3.html

දැන් අපි මේ විදියට ඉදිරියට යමු. මීලඟට අපි පිලිවෙලට ලියන්න තමයි පටන් ගන්නේ. ඒ අනුව මම මුලින්ම ලොග්ඉන් පේජ් එක හදාගෙන ඉන්නවා. ඒකට මම අළුතින් login.php කියලා පිටුවක් නිර්මාණය කරගෙන index.php කියන පිටුවේ මෙන්න මේ කියන කේත කොටස ලියාගන්නවා.

<?php  require('connect.php');

if (!
$_SESSION['logged_in']) {
    
header('Location: login.php');
?>

මේ කොටසින් වෙන්නේ logged_in කියන Session එක සක්‍රීය නැතිනම් login.php කියන පිටුවට හරවා යැවීමක්. ඒ කියන්නේ අදාල පරිශීලකයා ලොග් වෙලා නැතිනම් ලොග් වෙන පිටුවට හරවා යැවීමක් සිදුකරන්නේ.

දැන් මම MySQL වල අළුතින් ටේබල් එකක් හදාගන්නවා user කියලා. මේකේ තමා අපේ පරිශීලකයන් පිළිබඳ විස්තර සුරැකුම් වෙන්නේ. ඒකේ මම මෙන්න මේ කියන sql query එක රන් කරනවා.

INSERT INTO `user` (
`id` ,
`email` ,
`password` ,
`display_name` ,
`bio` ,
`birth_day` ,
`extra`
)
VALUES (
NULL , 'admin@admin.com', MD5( 'admin' ) , 'Admin Info', 'I''m the admin', '2014-05-04', ''
);

මේකෙදී මම අළුතින් හදාගෙන තියෙනවා user ටේබල් එකේ මෙන්න මේ විදියට.

මේ කේතය මුලින්ම ධාවනය කරලා, ඉන් පසුව තමයි ඉහත ලබා දුන්න කේතය ධාවනය කරන්න ඕනේ

CREATE TABLE `user` (
  `
idint(11NOT NULL auto_increment,
  `
emailtext NOT NULL,
  `
passwordtext NOT NULL,
  `
display_nametext NOT NULL,
  `
biotext NOT NULL,
  `
birth_daydate NOT NULL,
  `
extratext NOT NULL,
  
PRIMARY KEY  (`id`)


මෙතනදී වෙන්නේ ටේබල් එකේ අළුතින් id,email,... ආදී field නිපැදවෙන එකයි. ඉන් පසු මුලින් ලබාදුන්න sql කේත කොටස් ධාවනය මඟින් සිදුවෙන්නේ එයට එක ගිණුමක් එක් වීමයි.

දැන් අපි html භාවිතා කරමින් Login form එක නිපදවීම සිදුකරමු.

<div id="fullscreen_bg" class="fullscreen_bg"/>
<div class="container">
 <form class="form-signin" method="post">
  <h1 class="form-signin-heading text-muted">Sign In</h1>
  <input name="email" type="email" class="form-control" placeholder="Email address" required="" autofocus="">
  <input name="password" type="password" class="form-control" placeholder="Password" required="">
  <button class="btn btn-lg btn-primary btn-block" type="submit">
   Sign In
  </button>
 </form>
</div>


ඉහත දැක්වෙන ආකාරය සකස් කරගත්තු ෆෝම් එක css මාර්ගයෙන් හැඩගන්වාගත හැකියි. ඒ සඳහා පහත css ක්‍රම උපයෝගී කරගන්නවා.

.form-signin {
    max-width: 280px;
    padding: 15px;
    margin: 0 auto;
      margin-top:50px;
  }
  .form-signin .form-signin-heading, .form-signin {
    margin-bottom: 10px;
  }
  .form-signin .form-control {
    position: relative;
    font-size: 16px;
    height: auto;
    padding: 10px;
    -webkit-box-sizing: border-box;
    -moz-box-sizing: border-box;
    box-sizing: border-box;
  }
  .form-signin input[type="email"] {
    margin-bottom: -1px;
    border-bottom-left-radius: 0;
    border-bottom-right-radius: 0;
    border-top-style: solid;
    border-right-style: solid;
    border-bottom-style: none;
    border-left-style: solid;
    border-color: #000;
  }
  .form-signin input[type="password"] {
    margin-bottom: 10px;
    border-top-left-radius: 0;
    border-top-right-radius: 0;
    border-top-style: none;
    border-right-style: solid;
    border-bottom-style: solid;
    border-left-style: solid;
    border-color: rgb(0,0,0);
    border-top:1px solid rgba(0,0,0,0.08);
  }
  .form-signin-heading {
    color: #fff;
    text-align: center;
    text-shadow: 0 2px 2px rgba(0,0,0,0.5);
  }
  .fullscreen_bg {
    position: fixed;
    top: 0;
    right: 0;
    bottom: 0;
    left: 0;
    background-size: cover;
    background-position: 50% 50%;
    background-image: url('../img/color-splash.jpg');
    background-repeat:repeat;
  }

ඉහතින් පෙන්වා ඇති සියල්ල එකතු කරගත් විට දී අපිට එම පිටුව මේ අයුරින් දිස්වේවි.


මීලඟ කොටසින් අපි මේ ලොග්ඉන් ෆෝම් එක සක්‍රීය කරගන්නා අයුරු බලමු.

Categories:

Monday, April 28, 2014

PHP පාඩම : 3


අද ඉඳලා PHP පාඩම ලියන විදිය වෙනස් කරන්න තීරණය කලා. මොකද කලින් ලියපු ක්‍රමයට හොඳ ප්‍රතිචාර හම්බුවෙලා තිබුනේ නැහැ. ඒක නිසා PHP basic වෙනුවට, යම් තරමක් PHP දන්න අය ඉලක්ක කරගෙන PHP පාඩම ලියන්නයි මම හිතුවේ. ඒක කරන්නේ අළුත් ක්‍රමයකට. අපි කරන්නේ Project එකක්. අද ඉඳලා ඒ Project එක පටන් ගන්නවා. ඒකෙදි මම කරන්නේ Simple Message Thread එකක් ලියන හැටි කියලා දෙන්න යන්නේ. එතකොට තමන්ට පුළුවන් ඒක පුරුදු පුහුණු වෙන්න අවශ්‍ය විදියට.

Categories:

Thursday, April 24, 2014

හොඳ Wordpress තීම් එකක් තෝරා ගමු ~ Lets select a Good Wordpress Theme


වර්ඩ්ප්‍රෙස් කියන්නේ අද ලෝකයේ වැඩිපුරම භාවිතා වන කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වර්ඩ්ප්‍රෙස් කියන්නේ Blogging platform එකක් කියලා. ඒක දැන් නම් වැරදියි. මොකද බ්ලොගර් එකේ තියෙනවාට වඩා බොහෝ පහසුකම් වර්ඩ්ප්‍රෙස් වල තියෙනවා.

Categories:

Tuesday, April 22, 2014

Mozilla.lk meetup 2014


Mozilla Sri Lanka, A new beginning to the history. We all know about the phoenix bird. A bird who rise up on his own ash. Why am I referring that ? Mozilla.lk is rising again.


Mozilla.lk had a meetup last sunday (20th of April 2014) at the Excel world colombo. Lucky for me I was able to attend there. We discussed about the future of the Mozilla.lk. Series of events are coming and Stay tuned with the HTML 5 (a hint). Our latest upcoming OS for mobile device, Firefox OS will be launch soon.


Get ready for the events that will follow up with the Firefox 29 release. We are planning to share knowledge with School children, Universities and Other parties.

Stay tuned with http://mozilla.lk for more updates.

Gayan | Lahiru | Kalpa | Pasindu | Ruwan | Danishka | Akalanka | Malinda

It's been a while without any updates from the Mozilla.lk. This is just the beginning of the new era. My self, Gayan, Kalpa Pasindu, Ruwan, Danishka, Akalanka and Malinda had a grate day but we missed some of our members due to their heavy work schedules.

I suggest you to keep both 3rd of May and 4th of May free. There will be a event at XXXX (Sherlock it's your turn) May Watson be with you.

Then We are planning some school events. Let me to give you a hint. It will be Kandy maybe.






That's all for now. See you soon at one of the event. :)

(Malinda - Sorry about overlaying your head)p.s No Sorry about your head. Overlay removed ;)

Categories:

Wednesday, March 19, 2014

x265 භාවිතා කරන අයුරු

මේ පෝස්ට් එකත් ලියවෙන්නේ තරිදු සොයුරාගේ අනුග්‍රහය මත. මේකෙදි පැහැදිලි කරලා දෙන්නේ x265 කියන එන්කෝඩින් ක්‍රමය භාවිතා කරලා කොහොමද වීඩියෝ සකස් කරගන්නේ කියලා.


 

අවශ්‍ය gui මෘදුකාංගය මෙම සබැදියෙන් ලබා ගන්න

https://bitbucket.org/ozok/x265gui/downloads

Categories: ,

Tuesday, March 18, 2014

PHP පාඩම් මාලාව : 2

භයානක ඉල්ලීම් කීපයක් සිදුවුන බැවින් PHP පාඩම් මාලාවේ දෙවනි කොටසත් ඉතාමත් ඉක්මනින් ලිවීමට කටයුතු කලා. දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ

E:/wamp/

කියන එක, තමන් ඉන්ස්ටෝල් කරගත්ත ඩිරෙක්ටරිය සමහර විට C:/wamp එහෙමත් නැතිනම් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් තමන් ගේ wamp directory එකට යන්න අවශ්‍යයි. එතනට ගිහින් අළුත් ෆෝල්ඩර් එකක් හදාගන්න අවශ්‍යයි වෑම්ප් එක ඇතුලේ තිබෙන www කියන ෆෝල්ඩර් එක ඇතුලේ.

මම මේකට හදාගන්නේ php කියලා ඩිරෙක්ටරි එකක්. එතකොට අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්.

E:/wamp/www/php

Categories:

Monday, March 17, 2014

සිංහල සබ්ටයිටල් සමඟ වීඩියෝ DVD නිර්මාණය

මේ පෝස්ටුවේ අන්තර්ගත වෙන්නේ මේ කාලයේ අපේ පරිගණක භාවිතා කරන අයට ඇතිවි තිබෙන දැවෙන ප්‍රශ්ණයක් වන සිංහල යුනිකේත වලින් ලියපු උපසිරැසි එක්ක DVD එකක් සකස් කරගන්නා ආකාරය. වීඩියෝවේ ඉතාමත් පැහැදිලිව දක්වලා තියෙනවා කොහොමද කරගන්නේ කියලා.

මේ වීඩියෝ එකේ සම්පූර්ණ ‍ගෞරවය යන්න ඕනේ තරිදු ධර්මප්‍රිය සොයුරාටයි. ඒ වගේම බ්ලොග් එකේ පල කිරීමට ලබාදුන් අවසරය ගැනත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

මේ කාර්යය කිරීමට යොදාගන්නේ WinAVI මෘදුකාංගය. එය පහත සබැදියෙන් භාගත කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම Xilisoft කියන මෘදුකාංගය භාවිතා කරලත් මේ කටයුත්තම කරගන්න පුළුවන්.




Get the software

http://www.winavi.com/all-in-one-converter/

ප.ලි - PHP : 2 කොටස හෙට දිනයේ බලාපොරොත්තු වන්න

Categories: ,

Sunday, March 16, 2014

PHP පාඩම් මාලාව : 1 (ආරම්භය හා ඉතිහාසය)



කාලාන්තරයක් තිස්සේ බ්ලොගය පැත්තේ එන්නේ නැතිව ඉඳලා දැන් නැවතත් පෝස්ට් කීපයක් පල කරන්න කියලා හිතක් පහල වුනා. ඒ නිසා PHP හා MySQL පිලිබඳව ලියන්න කියලා තමයි මේ සූදානම් වෙන්නේ.

මුලින්ම PHP වල ඉතිහාසය පොඩ්ඩක් මේ ලිපියෙන් කථා කරනවා. ඊට පස්සේ තමන්ගේ පරිගණකය PHP ක්‍රමලේඛනය සඳහා සූදානම් කරන්න හැටි විස්තර කරලා දෙන්නයි යන්නේ. මීලඟ ලිපි වල ඉදලා මූලික PHP කේත කොටස් ගැන ඉගෙන ගමු. සාමාන්‍යයෙන් PHP ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මුල ඉඳලා PHP කියලා දෙන විදියට තමයි මේ ලිපි පෙල ලියන්නේ. නමුත් PHP ගැන මනා අවබෝධයක් ඇති අයෙක්ට වුනත් මේ ලිපි පෙල කියැවීම වැදගත් වෙන්න පුළුවන්. මේ සඳහා මූලාශ්‍ර විදියට විකිපීඩියාව තමයි මම යොදාගත්තේ. මොකද ඉතිහාසය සම්බන්ධයෙන් මගේ කියැවීම ඉතාමත් පහල මට්ටමක තිබෙන නිසා.

Categories:

Monday, January 20, 2014

ප්‍රදර්ශණයකදී පොරක් වෙන්නේ මෙහෙමයි



ප්‍රදර්ශණයකදී යම් නිර්මාණයක් ඉදිරිපත් කර ඇති අයෙකු, එසේත් නොමැතිනම් යම් කිසි විස්තර කිරීමක් ඉදිරිපත් කරන අයෙකු අපහසුතාවයට ලක් කිරීමට (තොට පොර වීමට) අවැසි නම් පහත පියවර අනුගමනය කරන්න...

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑