Monday, January 20, 2014

ප්‍රදර්ශණයකදී පොරක් වෙන්නේ මෙහෙමයි



ප්‍රදර්ශණයකදී යම් නිර්මාණයක් ඉදිරිපත් කර ඇති අයෙකු, එසේත් නොමැතිනම් යම් කිසි විස්තර කිරීමක් ඉදිරිපත් කරන අයෙකු අපහසුතාවයට ලක් කිරීමට (තොට පොර වීමට) අවැසි නම් පහත පියවර අනුගමනය කරන්න...

◘ මුලින්ම ඒ පුද්ගලයා කියන විස්තරය සාවධානව අසාගන්න.

◘ ඔහුට අසීරු වන්නේ ඔබට අසීරු කොටසක් නොවන බව තරයේම සිහි තබා ගන්න.

◘ නිර්මාණයේ පෙනෙන දුර්වලතා ඇසීමෙන් අපහසුතාවයට ලක්වන්නේ ඔබ බව මතකයේ තබා ගන්න.

◘ එම නිර්මාණය ඔහුගේම නිර්මාණයක් නම් ක්‍රියාන්විතය අසීරුය.


◘ විස්තර කිරීමේදි ඔහු මඟහැර යන කොටස් සිහි තබා ගන්න.


◘ ඉන්පසු ඒ කොටස් එකින් එක නැවත විමසන්න, සමහරු මගහැර යන්නේ එම කොටස් ඔවුන්ට අපහසු නිසා නොවන බව සිහි තබා ගන්න.


◘ ප්‍රශ්ණ ඇසීමේ වාරය එනතෙක් සිටීම එතරම් නුවනට හුරු නොවේ.


◘ ඔබ නොදන්නා කරුණක් වූවද තේරුම් ගිය ලෙස සිටින්න, මන්දයත් ඔහුව අපහසුතාවයට ලක් කිරීමට ඔබ සැරසෙන බව හැඟුනෝතින් එම කරුන හරහා ඔබට පහර දිය හැකිය.


◘ ඒ ප්‍රශ්ණ කිරීම සිදුවන්නේ ඔබගේ දැනගැනීමට පමණක් බව ඔහුට ඒත්තු ගන්වන්න.


◘ ඔහු දහඩිය දමන අවස්ථාවක පත් වූයේ නම් මාරු වන්න


◘ තමන් පොර වීමේ කුජීත සතුට භුක්ති විදින්න...

Dreams 360+ එකේදී පොරවල් වීමට පැමිණි අයව නෝන්ඩි කිරීමේ සතුට භුක්ති විඳිමින්...


{pic - http://marriageenvy.com}

Categories:

12 comments:

  1. එකත් එහෙමද එතකොට???

    ReplyDelete
  2. හප්........................... මේ කොල්ලත හොඳතම පිත්තු..... ^_^ :*

    ReplyDelete
  3. වටිනා උපදෙස් මාලාවක්! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මේක කියවපු ප්‍රදර්ශකයෙක් ඉන්න තැන භාවිතා කරන්න යන්න එපා :v

      Delete
    2. නෑ නෑ බය වෙන්නෙපා! අපේ ප්‍රදර්ශණේ අපි තමා කලේ! :D
      මං පස්සෙ කියන්නංකො වෙච්ච සීන්! :D

      Delete
  4. ප්‍රදර්ශන වලදි මම ප්‍රශ්න අහ්න යන්නෙම නැහැ. දකින දේ බලල එනව. නැත්තං බේරුමක් නැහැ උන්ගෙන්.

    ReplyDelete
    Replies
    1. අපි දෙයි ඒම බේරිලා යන්න :v සෑමත් ආවානම් පැයක් වත් තියාගන්නවා

      Delete
  5. මචං,හොඳට කට හැකර එකෙක් හිටියොත් ඔය විදිහට ප්‍රශ්න අහන්න යන එකාට තමයි පෝරියල් එක.ඔය වැඩේ කරන්න ආපු ගොඩක් උන්ට අන්තිමට කට උත්තර නැතිව යන්න වෙනවා ප්‍රදර්ශකයා විස්තරාත්මක,දීර්ඝ පිළිතුරු දෙන්න ගත්තම.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒම එවුන් ගොඩක් ආවා... පොර වෙන්න හිතාගෙන ඇවිදින් නෝන්ඩ් වෙලා ගියා. Project එක කරේ අපිනේ... උන්ට වඩා හොඳට අපි දන්නවානේ ප්‍රොජෙක්ට් එක ගැන :v

      Delete
  6. Ok...Hoda vade..
    And also feel free 2 visit ma blog
    tipsbyharsha.blogspot.com

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑