Wednesday, March 19, 2014

x265 භාවිතා කරන අයුරු

මේ පෝස්ට් එකත් ලියවෙන්නේ තරිදු සොයුරාගේ අනුග්‍රහය මත. මේකෙදි පැහැදිලි කරලා දෙන්නේ x265 කියන එන්කෝඩින් ක්‍රමය භාවිතා කරලා කොහොමද වීඩියෝ සකස් කරගන්නේ කියලා.


 

අවශ්‍ය gui මෘදුකාංගය මෙම සබැදියෙන් ලබා ගන්න

https://bitbucket.org/ozok/x265gui/downloads

Categories: ,

Tuesday, March 18, 2014

PHP පාඩම් මාලාව : 2

භයානක ඉල්ලීම් කීපයක් සිදුවුන බැවින් PHP පාඩම් මාලාවේ දෙවනි කොටසත් ඉතාමත් ඉක්මනින් ලිවීමට කටයුතු කලා. දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ

E:/wamp/

කියන එක, තමන් ඉන්ස්ටෝල් කරගත්ත ඩිරෙක්ටරිය සමහර විට C:/wamp එහෙමත් නැතිනම් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් තමන් ගේ wamp directory එකට යන්න අවශ්‍යයි. එතනට ගිහින් අළුත් ෆෝල්ඩර් එකක් හදාගන්න අවශ්‍යයි වෑම්ප් එක ඇතුලේ තිබෙන www කියන ෆෝල්ඩර් එක ඇතුලේ.

මම මේකට හදාගන්නේ php කියලා ඩිරෙක්ටරි එකක්. එතකොට අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්.

E:/wamp/www/php

Categories:

Monday, March 17, 2014

සිංහල සබ්ටයිටල් සමඟ වීඩියෝ DVD නිර්මාණය

මේ පෝස්ටුවේ අන්තර්ගත වෙන්නේ මේ කාලයේ අපේ පරිගණක භාවිතා කරන අයට ඇතිවි තිබෙන දැවෙන ප්‍රශ්ණයක් වන සිංහල යුනිකේත වලින් ලියපු උපසිරැසි එක්ක DVD එකක් සකස් කරගන්නා ආකාරය. වීඩියෝවේ ඉතාමත් පැහැදිලිව දක්වලා තියෙනවා කොහොමද කරගන්නේ කියලා.

මේ වීඩියෝ එකේ සම්පූර්ණ ‍ගෞරවය යන්න ඕනේ තරිදු ධර්මප්‍රිය සොයුරාටයි. ඒ වගේම බ්ලොග් එකේ පල කිරීමට ලබාදුන් අවසරය ගැනත් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

මේ කාර්යය කිරීමට යොදාගන්නේ WinAVI මෘදුකාංගය. එය පහත සබැදියෙන් භාගත කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ වගේම Xilisoft කියන මෘදුකාංගය භාවිතා කරලත් මේ කටයුත්තම කරගන්න පුළුවන්.




Get the software

http://www.winavi.com/all-in-one-converter/

ප.ලි - PHP : 2 කොටස හෙට දිනයේ බලාපොරොත්තු වන්න

Categories: ,

Sunday, March 16, 2014

PHP පාඩම් මාලාව : 1 (ආරම්භය හා ඉතිහාසය)



කාලාන්තරයක් තිස්සේ බ්ලොගය පැත්තේ එන්නේ නැතිව ඉඳලා දැන් නැවතත් පෝස්ට් කීපයක් පල කරන්න කියලා හිතක් පහල වුනා. ඒ නිසා PHP හා MySQL පිලිබඳව ලියන්න කියලා තමයි මේ සූදානම් වෙන්නේ.

මුලින්ම PHP වල ඉතිහාසය පොඩ්ඩක් මේ ලිපියෙන් කථා කරනවා. ඊට පස්සේ තමන්ගේ පරිගණකය PHP ක්‍රමලේඛනය සඳහා සූදානම් කරන්න හැටි විස්තර කරලා දෙන්නයි යන්නේ. මීලඟ ලිපි වල ඉදලා මූලික PHP කේත කොටස් ගැන ඉගෙන ගමු. සාමාන්‍යයෙන් PHP ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක්ට මුල ඉඳලා PHP කියලා දෙන විදියට තමයි මේ ලිපි පෙල ලියන්නේ. නමුත් PHP ගැන මනා අවබෝධයක් ඇති අයෙක්ට වුනත් මේ ලිපි පෙල කියැවීම වැදගත් වෙන්න පුළුවන්. මේ සඳහා මූලාශ්‍ර විදියට විකිපීඩියාව තමයි මම යොදාගත්තේ. මොකද ඉතිහාසය සම්බන්ධයෙන් මගේ කියැවීම ඉතාමත් පහල මට්ටමක තිබෙන නිසා.

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑