Tuesday, March 18, 2014

PHP පාඩම් මාලාව : 2

භයානක ඉල්ලීම් කීපයක් සිදුවුන බැවින් PHP පාඩම් මාලාවේ දෙවනි කොටසත් ඉතාමත් ඉක්මනින් ලිවීමට කටයුතු කලා. දැන් අපි Wamp Server මෘදුකාංගය පරිගණකයට ඇතුල් කරගෙන ඉන්නේ. මගේ මෙම මෘදුකාංගය තිබෙන ඩිරෙක්ටරිය වන්නේ

E:/wamp/

කියන එක, තමන් ඉන්ස්ටෝල් කරගත්ත ඩිරෙක්ටරිය සමහර විට C:/wamp එහෙමත් නැතිනම් වෙන එකක් වෙන්නත් පුළුවන්. දැන් තමන් ගේ wamp directory එකට යන්න අවශ්‍යයි. එතනට ගිහින් අළුත් ෆෝල්ඩර් එකක් හදාගන්න අවශ්‍යයි වෑම්ප් එක ඇතුලේ තිබෙන www කියන ෆෝල්ඩර් එක ඇතුලේ.

මම මේකට හදාගන්නේ php කියලා ඩිරෙක්ටරි එකක්. එතකොට අපිට ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක මේ ආකාරයට බලාගන්න පුළුවන්.

E:/wamp/www/php

දැන් මම මේ සඳහා යොදාගන්න code editor එක වෙන්නේ Sublime text 2 (මෙහි නවතම සංස්කරණය 3 නිකුත් වී ඇත) නමුත් Notepad ++ කියන මෘදුකාංගය හෝ Notepad මෘදුකාංගයත් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී වැදගත් වෙන්නේ තමන්ට ලේසියෙන් හුරුවෙලා තියෙන එකෙන් අදාල දේ කරගන්න එක. අළුත් මෘදුකාංගයන් කරා යන්නේ නැතිව.

මුලින්ම අදාල E:/wamp/www/php කියන ඩිරෙක්ටරිය අස්සේ මම php_2.php කියලා ෆයිල් එකක් නිර්මාණය කරගන්නවා. එහෙමත් නැතිනම් හිස් ෆයිල් එකක් ඒ නමින් සුරැකුම් කරගන්න.


දැන් මම wamp server මෘදුකාංගය ධාවනය කරගන්නවා. ඊට පස්සේ බ්‍රව්සර් එකේ http://localhost/php/php_2.php කියන සබැඳිය විවෘත කරගන්නවා.

දැන් අපි කේතනය ආරම්භ කරමු. මම මුලින් ලිපියේ සඳහන් කල ආකාරයට මේ PHP කියන භාෂාව HTML සමඟ එකතුවී වැඩ කරන්න හදපු භාෂාවක්, ඒ කියන්නේ Dynamic HTML page නිර්මාණය කරගන්න හදපු භාෂාවක්. ඒක නිසා අපි මුලින්ම මෙතන HTML කෝඩ් කීපයක් ලියමු.




<html>
<head>
<title>PHP tutorial 2</title>
</head>
<body>
<h2>This is a static text</h2>
</body>
</html>




දැන් අර පිටුව මම සුරැකුම් කරලා බ්‍රව්සර් එකෙන් නරඹනවා. එතකොට අපිට මෙහෙම දිස්වෙනවා



දැන් මුලින්ම මම සම්මත විදියට කෙටි ක්‍රම භාවිතා නොකර PHP කෝඩ් කරන්න පටන් ගන්නවා.

මෙහිදී අපිට යොදාගන්න ටැග් එක වෙන්නේ <?php තමන්ගේ කෝඩ් ?> කියන ආකාරය.

දැන් මම මගේ පෙර කේත කොටසටම අළුතින් තවත් කොටසක් එක් කරගන්නවා. එතනින් මම කරන්නේ දැන් වෙලාව හා දිනය පෙන්නුම් කරගන්න එක.

ඒ සඳහා මම


<?php echo date("Y-m-d");?>



කියන කොටස අළුතින් එක් කරගන්නවා. ඒ කොටසත් එක් කරගත්තාට පස්සේ අපේ කේතය මේ ආකාරයට තමයි දිස්වෙන්නේ




<html>
<head>
<title>PHP tutorial 2</title>
</head>
<body>
<h2>This is a static text</h2>
<?php echo date("Y-m-d");?>
</body>
</html>



දැන් පෙර පිටුව බ්‍රව්සරයෙන් නැරඹු විට (Re-fresh) අපිට පහත අයුරින් දිස් වෙනවා



මෙහිදී මම කලේ සර්වර් එකේ දිනය දර්ශණය කිරීමක්. ඒ සඳහා මුලින්ම PHP භාෂාවෙන් අපි ලියන බව පෙන්වීමට <?php කියන කෝඩ් එක ඇතුලත් කරගෙන තියෙනවා. ඉන් පසු අපිට බාහිරට යමක් පෙන්වීමට echo "පෙන්වීමට අවශ්‍ය දෑ" ; කේතය යොදාගන්න පුළුවන්.


echo "String to display";

ඊලඟට මම කරලා තියෙන්නේ PHP භාෂාවේ තියෙන date(); කියන ෆන්ක්ෂන් එක භාවිතා කරලා තියෙනවා. මේකේ අපිට ලබාදෙන්න පුළුවන් සැකසුම් විදියට "y-m-d" කියලා ලබාදීලා තියෙන්නේ Year - Month - Date කියන කොටස් අපිට අවශ්‍යයි කියලා පෙන්නුම් කරන්න. එවිට සර්වර් එකේ ඔරලෝසුවේ තිබෙන Year-Month හා Date කියන ඒවා පෙන්නුම් කරනවා.

මේ තියෙන්නේ අපිට සරලව ලියාගන්න පුළුවන් කේත කොටසක්. ඒ වගේම අපිට අවශ්‍ය නම් තවත් දෙයක් දර්ශණය කරගන්න අපිට


echo "Hello honey" ;


කියලා එකතු කරගන්න පුළුවන්. එවිට ඒක දිස්වෙන්නේ මේ අයුරින්.

පේනවා ඇති දිනය දිස් වන තැනම තමයි ඒ කොටසත් එකතු වෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ HTML කේත කොටසක් විදියට මෙ එකතු වීම. අපිට අළුත් පේලියකින් මේක ආරම්භ කරන්න මේ විදියට පොඩි වෙනස් කමක් කරගන්න පුළුවන්.


echo "<br /> hello honey";


 මේ විදියට එකතු කරගත්තාම අළුත් පේලියක hello honey කියලා දර්ශණය වෙනවා. මේත් එක්කම PHP : 2 කොටස අවසන් වෙනවා. මීලඟට අපි තවත් PHP කේතයන් ගැන වැඩිදුර සාකච්ඡා කරමු.

Categories:

5 comments:

  1. මත තේලෙන්නෙ නැතිවුනත් මේක ගැන දැනුවත් අයට ගොඩාක් ලොකු ප්‍රෙයා්ජනයක්... ^_^

    ReplyDelete
  2. fatttaaa,,, meka IE 11 weda neda ?

    ReplyDelete
    Replies
    1. ඔව්. PHP කෝඩ් execute වුනාට පස්සේ ඕනම තැනක වැඩ. Platform independent

      Delete
    2. godak sthuthi machan denuma beda gannawata

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑