Monday, April 28, 2014

PHP පාඩම : 3


අද ඉඳලා PHP පාඩම ලියන විදිය වෙනස් කරන්න තීරණය කලා. මොකද කලින් ලියපු ක්‍රමයට හොඳ ප්‍රතිචාර හම්බුවෙලා තිබුනේ නැහැ. ඒක නිසා PHP basic වෙනුවට, යම් තරමක් PHP දන්න අය ඉලක්ක කරගෙන PHP පාඩම ලියන්නයි මම හිතුවේ. ඒක කරන්නේ අළුත් ක්‍රමයකට. අපි කරන්නේ Project එකක්. අද ඉඳලා ඒ Project එක පටන් ගන්නවා. ඒකෙදි මම කරන්නේ Simple Message Thread එකක් ලියන හැටි කියලා දෙන්න යන්නේ. එතකොට තමන්ට පුළුවන් ඒක පුරුදු පුහුණු වෙන්න අවශ්‍ය විදියට.
එහෙම නම් අපි දැන් අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන සූදානම් වෙමු. මම මේකට පාවිච්චි කරන්නේ,

    1. Bootstrap
    2. j Query 
කියන දේවල් දෙක අවශ්‍ය වෙනවා.

අපේ ස්ක්‍රිප්ට් එකෙන් පහත දේවල් කරගන්න පුළුවන්,

  1. User registration
  2. User activation
  3. Gravatar avatar Picking
  4. Find Members
  5. Message them
  6. Get replied
  7. Users cannot delete Sent messages
  8. etc...
අපගේ File structure එක සෑදෙන්නේ මේ විදියටයි
 File Structure
මගේ මේක මම Save කරන්නේ Localhost එකේ www කියන ෆෝල්ඩර් එක ඇතුලේ තවත් Sub folder එකක. මොකද මගේ දැනටමත් තියෙන Projects Overwrite කරන්න උවමනාවක් නැති නිසා. අපි මේ Project එක ඉවර වෙද්දී PHP වල මූලික කේතයන් රාශියක් ‍ඉගෙන ගෙන තියෙයි. එහෙම නම් අපි දැන් ලියන්න පටන් ගමු.



නිකමට ලෝගෝ එකකුත් හැදුවා මේකට. ලෝගෝ එකක්ම කියන්නත් බැහැ. ටෙක්ස්ට් එකකුයි පොඩි ඉමේජ් කෑල්ලකුයි එකතු කලේ. එකට.

මේකේ අතිරේකව fonts කියලා ගොනුවක් එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ Bootstrap වලින්.

දැන් අපි ලියන්න පටන් ගමු. මුලින්ම මම හදාගන්නවා index.php එක. මේක තමයි මගේ Base php ෆයිල් එක වෙන්නේ.

ඒකේ මම එකතු කරගන්නවා මේ කේතය. මේකෙන් අපි පෙන්නුම් කරන්නේ PHP කියන භාෂාව භාවිතා කරන්නයි සූදානම් වෙන්නේ කියලා.

<?php 



?>

දැන් අපි ඉදිරියට ලියාගෙන යමු. මම ‍ෆයිල් එකක් හදනවා Connect.php කියලා. මේ ෆයිල් එකේ අන්තර්ගතය ගැන මම ඉදිරියට කියන්නම් ලියන ගමන්.

මුලින්ම තමන්ගේ phpMyadmin වින්ඩෝවෙන් මෙම SQL query එක ධාවනය කරන්න

CREATE DATABASE `mchat` ;

connect.php >

<?php 
session_start();
$db_host "localhost"; $db_username "root"; $db_password ""; $db_table "mchat";
$con mysqli_connect($db_host,$db_username,$db_password,$db_table) or die(); 


?>


ඉහත කෝඩ් එක ඉන් පසුව index.php එකට ඇතුලත් කරන්න මම include කියන විධානය වෙනුවට require කියන විධානය භාවිතා කරනවා. එහෙම කරන්නේ include කියන විධානයේදී php ෆයිල් එක නැතිනම් ඒක නොසලකා හැරලා ඉදිරියට ගියාට require කියන විධානයේදී එම ගොනුව නැතිනම් Fatal error එකක් විදියටයි ඒක සලකන්නේ. මෙම connect.php කියන ගොනුව අපිට අත්‍යාවශ්‍යම එකක්.

<?php  require('connect.php'); ?>

 ඉතිරිය දෙවනි කොටසින් බලාපොරොත්තු වන්න...

Categories:

11 comments:

  1. ella.....
    ikmanin meke anik tikat danna, meket itin basic thama...

    ReplyDelete
  2. ikmanata serama tika danna. mokada eka artical ekak iawara wela anith eka enna sathiyak withara yanakota boring wenawa. eka nisa mulu project ekama liyana heti eka artial ekakin ma danna puluwan nam hondai

    ReplyDelete
  3. session_start(); // why use sessions. No need to here now.

    ReplyDelete
    Replies
    1. No need for now, But we need it for the continue of the lesson

      Delete
  4. ela ela. digatama liyan palayan.

    ReplyDelete
  5. මුල ඉඳල තියන නිසා මාත් ආව බලන්න. ප්‍රතිචාර මදිවීම නිසා පාඩම වෙනස් කිරීම නං අනුමත කරන්න බෑ. කමෙන්ට් ගැන හිත හිත හිටියොත් මේක ලියන්න වෙන්නෙ නෑ. ඒ වගේම තමන් මුලින් ප්ලෑන් කරපු විදියට ලියන එකයි හොඳම දේ. මොකද මේ ලිපි කවුරුහරි බලන්නෙ තව අවුරුදු ගානකින් වෙන්නත් පුළුවන්. ඒ නිසා පොතක් ලියනව කියල හිතාගෙන ලියන්න කියලයි මගේ ඉල්ලීම.

    පීඑච්පී ටිකක් ඉගනගන්න සිංහල අඩවි කිහිපයකටම ගියත් වැඩේ හරිගියේ නෑ. ඒ වගේම සර්වර් එක ඉන්ස්ටෝල් කරද්දි එරර් එකක් ඇවිල්ල වැඩේ අවුල් වෙනව. එහෙම වෙන්නෙ මොකද කියල කියන්න පුළුවන්ද ඒ වගේ කේස් ගැන දන්නව නං? නැත්තං ආයෙත් මැසිම ෆෝමැට් කරන්න වෙයිද?

    ReplyDelete
    Replies
    1. මොකක්ද භාවිතා කරන්න ගිය වැඩසටහන. Wamp server ද? Xaamp සර්වර් ද? Xaamp එක භාවිතා කරලා බලන්න වැඩ නැතිනම්. එතකොට වැඩ කරන්න තියෙන ඉඩ වැඩියි.

      Delete
    2. Wamp තමයි ට්‍රයි කලේ. Wamp සහ Xaamp වලින් වැඩ කරද්දි සෑහෙන්න වෙනස් නේද? මම ජාලෙ සයිට් ගනනාවක්ම බැලුව හැම තැනකම තිබුනෙ Wamp වලින්.

      Delete
    3. දෙකේම හරය එකයි. WAMP එක දාන්න යද්දී එන දෝශය මොකක්ද කියලා කීවෝතින් හරිගස්සාගන්න ක්‍රමයක් හිතන්න පුළුවන්

      Delete
  6. වින්ඩෝස් නැතත්, උබුන්ටුවල ඉඳගෙන වැම්ප්වල වැඩ කරන්න බැරි වුණත් නිකං ටෙක්ස්ට් එඩිටර් එක ඕපන් කරගෙන කෝඩ්ස් ටිකවත් හුරු වෙන්න කියලයි පටං ගත්තෙ.. වැඩේ වෙන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බැරියැයි අඩු ගානෙ කියල.. කොයිද උඹ තුන් වෙනි එකෙන් වැඩේ අවුල් කරලනෙ.. දෙවෙනි පෝස්ට් එකේ තිබ්බ ටික ටිකක් තේරුං අරගෙන මෙතනට ආව ගමන් හිරවුණා.. වින්ඩෝව්ස් දාගත්තට පස්සෙවත් ට්‍රයි කරලා බලන්නං :/

    ReplyDelete
    Replies
    1. ඒමද :( මම කෝමත් අනිත් එකේ ඉදලා ආයෙත් පරණ විදියට ලියන්න ඉන්නේ

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑