Thursday, April 24, 2014

හොඳ Wordpress තීම් එකක් තෝරා ගමු ~ Lets select a Good Wordpress Theme


වර්ඩ්ප්‍රෙස් කියන්නේ අද ලෝකයේ වැඩිපුරම භාවිතා වන කන්ටෙන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ වර්ඩ්ප්‍රෙස් කියන්නේ Blogging platform එකක් කියලා. ඒක දැන් නම් වැරදියි. මොකද බ්ලොගර් එකේ තියෙනවාට වඩා බොහෝ පහසුකම් වර්ඩ්ප්‍රෙස් වල තියෙනවා.

අද මේකෙන් කියන්න යන්නේ තමන්ට ගැලපෙන තීම් එකක් තෝරාගන්න ක්‍රමය මොකක්ද කියලා. (සැ.යු- කිසිදු සබැදියක් ලබා නොදීමට තීරණය කලෙමි)

මුලින්ම තමන්ගේ බ්ලොග් එක (ඉදිරියට හැදින්වීමේ පහසුව සඳහා බ්ලොග් එක යන වදන භාවිතා කරමි. එනමින් තමන්ගේ වෙබ් අඩවියද හැදින්වෙන බව සලකන්න) ලියැවෙන මාතෘකාව මොකක්ද කියලා බලන්න ඕනේ. උදාහරණයක් විදියට මගේ බ්ලොග් එක ලියැවෙන්නේ තාක්ෂණය ගැන නම් අපි තීම් එක හොයන්න පටන් ගන්න ඕනේ තාක්ෂණය පැත්තට ගැලපෙන විදියට. මම බොහෝ බ්ලොග් දැකලා තියෙනවා ලියැවෙන්නේ තාක්ෂණය ගැන, නමුත් තීම් එක එකෝ තීම් එකක්. එහෙමත් නැතිනම් බේබි තීම් එකක්. ඒක නිසා මුලින්ම තමන්ගේ බ්ලොග් එක ලියැවෙන මාතෘකාව සිහියට ගන්න.

දැන් අපි වැඩේට බහිමු... මුලින්ම මේ කරුණු කාරනා සිහියට අරගෙන තමයි කරන්න ඕනේ අපේ සෙවීම.

ගූගල් සෙවුම ඉලක්කගතව යොදන්න


Free themes wordpress, theme wordpress මේ වගේ ගුණාත්මක බවින් අඩු Keywords යොදාගෙන සෙවුම කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිපලය ඇත්තෙන්ම පහලයි. ඒ වෙනුවට Technology wordpress responsive theme වැනි සෙවුමක් භාවිතා කිරීමෙන් Responsive බවින්ද යුත් ටෙම්ප්ලේට් එකක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම සෙවුම් ප්‍රතිඵල රාශියක් ලැබෙන්නේ මිලදී ගත යුතු ඒවා. ඒ අතුරින් නොමිලේ ලබාදෙන එකක් තෝරාගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි.

ගැලපෙන සංස්කරණය තිබේදැයි බලන්න


ඔබගේ Wordpress ට ගැලැපෙන සංස්කරණයක් එම තීම් එකේ නොමැති නම් ඒ තීම් එක භාවිතා කිරීම ඔබගේ අඩවියේ ස්ථාවර භාවයට ගැටලුවක් විය හැකියි. එම නිසා ඔබගේ සංස්කරණයට ගැලපෙන තීම් එකක් භාවිතා කරන්න. එමෙන්ම ඔබගේ සංස්කරණයට වඩා නව සංස්කරණයකට ලැබෙන තිම් එකක් භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන් ඔබගේ Wordpress යාවත්කාලීන කිරීම සිදුකරන්න.

මන්ද යත් එවැනි තීම් එකක ඔබගේ සංස්කරණයෙන් සහාය නොදක්වන විවිද ක්‍රමෝපායක් ක්‍රියාත්මක කිරීමට උත්සහ දැරීම අඩවියේ ආරක්ශාවට තර්ජනයක් විය හැකියි. එවැනි සිදුරු මගින් හැකර් කරුවන්ට රිංගා යාමට හැකි බව සැලකෙනවා.

ඔබට වැඩි දියුණු කල හැකිද?


අදාල තීම් එක යම්කිසි Framework එකක් මඟින් නිර්මාණය කරන ලද එකක්නම් එයට ලැබෙන සහාය මෙන්ම තීම් එකේ ස්ථාවර භාවයද වැඩියි. මොකද කියනවානම් ඒ වගේ ‍framework එකක් කාලාන්තරයක් තිස්සේ පදම් වෙලා තියෙන්නේ අදාල ආරක්ෂක දෝශ වලට. නවතම තීම් එකක් වගේ නෙමෙයි කාලයක් භාවිතා වුන එකක්. ඒක නිසා හොඳ framework එකකින් නිපැදවුන තීම් එකක් යොදාගැනීම අපිටත් පහසුයි. මොකද සාමාන්‍යයෙන් අපිට එහි වැඩිදියුණු කටයුතු කිරීම ඉතා පහසුවෙන් සිදුකල හැකි නිසා.
මම හොඳයි කියලා කියන්න පුළුවන් frame work විදියට දැක්කේ ජෙනසීස් හා ගැන්ට්‍රි කියන ඒවා. ඒ වගේම Zurb වෙතින්ද හොඳ framework නිකුත් කරනවා. Skelton වගේ එකක් භාවිතා කරලා මුල ඉඳලා හදන්න වුනත් පුළුවන්.

හොඳ සැපයුම් කරුවෙක් තෝරාගන්න


තීම් එක ලබාදෙන සැපයුම් කරුවා නව පුද්ගලයෙක් නම් විශ්වාසය තැබීම ගැන දෙවරක් හිතන්න වෙනවා. මොකද මැල්වෙයාර් ස්ක්‍රිප්ට් එකක් ඒ සමඟ අමුණා එවීම මඟින් ඔබගේ වෙබ් අඩවියේ ආරක්ෂාව ඉතාමත් පහත් තත්වයකට වැටෙන නිසා. එම නිසා කාලාන්තරයක් තිස්සේ තීම් නිපදවා නමක් දිනාගෙන ඇති අයගෙන් නොමිලේ ලබාදෙන තීම් එකක් ලබාගන්න. මුදලට තීම් ලබාගන්නවානම් මේ ප්‍රශ්ණය ඇත්තටම මතු වෙන්නේ නැහැ.

ඒ වගේම තීම් එක භාවිතා කරන අයගේ (දැනටමත්) ලැබිලා තියෙන ප්‍රතිපෝශණයන් (feed back) කොහොමද කියලා පොඩ්ඩක් සලකලා බලන්න. තරු වර්ගීකරණයක් ක්‍රියාත්මක වෙන තැනක්නම් වැඩි තරු ගණනකට යන්න.

ඉලක්ක වන අයට පහසු ද?


ඔබගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ඔබගේ පාරිභෝගිකයා, එහෙමත් නැතිනම් පාඨකයා. ඒ අයට එම තීම් එක භාවිතා කිරීම පහසුයිද කියලා බලන්න. මොකද සමහර තීම් ගොඩක් ලස්සන වුනාට ඒ තීම් අපිට භාවිතා කරන්න හරි අමාරුයි. සමහර තීම් ඇසට හරි අපහසුයි. සමහර තීම් ලස්සනයි, නමුත් පිලිවෙලක් නැහැ. මේ වගේ විවිධාකාර තීම් දෝශ අතුරින් ගැලපෙන තීම් එකක් තෝරාගැනීම ඇත්තෙන්ම අමාරු නමුත් හරියට කලෝතින් ගොඩක් හොඳ ප්‍රතිපල අත්වෙන කටයුත්තක්.

ඔබට නිපැදවිය හැකි ද?


මම බොහෝවිට යන්නේ මේ උපකාරක අවස්ථාවට. ගැලපෙන තීම් එකක් නැතිනම් අළුතින් එකක් නිපදවාගැනීම සිදුකරනවා. alhelp අඩවියට, ඒ වගේම health forum එකට වගේ ඒවාට ගැලපෙන තීම් නොතිබුන නිසා අළුතින් තීම් නිපදවා ගැනීම සිදු කලා. ඒ හැකියාව තමන්ට තියෙනවානම්, කරන්න පුළුවන් හොඳම දේ තමා තමන්ට ගැලපෙන තීම් එකක් තමන් නිපදවා ගැනීම. එහෙමත් නැතිනම් කවුරුන් හෝ ලවා කරවා ගැනීම. මොකද තමන් නිපදවාගත්තු තීම් එකක් වානිජමය අඩවියක තියෙනවා කියන්නේ ඒ අඩවියේ පරිශීලකයන්ට සතුටු දනවන්නක්.

එහෙමනම් තවත් දිගු කරන්නේ නැතිව මේ පෝස්ට් එක අවසන් කරනවා. සාමාන්‍යයෙන් මම පෝස්ට් දාන්නේ රෑට නිසා (නිශාචර වත් පිලිවෙත්) email වලින් follow කලෝතින් පෝසට් එක කියවාගන්න ලේසියි. PHP 3 පෝස්ට් එක ලැබුන අඩු ප්‍රතිචාර නිසා ලිවීම ප්‍රමාද කලා. තව ටික දවසකින් ඒක ආයෙත් ලියනවා. 

ඒ වගේම අපි නැවතත් පණගහලා ගන්න හදන Mozilla.lk එකත් එක්ක වගේම අපේ Hosting provider වෙන eezpal.com ගැනත් සටහන් කරන්න ඕනේ.

මීලඟ පෝස්ටුව වෙනකල් ඔබට සුභම සුභ දවසක්. ම්... ඒ වගේම පහුවුනා අළුත් අවුරුද්ද ලැබීම දැන් දින කීපයකට කලින්. ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් ‍වේවා කියලා ප්‍රමාද වෙලා හරි ප්‍රාර්ථනා කරනවා.


Enter your email address:


Delivered by FeedBurner

Categories:

2 comments:

  1. වර්ඩ්ප්‍රෙස් වල තීම් පට්ට.. නැද්ද ඒවා බ්ලොගර් එකට දාන්න හොර ක්‍රමයක් එහෙම..

    ReplyDelete
    Replies
    1. WP වලයි Blogger වලයි ස්ට්‍රක්චර් එක වෙනස් නේ. ඒක නිසා දාන්න ක්‍රමයක් නැහැ හදන්නේ නැතිනම්

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑