Sunday, May 18, 2014

2013 රජකල PHP Framework 5ක්

අද පෝස්ටුවෙන් මම කථා කරන්න යන්නේ පසුගිය අවුරුද්දේදී වැඩිම වෙබ් ඩිවලපර් පිරිසකගේ වැඩ කටයුතු පහසු කිරීමට උදව් වුන PHP Framework පහක් ගැනයි.
එහෙමනම් වැඩි දුර කථා නොකර අපි මාතෘකාව ගැන කථා කරමු.



5) YII http://www.yiiframework.com/
Web 2.0 ඇප්ලිකේෂන් ප්‍රදාන කරගත්තු Yii Framework එක Yii Software LLC ආයත‍නයේ නිපැයුමක්. වෙබ් අඩවි වල Social System වැඩි දියුණු කරන්න පුළුවන් ආකාරයේ පහසුකම් තිබෙන අතර මෙහි Yii යන්න Yes It Is යන්නෙහි කෙටි යෙදුම ලෙසින් භාවිතා වෙනවා.

Is it fast? ... Is it secure? ... Is it professional? ... Is it right for my next project? ... Yes, it is!
 4) Cake PHP http://cakephp.org/
a piece of cake වැනි යෙදුම් වලින් ගම්‍ය වන අරුත රැගෙන තමයි මේ Cake PHP කියන නම යොදාගෙන Cake software foundation විසින් මෙය නිපදවන්නේ. XSS/CSRF වැනි ආරක්ෂක විධික්‍රමයනුත් රැගෙන තමයි මේ cake php අප වෙත පැමිනෙන්නේ. මෙය නොමිලේ භාගත කර ගත හැකි වන අතර Orginal MVC ලෙසින් මෙය නිපැදවෙනවා. 

CakePHP makes building web applications simpler, faster and require less code.
3) Laravel http://laravel.com/

Tayler Otwell ගේ බුද්ධිමය දේපලක් වශයෙන් පවතින Laravel PHP Framework එක සරල වගේම සිත්ඇදගන්නා සුළු විවිද උපයෝගීතා වලින් සමන්විතයි. විශාල කොටස් ගණනකින් සමන්විත මෙය අධිවේගී PHP නිපැයුම් කිරීමට බොහෝ පුද්ගලයන් විසින් යොදාගන්නවා. අතිශයින් සංකීර්ණ වූ නිපැයුම් පවා නිපදවීමට මෙය යොදාගැනීමට හැකිවීම මෙහි ඇති ලොකුම විශේෂත්වයයි. MySQL, Postgrs වැනි දත්ත සමුදාය පද්දතීන් කීපයක් සමගින්ම මෙයට ක්‍රියා කල හැකියි.

PHP THAT DOESN'T HURT. CODE HAPPY & ENJOY THE FRESH AIR.

 2) Symfony http://symfony.com/
Fabien Potencier හී නිපැයුමක් වන Symfony කියන්නේ අතිශයින්ම ප්‍රසිද්ධ PHP framework එකක් වගේම බලවත් PHP framework එකක්. Speed up creation කියන Goal එක symfony හී goal එකයි. සැකසුම් කිරීම සදහා ඉතාමත් නම්‍යශීලී framework එකක් ලෙසින් symfony හැදින්විය හැකියි.

1) Codeigniter http://ellislab.com/codeigniter
ආධුනිකයන්ගේ සිට වෘත්තිකයන් දක්වා භාවිතා කල හැකි සුමට ආකාරයේ framework එකක් තමයි Code igniter කියන්නේ. දැනට තිබෙන හොඳම Framework එක ලෙසින් හැදින්වූවත් වරදක් දකින්න බැහැ. මෙය Opensource මාදිලියෙන් පැමිනෙන්නක්. Ellis lab ආයතනය විසින් නිපදවන මෙයත් හා සමගාමීව මිලදී ගත යුතු Expression engine එකත් නිපදවනවා. නමුත් Code igniter භාවිතා කිරීමට ee අවශ්‍ය වෙන්නේ නැහැ. PHP ගැන යම් දැනුමක් තිබීම framework එක භාවිතා කිරීමේ ශක්‍යතාව ඉහල නංවනවා. 

Categories:

1 comment:

  1. ඔබගේ සියලු තාක්ෂණික ගැටලු,නිරාකරණය කර ගැනීමට අදම අප හා එකතු වන්න http://lktips.com/discussions

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑