Monday, May 19, 2014

ලිඳ ලගදී ඇහුනු කථාවක්...


"හා සිරියාවතී... උඹ මෙදා පෝයට සිල් ගත්තෙයි." ඒ කරුණා නැන්දාය.

"අනේ නෑ නැන්දේ, පොඩියෙකාට උණ ගැනිලා" සිරියාවතීගේ මුහුණ දුක්බරය.

"ඕකනේ බන් කියන්නේ... තොපිලට මෙච්චර වැදගත් වෙසක් පෝය දවසෙවත් බණක් භාවනාවක් කරගන්න පිනක් නැති හැටියක්" කරුණා නැන්දා ඒ බහත් සමඟින් කළයට දිය පිරවීම ආරම්භ කලාය. කටේ දාගෙන දත් මදින්න යැයි හපමින් පැමිනි කෝටු කැබැල්ල විසි කල මමද තුවායත් බෙල්ලේ පටලවාගෙන ලිද ලඟින් ඈදි ගත්තෙමි.



"මොකෝ නැන්දේ මේ බර කසු කුසුවක්?" මමද අමුතු වචන කීපයක් ඇසුනු බැවින් ඒ දෙසට කන් දිගු කලෙමි.

"උඹ දන්නවැයි පුතේ, අපේ කොල්ලෝ වගයක් ලෝකෙම හොල්ලලා. ඇමරිකාවටත් බැරිව තිබුන බූස් ෆෙකියද මුකක්ද එක හිංගල කරලා. අනේ වාසනාවන්" ඇය චීත්ත පොට උස්සා කදුලු පිස දමයි.

"ඇත්තට" මමද ඇගේ කථාවට දර දමමින් එකතු වුනෙමි.

"ඔව් කොල්ලෝ. උන් ටික මහා ඒජන්ත උන්නාන්සේ වගේ ඒ මුකක්ද එකේ ඉන්න සූර් බාර්ටත් බැරිවුන වැඩක් නොවැ කොරලා තියෙන්නේ. අනේ වාසනාවන්. අද පත්තරෙත් තියෙනවාලු. මම ඉතින් ඔය අකුරු සාත්තරේ දන්න එකක් යෑ." ඇගේ මුහුණ දුක්බරය.

"රේඩියෝ එකේ යනවා කියලා හංදියේ කඩේ එබරං අයියා කීවා." කරුණා නැන්දා දිගටම කෝච්චියක් සේ කියවාගෙන යයි. "හවස් කොරේ කඩේ පැත්තේ ගොහින් එන්ට කියලා මාත් මේ හිතාන උන්නේ" ඒ සිරියාවතීය.

"අනේද කියන්නේ බොල, තොපිට පංසලකට එන්න බැහැ. කඩපිල් ගානේ රස්තියාදු ගහන්න පුළුවන්. අනේ කාලේ වනේ වාසේ කීවාලු." තරහින් පැවසූ කරුණා නැන්දා දිය කළයත් රැගෙන නිවෙස බලා පිටත් වූවාය.

"මාත් යනවා පුතේ. පොඩි එකාට බඩේ ඇම්මක් තිබුනා. මේ වෙද්දී හැම තැනම ගාගෙනද දන්නේ නැහැ." සිරියාවතී නැන්දාද කළය රැගෙන පිටත් වූවාය.

ළිද හිස්වූ බැවින් මාද නාකියාගෙන රැකියාවට යාමට සූදානම් විය.

----------------------------------------------------------------------------------------------------------------

හැන්දෑකොරේ බස් රථය පැමිණෙන තුරු වියලෙමින් සිටි මාගේ ගින්නට වතුර දමමින් බස් රථය පැමිණියේය.

මම පැමිනෙන විටදී හංදියේ තේ කඩය අසල විශාල කසු කුසුවකි... ඒ කුමක්දැයි දැනගැනීමට මමද ඒ දෙසට ඇදුනෙමි.

ඇත්තටම මොකක්ද මේ අද කියන්න යන්නේ. මම කියන්නේ ප්‍රසිද්ධ ලංකාවේ වෙබ් අඩවියක් සිංහලට හැරවීමේ කාර්යය පිළිබඳව පසු විපරමක්.

මුලින්ම මෙම කර්තව්‍යයේ ඉතිහාසය පිළිබඳ කියන්නම්. අවුරුදු ගාණක් පුරා ලංකාවේ l10n (l10n යනු Localization යන වදනේ කෙටි යෙදුමයි. L අකුර ඉන්පසු අකුරු 10ක් හා අවසානයේ N අකුර ඇත)  කරපු ඉල්ලීමට ප්‍රතිපලයක් වශයෙන් ලැබුන දෙයක්. නමුත් වානිජමය අරමුණක් පදනම් කරගත්තු දෙයක් නිසා ලංකාවේ l10n කණ්ඩායමේ බොහෝ පිරිසක් මෙයට සහභාගී වුනේ නැහැ. මන්ද යත් වානිජමය අරමුණක් පදනම් කරගත් යමක් නොමිලයේ කර දීමේ අවශ්‍යතාවයක් හා එහි ඇති යටි අරුත l10n කණ්ඩායමේ බොහෝ පිරිසක් එම කර්තව්‍යට එක් වීම පසුබෑමක් දක්වා වර්ධනය වුනා.

ඉන්පසු මෙය ඉදිරිපත් වුනේ Community translation එකක් විදියටයි. මෙහ කිසිදු ඇඩ්මින්, මැනේජර් වැනි අය නොමැති අතර, ඇත්තේ සියළු දෙනාම සමාන පරිවර්තකයන් පමනයි. නමුත් මෙහිදී එක් වෙනසක් සිදු වෙනවා. මෙහි වචන පරිවර්තකයන්ට ඇතුලත් කල හැකි අතර ප්‍රජාව මගින් එයට ඡන්දය ලබාදීමක් සිදුවෙනවා.

එම ඡන්දයන්ගේ බලගැන්වීමේ ආකාරයක් තිබෙනවා. ඔබ දුටුවා නේද එහි Leader board එක. එහි අනුපිලිවෙලට ඡන්දයේ බලය වැඩි වෙනවා. ඉහලම සිටින කෙනාගේ ඡන්දයේ බලය වැඩියි. එම කරුන නිසා බොහෝ පිරිසක් අනවශ්‍ය ආකාරයේ වැරදි පරිවර්තනයන් යොදමින් තමන්ගේ ගොඩ වැඩි කරගැනීමේ නින්දිත උත්සහයක නිරත වූවා අපිට පැහැදිලිවම දැකගත හැකි වුනා.

එමෙන්ම මෙහි කිසිදු පුද්ගලයෙක් Facebook translation team එක සමගින් ඍජු සම්බන්ධතාවයන් තිබෙන අයළුවන් නොවේ. එම කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ මෙයට පරිබාහිර වෘත්තීමය අයුරකින්. එනම් අපි විසින් පරිවර්තනය කල කිසිවක් දැනට සැබවින්ම ස්ථිර වී නැහැ. තාවකාලිකව පෙනුමට එක්වී තිබෙනවා පමනයි. සිංහල නියමාකාර පරිවර්තනයන් දැනටමත් "පඩි ලබන" සේවකයන් අප ඇතුලත් කල වචන යොදාගෙන පරිවර්තනය කිරීම අරඹා හමාරයි.

එසේනම් බළලුන් ලවා කොස්ඇට බෑවා යයි කියන කථාවේ නව අරුතක් අප ලබාදී ඇතිදැයි අප විසින් අපෙන්ම ප්‍රශ්ණ කල යුතුයි.

I report, You decide !

Image http://www.nature.com/news/2006/060509/images/060508-5.jpg

Categories:

13 comments:

  1. :3 පිශ්ශුද අයිසේ... මම තමයි මේ කර්තව්‍යයේ ප්‍රධානියා.... ගෘප් admin නුත් මම ...

    මම නැත්තන් තොපිට සිංහල තියේවි... පල ඩො යන්න... මං පොර :/ ඈහ්හ්

    ReplyDelete
  2. අහෝ දුකකි හොකෑස් දෙකකි!

    ReplyDelete
  3. උඹ ඔය ළිං ගාවට යන්න එපා වැඩිය..

    ReplyDelete
  4. Ale Kate wallapattayak daanna hithenawa bn Ube :D

    ReplyDelete
    Replies
    1. @pramod: කබර හූනෙක් දාමුද බං

      Delete
    2. කරන දෙයක් මාව බේරලා :3

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හප් හප් මගෙ පිත්තු කොල්ල ^_^ :*

    ReplyDelete
  7. ලිද ළඟට ගියොත් ඉවරයි

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑