Sunday, June 15, 2014

පරිවර්තන මැරතන් එකක් දුවමුද? 2014


මැරතන්, පරිවර්තන! මොකක්ද?

මුලින්ම ගොඩ දෙනෙක්ගේ ඔලුවට ආපු ප්‍රශ්ණය වෙන්න ඇති.

පරිවර්තන මැරතන් එකක් කියන්නේ මහා සමාජ සත්කාරයක්. මොකද නිදහස් හා විවෘත මෘදුකාංග අපේ භාෂාවට හැරවීමයි එතනදී වෙන්නේ. දැන් බුකිය සිංහලට හරවලා ඉන්නේ ෆුල් කික් එකේනේ නේද? ඉතින් ඒ ගැම්මත් හිතට අරගෙන 2014 පරිවර්තන මැරතන් එක දුවමු. මුලු ලංකාව පුරාම විශ්ව විද්‍යාල, ආයතන, පුද්ගලයන් එකතු වෙලා එක තැන ඉඳගෙන දුවන මැරතන් එකක් තමා මේ.

අනේ මන්දා අපිට නම් වතුර ගහපු සිද්ධි එහෙම මොකුත් මතක නෑලු ඕං...

ලංකාවේ පලවෙනි පරිවර්තන මැරතන් එක තිබුනේ 2010 අප්‍රේල් මාසේ 27 වැනි දිනක. ඉතින් ඔන්න දැන් ආයෙත් මැරතන් එකක් දුවන්නයි සූදානම.

දෙවනි මැරතන් එකේදී මෙන්න මේ කියන දේවල් පරිවර්තනය ලෑස්ති වෙලා ඉන්න...

  • Fedora
  • Mozilla
  • LibreOffice
  • Debian
  • Gnome
  • KDE 
  • Sugar Desktop
  • Sahana Eden
  • XFCE
  • Wordpress
  • Ubuntu 
සිංහල හා දමිල යන භාෂා ද්විත්වයෙන්ම මෙම මැරතන් එක පැවැත්වෙනවා. ඉතින් කීබෝඩ් හෙම සුද්ද කරගෙන ලෑස්ති වුනානම් තමා කාරිය.

මේ මැරතන් එක මෙදා පාර මෘදුකාංග නිදහස් දිනයට හා හන්තාන ලිනක්ස් පස් වන සැමරුමට සමගාමීව පැවැත්වෙනවා.

ඔබ උසද? කොටද? (වැඩිපුරම මේ ප්‍රශ්ණය බලපෑ බ්ලොග් කරුවා බටු ශාන්)

මහතද? කෙට්ටුද?

සුදුද? කලුද?

ටෙක්නිකල් පොරක්ද? නැද්ද?

මේ කිසිම දෙයක් අදාල වෙන්නේ නැහැ. අවම තාක්ෂණික දැනුමක් ඇති අයටත් විශාල ව්‍යාපෘති වලට සහාය දක්වන්න ලැබෙන දුලබ අවස්ථාවක් තමා මේක. ඉතින් අපිත් එක්ක එකතු වෙන්න.

වැඩි විස්තර සඳහා ඩනිශ්ක නවීන් සම්බන්ධ කරගන්න.



Categories:

4 comments:

  1. මේ සදහා සහයෝගය ලබා දීමට මා බලා පොරත්තු වන අතර හැකි ඉකමනට වගකිය යුතු අයවලුන් සමග සම්බන්ද වීමට කටයුතු කරමි

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම අතුපතු ගාන අස්පස්කලන වැද වලත හලි සහය ඩෙන්නම් ^_^

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑