Saturday, June 7, 2014

අපිට ඇත්තේ අරමුණු දෙකකි, ඒ එකක් ඔබ ගැනයි. අනෙක රට ගැනයි.

ජීවිතයක් කියන්නේ හරිම පුදුම සහගත දෙයක්. මොකද මම එහෙම කියන්නේ මගේ ජීවිතේ එහෙම දෙයක් නිසා. ඇත්තටම ඒක එහෙම දෙයක්ද?

පුංචි කාලේ මගේ එක වසරේ ගුරුතුමිය කියව්වා "හිමේෂ්, ඔයා හිතන්නේ හරි අමුතු විදියට" කියලා. ඒ මම එහෙම නිසාද?
නැතිනම්... කොහොම හරි අපි හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමා ජීවිතේ කියන්නේ. සමහරු ජීවිතේ ජීවත් වෙනවා. සමහරු විදවනවා... අපි හැමෝම එකම විදිය නෙමෙයිනේ.

සමහර විට මම අමුතු ළමයෙක් වෙන්නැති. ඒකනේ ඒ විදියට ගුරුතුමී කියව්වේ. ඒත් කොහොම නමුත් ජීවිතේ කියන්නේ ජීවිතේට. වෙන දෙයකට නෙමෙයි.

වැදගත් වටිනාකමක් ඇති විදියට ජීවත් වෙන්නයි උවමනා. කෙලින්ම කියනවානම් ජීවිතේ තියෙන්නේ විදවන්න නෙමෙයි විදින්න. ඒත් අපි ජීවිතේ විදිද්දී තවත් පිරිසක් ජීවිතේ විදවනවා නම්...

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා... වල් කොල බිම අතුල නිදි නොලැබ දුක් ආදි වශයෙන් ඉගෙනීමේ අගය මනාව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් දුෂ්කර පාසලක ලමුන්ට ඉගෙනීමෙන් ඉදිරියට එන්න දිරියක් වෙන්නයි අපේ අරමුණ.

ලංකාවේ බොහෝ පාසල් තියෙනවා නිසියාකාර පහසුකම් නැති.

අන්න ඒ වගේ දුෂ්කර පාසලක දක්ෂ දරුවන් පිරිසකට ඒ අයගේ අධ්‍යාපනය සාර්තක කරගන්න උදව් කරන්නම ආරම්භ වුන alhelp.org සිතැඟි වැඩසටහනේ දෙවන අදියර ලඟ ලඟම එනවා. වැඩි විස්තර දැනගන්න වගේම මේ සමාජ සත්කාරයට උදව් වෙන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න.

අමතන්න -         හිමේෂ් +94 75 68 40 663
                  මහේෂ් +94 71 61 50 531
                  ධනන්ජ +94 71 52 00 799
                  රජිත +94 75 53 25 331

වැඩි විස්තර Facebook හරහා - fb.me/alhelp.org

Categories:

3 comments:

  1. මාස දෙකක් ඉවසපන් රත්තරනේ....

    ReplyDelete
  2. ඩොමේන් එක වෙනස් කරාද ?
    :o ජැපනීස්

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑