Tuesday, June 24, 2014

ප්‍රශ්ණ හා පිළිතුරු වටය බට්ටා සමඟ.


වැඩක් නැති එකේ බටුවාත් එක්ක වෙබ් ඩිසයින් ගැන ඌට තියෙන ප්‍රශ්ණ අහන්න ඒවාට උත්තර දෙන්න සෙට් වුනා චැට් එකේ. මෙන්න ඌට තිබුන ප්‍රශ්ණ.
ප්‍රශ්ණය 01-

අපි වෙබ් සයිට් එකක් අපේ මැසිම ඇතුළේ හදලා
ඒක අප්ලෝඩ් කරන්නේ සර්වර් එකකටනේ?
එතකොට අපි මැසිම ඇතුළේ සයිට හදන වෑම්ප් xamp වගේ සර්වර්වලයි අර අප්ලෝඩ් කරන සර්වර් වලයි වෙනසක් තියේනෙ
ඒ ජාති දෙකක්ද? එහෙමනං එව්වට කියන නම් මොනාද කියලයි දැනගන්නෝනෙ මට
නැත්තං අපි අප්ලෝඩ් කරන එක සර්ව‍්ර් මැසිමේ සේව් කරලා එළියට දෙන්නේ
වෑම්ප් xamp ජාතියෙම සර්වර්වලින්ද

පිළිතුර -

මෙහෙමයි. අපි සර්වර් එකේ දුවන OS එකේ ඉදලා ගන්න ඕනේ බලන්න. දැන් අපි මැසිමට දාලා සාමාන්‍යයෙන් රන් කලාම ගන්නේ බන් වින්ඩෝස් උඩනේ උඹේ මගේ දුවන්නේ. ඒත් ගොඩක් සර්වර් වල තියෙන්නේ ලිනක්ස්. උදාහරණයක් විදියට අපේ eezpal.com සර්වර් එකේ දුවන්නේ cent os, එතකොට ඒක මත apache, Mysql වගේ සේවාවන් ඉන්ස්ටෝල් වෙනවා. ඒ ලිනක්ස් වර්ශන්. අපි ගන්නේ ඒ සේවාවන් වල වින්‍ඩෝස් වර්ශන්. එතනයි මූලිකම වෙනස තියෙන්නේ



ප්‍රශ්ණය 02-

එතකොට වෑම්ප් එකෙන් වෙන්නේ apache, Mysql, PHP වගේ එව්වා ඉන්ස්ටෝල් වෙන එක
?

පිළිතුර -

ඔව්. ඒ ටික රන් කරවනවා අපේ මැසිම උඩ. එතකොට අපිට PHP MySQL පාවිච්චි කරන්න පුළුවන්



ප්‍රශ්ණය 03-

අපිට එව්වා වෙනම ඉන්ස්ටෝල් කරන්න බැරිද?
එහෙම කරොත් එව්වා හරියකට අපේ මැසිමේ රන් කරවන්න වෙනම ප්‍රොග්‍රෑම් එකක් ඕන වෙනවද?
ඒ ප්‍රෝග්‍රෑම්ස් එක්කම එන නිසාද අපි එව්වා වෙනම ඉන්ස්ටෝල් නොකර වෑම්ප් ඉන්ස්ටෝල් කරන්නෙ
පිළිතුර -

අපිට පුළුවන් ඒ ටික වෙන වෙනම ඉන්ස්ටෝල් කරලා කන්ෆිගර් කරන්න. ඒත් ඒක නිකන් බොරුවට මහන්සි වෙන්නේ ඇයි WAMP හරි Xaamp හරි තියාගෙන.



ප්‍රශ්ණය 04-

අහ්.. වෑම්ප් සර්වර් එක ඔන්ලයින් දැම්මාම නෙට්වර්ක් එකක් හරහා වෙබ් සයිට් එකක් විදියට අපේ මැසිමෙන්ම එළියට දාන්න පුලුවන්ද? මම මේ ඉන්ස්ටෝල් කරන හැටි ගැන පොඩි පෝස්ට් එකක් කියෝන ගමන්
ඒකෙ තිබ්බේ 
පිළිතුර -

ඔව්. Server එක Online දාන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ අපේ රවුටර් එකෙන් පොඩි පෝට් ෆෝවර්ඩ් කිරිල්ලක් යනවා. ඩොන්ගල් තියෙන අයට නම් කරගන්න බැහැ. එතකොට අපේ Public IP එක ගහන ඕනම කෙනෙක්ට සයිට් එක බලන්න පුළුවන්. No-IP වගේ සේවාවක් හරහා අපිට පුළුවන් Domain name එකක් වුනත් දෙන්න.



ප්‍රශ්ණය 05-

MySQL
apache
මෙව්වා ලැංවේජ්ස් ද?
පිළිතුර -
නැහැ. MySQL කියන්නේ ඩේටාබේස් එකක්
සොරි ඩේටාබේස් මැනේජ්මන්ට් සිසටම් එකක්. රිලේශනල් ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ ඒකට
RDBMS
Apache කියන්නේ වෙබ් සර්වර් එක. HTTP සර්වර් එකක්.

Categories: ,

2 comments:

  1. Vps eka gana sinhalen kiyala dnna puluwanda

    ReplyDelete
  2. Vps eka gana sinhalen kiyala dnna puluwanda

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑