Tuesday, June 24, 2014

බ්ලොගර් වලට කී Effect එකක්

බොහෝ දෙනෙක් බ්ලොගර් භාවිතා කරනවා වගේම විවිධාකාර ටියුටෝරියල් ලියනවා. ඒ වගේ අය බොහෝ වෙලාවට කෙටි මං යතුරු (Short cut keys) පෙන්නුම් කරන්නේ නිකම්ම Ctrl+f5 වගේ. ඒත් ඊට වඩා පොඩ්ඩක් විතර ලස්සනට කොහොමද කෙටි මං යතුරු පෙන්නුම් කරන්නේ කියලා මම පොඩ්ඩක් හිතුවා.
මුලින්ම බ්ලොගර් ඔපන් කරගන්න. මේ කෙටිමං යතුරු Effect එක එකතු කලාම පෙන්නුම් කරන්නේ මෙන්න මේ වගේ.


මෙන්න වැඩ කරන Effect එක.  Ctrl + F5

මුලින්ම තමන්ගේ බ්ලොග් එක Open කරගන්න. දැන් ඒකේ Template කියන තැනට යන්න. එතනින් Edit html කියන කොටස තෝරාගන්න.

තෝරාගෙන මෙන්න මේ කේත කොටස <style type='text/css'> කියන තැන හොයාගෙන එතනින් පේස්ට් කරන්න.

kbd {
    border: solid thin #BBB;
padding: 15px;
border-radius: 4px;
background-color:rgba(238, 238, 238, 0.09);
font-weight: 900;
font-family: monospace;
margin: 5px 5px 5px 5px;
box-shadow: inset 0px 0px 10px rgba(0, 0, 0, 0.19);
}
kbd:hover{
    box-shadow: inset 0px 0px 10px rgba(0, 0, 0, 0.8);
}

දැන් සේව් කරගන්න. </style> කියන කේතය හොයාගෙන ඊට හරියටම ඉහලින් මේ කොටස එකතු කරගන්න එක වඩාත් හොදයි. කෝකටත් කියලා මුලින්ම බැක්අප් එක්ක අරගෙන ඉන්න.


දැන් තමන්ගේ බ්ලොග් එක ලියද්දී HTML view එකේදී <kbd>ctrl</kbd> කියලා ටයිප් කරලා බලන්න. මේක හැදෙන්න ඕනේ මෙහෙමයි.

<kbd> තමන්ගේ කී එක </kbd>

එතකොට පේන්නේ මෙහෙමයි.

තමන්ගේ කී එක

එහෙමනම් ඇඩ් කරගෙන බලන්න. පොඩි CSS trick එකක්.

Categories:

4 comments:

  1. මම ලියන්නේ නැති නිසයි වැරදිලා හරි ලිව්වත් ටෙක් ලිපි ලියන්න දන්නෙ නැති නිසයි මට වැඩක් නොවුණත් ටෙක් ලිපි ලියන එවුන්ට මරු.. කියවන එවුන්ටත් ලේසි වෙයි

    ReplyDelete
  2. jQuery ටිකකුත් දාල අනල ගත්තනං ම්ම්ම්..

    ReplyDelete
    Replies
    1. jQuery අහවල් එකටද බන්. නිකමට පෙන්නන්න හැදුවේ. :)

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑