Wednesday, June 4, 2014

Keon එකට සිංහල ෆොන්ට් එක දාගැනීම

ඩනිෂ්ක අයියාට පිංසිද්ධ වෙන්ට මටත් Keon device එකක් ලැබුනා. හැබැයි මගේ ආපු වර්ශන් එකේ සිංහල නැහැ. ෆ්ලෑෂ් කරගන්නවාට වඩා සිංහල දාගන්න එක හොඳයි කියලා හිතුනා. මුලින්ම Keon device එකේ Settings වලට යන්න. මම මේකට භාවිතා කරන්නේ Firefox web browser එක් එක්ක එන Simulator එක.

දැන් මේකෙන් Device information තෝරලා ඒකෙන් More information තෝරන්න. එතනින් යටම තියෙන Developer තෝරාගෙන ඒකෙන් Remote debugging තෝරාගන්න.
දැන් adb tool තියෙන අය ඒක විවෘත කරගන්න. නැතිනම් adb (Android සම්බන්ධ ඩිවලපර් අය දන්න දෙයක්) භාගත කරගන්න. පොඩි ටූල් එකක්. 

ඊට පස්සේ http://www.siyabas.lk/downloads වෙතින් මලිති වෙබ් ‍‍ෆොන්ට් එක භාගත කරගන්න. මම ඒක භාවිතයේ පහසුව සඳහා si.ttf කියලා රී නේම් කරගත්තා.
දැන් කමාන්ඩ් ලයින් එක ඕපන් කරගෙන, මේ කොමාන්ඩ් වලින් සිංහල දාගන්න පුළුවන්. මුලින්ම adb remount කියන විධානය පාවිච්චි කරන්න. එතකොට ෆෝන් එක රී මවුන්‍ට් වෙයි adb වලට. තමන්ගේ ඩිවයිස් එක අදුරාගෙනද කියලා බලන්න නම් adb devices කියන එක පාවිච්චි කරන්න.

දැන් ෆොන්ට් එක system/fonts/ කියන ෆෝල්ඩර් එකට push කරගන්න. ඒකට adb push si.ttf system/fonts/ කියන විධානය භාවිතා කරන්න. මෙහි structure එක වෙන්නේ,

adb push {file} {destination} යන්න.

දැන් ෆෝන් එක අපිට adb වලින්ම රී බූට් කරගන්න පුළුවන්. ඒ දෙය කරගන්න adb reboot කියන කොමාන්ඩ් එක පාවිච්චි කරන්න. දැන් සිංහල කියවාගැනීමේ හැකියාව අපිට ෆයර්ෆොක්ස් os එක මත තියෙනවා. තවමත් සිංහල ටයිප් කිරීමේ පහසුකම ලැබිලා නැහැ.



Categories:

6 comments:

  1. මුලින් ඔය ඩිවයිස් එකක් ගන්න එපැයි :3

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මේකේ root අරවා මේවා කතන්දර නැද්ද

    ReplyDelete
    Replies
    1. නැහැ. එහෙම කිසි දෙයක් නැහැ

      Delete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑