Wednesday, July 30, 2014

පරණ Project files නොමැත

මගේ අවුරුදු 7ක් පරණ පරිගණකයේ Mother board එක ලඟදී අභාවප්‍රාප්ත වුනා. ඒ ප්‍රීතිය නිමිත්තෙන් අළුතින් පොඩි ලැපක් ගත්තා.

Acer Aspire E1-572 තමා මොඩල් එක. ලංකාවේ Acer මාකට් කරන්නේ දැන් Metropolitan නේ. එයාලාගේ නුවර ශාඛාවෙන් තමා මිලයට ගත්තේ.

Processor එක Core i5 4200U එකක්. 1.6GHz ස්පීඩ් එකක් තියෙන්නේ. Turbo එකේදී 2.6GHz වෙනවා. රැම් එක දැනට 4GB, අනිත් 4GB කාඩ් එක තවමත් ලැබුනේ නැහැ. ස්ටොක් ඉවර වෙලා. ස්ක්‍රීන් එකෙත් කොලිටිය ගොඩක් හොදයි. එකම අවුල විව් රේන්ජ් එක 150' වගේ තියෙන්නේ. ඒත් HD LED එකක්. ඒක නිසා ලොකු ප්‍රශ්ණයක් නැහැ.

500GB ඩිස්ක් ටයිප් හාඩ් ඩ්‍රයිව් එකක් තියෙන්නේ. පර්ෆෝමන්ස් වල ලොකු ගැටලුවක් තවමත් දැනුනේ නැහැ. ඒත් කොහොමත් SSD එකක් තරමට නැහැනේ. ;)

M-disk ready DVD super multi DL එකක් තමා ඔප්ටිකල් ඩ්‍රයිව් එක විදියට තියෙන්නේ. Wifi b/g/n තියෙනවා. ඒ වගේම Bluetooth තියෙනවා. බ්ලූටූත් වයිෆයි ඉතින් දැන් එන හැම ලැප් එකකම වගේ තියෙනවානේ.

4Cell Lithium Ion බැටරියක් තියෙන්නේ. දැන් ෆුල් චාර්ජ් තියෙන වෙලේ මම ප්ලග් එක Off කලා. බැටරියෙන් 5Hrs 14Mins දුවන්න පුළුවන් කියලා පෙන්නුවා. ඔය කිව්වාට පැය හතර හමාරක් වගේ තමා Cooling pad එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.

කලින් තිබුන Pentium 4 (ht) 3.0GHz එකත් එක්ක බලද්දී නම් ලොකු වර්ධනයක්. මොකද 1.2GB රැම් එකක ඉඳලා 4GB රැම් එකකට මාරු වුනානේ. දැනට දාලා තියෙන්නේ Windows 8 (නැහැ. ක්‍රැක් කරලා නැහැ ;) )

අළුත් ගියර් එකත් එක්ක ඉස්සරහාට අළුත් වැඩ ටිකක් ගේන්න තමා බලාපොරොත්තු වෙන්නේ. මොකද දැන් වීඩියෝ ටියුටෝරියල් හදන එක ඉස්සර තරම් අමාරු නැහැ.

කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි වුන නිසි මේක දැම්මේ.

Categories:

4 comments:

  1. වීඩියෝ ටියුටෝරියල්ස් ඇරෙන්න ඩේටා ඉතුරු කරගෙන බලන්න පුලුවන් දෙයක් හදන්න බැරිද උඹට >:(

    ReplyDelete
  2. පළමුවෙන්ම ඔබ desk top කොම්පියුටරයේ ඉඳලා lap top එකකට මාරුවීම ගැන සුභ පතනවා. ඒ උනත් ඔබ මහත් අබිරුච්යෙන් විස්තර කරන lap top එකේ technical details ගැන නම් මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. මමත් මිට මාස 3 ට පෙර lap top එකක් ගත්තා.හැබැයි desk top එකත් තවම හොඳින් වැඩ කරනවා. කරදරයක් නැත්නම් ඔබ කියල තියෙන විස්තර සරලව පැහැදිලි කරන්න පුලුවන්ද?

    ReplyDelete
  3. KMPlayer ඒක භාවිතා කරනවනං මෙන්න මේ සොෆ්ට්වෙයා ඒකත් පාවිච්චි කරන්න, මේකෙන් පුලුවන් KMPlayer ඒකේ තියෙන අැඩ් සම්පූර්ණයෙන්ම අයින් කරන්න..
    Size : 145Kb
    screenshot : goo.gl/RSCEtz
    Download link : goo.gl/YWltcD

    Thank you

    ReplyDelete

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑