Tuesday, September 30, 2014

SLT හා අළුත් යූසේජ් මීටරය

SLT එකේ අළුත් යූසේජ් මීටර් එකට මම ලඟදී මාරුවුනා පැකේජ් එක මාරුකරපු නිසා.

කලින් එකෙන් නම් අපි කොහොමද පාවිච්චි කලේ කියලා බලාගන්න පුළුවන්. ඒත් අළුත් මීටරෙන් ඉතිරිවෙලා තියෙන ගාන විතරයි පෙන්නුම් කරන්නේ. අළුත් පෙට්ටි දෙකේ මීටරේ විකාරයක් වගේ. පේන විදියට SLT එකෙන් මිනිස්සුන්ව අන්දන්න කරන උපායක්. අපිට අපි පාවිච්චි කරපු ඩේටා වල විස්තරයක් ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ.

අළුත් පැකේජ් එකට මාරුවුනාට පස්සේ මට මුලින්ම ආපු ප්‍රශ්නේ 8Mbps ස්පීඩ් දෙනවා කීවාට මට එන්නේ 1.2-1.5Mbps අතර වේගයක්. 8Mbps එකකට ගෙවලා 1.2Mbps ගන්නේ කහනවාටය කියලා කෝල් 4ක් විතර ගත්තා SLT එකට. කොහොම හරි මගේ මැසිමේ නෙමෙයි අවුල ලයින් එකේ කියලා ඒත්තු ගන්නලා වේගේ ටිකක් දුරට හදාගත්තා. දැන් 6Mbps එනවා. ඒත් ඉතින් තව 2Mbps මදි. ලයින් එකේ කන්ඩිශන් නම් ගොඩක්ම හොදයි.



කොහොම හරි අද යූසේජ් එක බලද්දී මේ විදියට තමයි මීටරේ පෙනුනේ.

පෙට්ටි දෙකේ මීටරේ දැක්කාම විකාර වගේ. නිකන් ඉන්න බැරිකමට ########ගෙන් ඇහුවා මොකක්ද බන් මේ හරුපේ කියලා.

ඔතන කහපාටින් පෙන්නලා තියෙන මීටරේ නිකං මීටරයක් කියලා තමයි කියව්වේ. SLT එකේ චැට් එකෙන් ඇහුවා ඇයි මගේ ස්පීඩ් එක අඩු. ලයින් කන්ඩිෂන් එකත් හොදයි නම් කියලා.

http://pastebin.com/D5YYZwmX

ඔය ලින්ක් එකෙන් චැට් එක සේරම කියවන්න පුළුවන්. ඒ පාර කියනවා මගේ ස්පීඩ් එක රෙඩියුස් කරපු නිසාලු මට 6Mbps එන්නේ (බලන්න හසන්ත මහත්තයෝ ආශ්චර්යය)

කොහොම හරි මට තවම තේරුමක් නැහැ මේ පෙට්ටි දෙකේ මීටරේ වැඩ කරන හැටි. දන්න කෙනෙක් කියාදෙත්වා.

ප.ලි.- මේකේ නමක් දාලා තිබුන කෙනෙක් නම අයින් කරන්න කීව නිසා ඔන්න නම අයින් කලා.

ඕක ගැන ඊට පස්සේ මොකෙක් හරි දස අලුගුත්තේරු කතාවක් කව්රු හරි කිව්වොත් මටත් යකා නගිනවා ඊළඟට

ඔන්න ඕකලු හේතුව නම දාන්න එපා කියපු.

Categories:

Sunday, September 21, 2014

කාලෙකින් බ්ලොගේ පැත්තේ ගොඩවුනා

ඔන්න ඉතින් කාලෙකින් ආයතේ බ්ලොගේ පැත්තේ ලොග් වුනා. මටත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් වුන නිසායි ආයෙත් ගොඩවැදිලා යන්න ආවේ. හැබැයි නිකන්ම නෙමෙයි...

Categories:

Copyright © ළහිරුගේ සිංහල Blog අඩවිය - සිංහල බ්ලොග් | Powered by Blogger

Design by Anders NorenUp ↑